(නිමන්ති රණසිංහ)
සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 3 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ පළමු සහ දෙවැනි සැකකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජිව මදනායක යන අය අද අධිකරණයට ඉදිරිපත් නොවූ අතර ඔවුන් දෙදෙනා ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පවතින නඩුවකට අදාළව මහර බන්ධනාගාරගතව සිටින බවට තොරතුරු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
සොහොයුරන් දෙදෙනෙක් අතර සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් බාල සොහොයුරා විසින් අතින් හිසට පහරදී වැඩිමහල් සොහොයුරා ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජිතගේ සුදුවෑන් නඩුව කල්යයි
Raveendra Thursday, 27 February 2020 07:30 AM
පේනවා නේද සත්ගුණවත්, පාරිශුද්ධ පින්වත් රූපකාය... මෙවන් අයට ස්වභාවධර්මයා විසින් දඬුවම් ලබාදෙනවිට තොග වශයෙන් අඹුදරුවන්ටද ලැබෙනු ඇත. ඒවා අනාගතයේදී ලංකාවාසීන්ට දැකගැනීමට හැකිවෙනු ඇත.
Tazan Thursday, 27 February 2020 08:34 AM
අන්තිමට රාජිතත් රංජාවගේ ලංකාවේ වීරයෙක් වෙයිද දන්නේ නැහැ.
chinthakaThursday, 27 February 2020 09:49 AM
කියන්නත් බැහැ තමයි. මොකද ඔය පක්ෂේ ඉන්නේ අර "අසුවල් නිළියව" "කරු ජයසූරිටත්" වැඩියෙන් මනාපෙන් පාර්ලිමේන්තුවට පත් කරලා යවපු උම්මන්තකයින් ටිකක්නේ....
athuraFriday, 28 February 2020 03:38 AM
කොයි පක්ෂයත් එකයි... ඉන්නේ උම්මත්තකයින් තමයි.. ඔන්න මලේ ලකුණ... පක්ෂයෙන් නළු නිළියන් පෝලිමකට.... මේ පාර නාම යෝජනා දෙන්නයි යන්නේ...
අපි පව් Thursday, 27 February 2020 09:30 AM
අවසානයේ එයද මාධ්‍ය සංදර්ශනයක් පමණක් විය.
dilan Thursday, 27 February 2020 09:51 AM
අර "සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් තෝරාගන්න ඉන්ටර්විව්" එකෙන් මෙතුමාගේ අයැදුම්පත මොනවා වේවිද ඔයගොල්ලෝ හිතන්නේ...?
de silva Thursday, 27 February 2020 02:12 PM
රාජිත කියන්නේ දශක 3-4 ඉඳන් රට පාලනය කරන පවුල ළඟින් ආශ්‍රය කරපු දැනුත් කරන පුද්ගලයෙක්.. මේ ගොල්ලන් අපට පෙනෙන්න බොරු මාධ්‍ය සංදර්ශන පෙන්නුවට, ඔක්කොම එක පැලැන්තියක... මේ නඩු සේරම අවුරුදු 10-15 බොරුවට ඇදිලා ගිහින් මොහු නිකන්ම නිදහස් වෙනවා. ලබන ඡන්දෙදී පක්ෂ, පාට කුමක් වුණත් මේ බොරු කියන, පරණ චරිත වලට මනාපේ නොගහ ගෙදර යවමු.. අලුතෙන් දමන පැරෂුට් කාරයින්ට මනාපේ ගහමු...
de seramThursday, 27 February 2020 03:11 PM
වැඩක් නැහැ... ජාතික ලැයිස්තුවෙන් එනවා.
Perera Thursday, 27 February 2020 05:44 PM
මේවා බලනවා, මේවා අහනවා මේවගේ අයට නැවත නැවත ඡන්දෙත් දෙනවා ඊට පස්සේ බැන බැන ඉඳලා ඊළඟට එන ඡන්දෙදි අනිත් පැත්තේ අයට දීලා පත් කරගන්නවා ඊටපස්සේ ඒ අයත් කරන්නෙත් කලින් කරපු රැවටීම් වලටයි රඟපෑම් වලටයි වැඩි වෙනසක් නැති දේවල් නිසා බැන බැන ඉන්නවා.
de silva Thursday, 27 February 2020 07:08 PM
ද සේරම් මහත්මයා, ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට.
Wasantha Thursday, 27 February 2020 07:14 PM
මේ රටට කාගේ සරණද.?
pradeepa Monday, 02 March 2020 07:23 AM
සුජතා අක්කේ බිය නොවන්න රාජිත අයියා බේරා ගන්න සැටි මම පෙන්වන්නම්, මෙයට වංශ මල්ලි...