(ඩයනා උදයංගනී)
ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රධානී සහ1952 සිට 1972 දක්වා මෙරට අගරැජිණ ලෙස ද කටයුතු කළ දෙවන එළිසබෙත් රැජිණගේ අවසන් කටයුතු පැවැත්වෙන 19 වැනිදා දිනය රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කළ ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම නිවාඩු දිනය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීමේදී බාධාවක් නොවිය යුතු බව ද ලේකම්වරයා සිය නිවේදනයේ දක්වා ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැජින වෙනුවෙන් 19 රජයේ නිවාඩු
Prabha Tuesday, 13 September 2022 12:00 PM
අනේ මෙහෙමත් රටක්. වැටිලා ඉන්න අගාධයෙන් ගොට එන්න වැඩිපුරත් වැඩ කරනව වෙනුවට නිවාඩු. දැන් ඉතින් එදාට ගෙදරට වෙලා දුක යනකම් අඩන්න තියෙන්නේ.
බී අමරසිංහ Tuesday, 13 September 2022 12:27 PM
එංගලන්තයේත් ඉවාඩු දීලද?
යකාගෙ නීතිය Tuesday, 13 September 2022 12:27 PM
අවමගුල් උළෙලට සහභාගී වෙන පිරිස් සදහා ආන්ඩුව බස්රථ කිහිපයක් නොමිලේ ධාවනය කිරීමට තීරනය කර ඇත. සහභාගි වීමට කැමැත්තෝ අරගලභූමියට (ගාලුමුවදොර) පිටියට උදේ 8.00පෙර පැමිනෙන්න
de silva Tuesday, 13 September 2022 01:22 PM
වැටිලා තිබෙන අගාධයෙන් ගොඩ එන්න නම් සතියට දින 5 නොවේ 6 ක් පමණ වැඩ කරන්න ඕනි. දෙවැනි ලෝක යුද්ධයෙන් කුඩු පට්ටම් වෙලා ගිය ජර්මින ජපානය නැවත අවුරුදු 10-15 තුළ ලෝක ආර්ථිකයේ ඉහළටම නැග්ගෙ මහන්සිවෙලා වැඩ කරලා මිසක් නිවාඩු පිට ඉඳලා නොවේ. රැජිනගේ අවමඟුල් කියලා 19 වැනිදට යුරෝපයේ කිසිම රටක් හෝ නාම මාත්‍රික රැජිණ නාම මාත්‍රික රාජ්‍ය නායකයා වශයෙන් සලකන ඔස්ට්‍රේලියාවත් නවසීලන්තයෙත් 19 වැනිදා නිවාඩු දිනයක් කරලා නැහැ. අපි යන්නේ දිනෙන් දින අගාධයට.
sathyapala Tuesday, 13 September 2022 02:06 PM
කෝවිඩ් වසංගතයත් රටේ තිබුණු කලබලකාරී තත්ත්වයෙනුත් නිසා පසුගිය වසරවල රට වසා තැබූ වාරගණන ඉතා ඉහළයි. එයින් රටේ ආර්ථිකයට වුණු පාඩුවද අති මහත්... එවැනි තත්වයක් තිබියදී කොහේදෝ යන වසර 96 ක් ජීවත්ව මියගිය මිත්තණියකට ගරු කරන්නට රටට නිවාඩු දෙන්නට තරම් රටක් කිරීම නින්දිත වැඩක්. කරුණාකර එයට වහා විරුද්ධ විය යුතු බව තේරුම්ගෙන වහා එදින නිවාඩුව අවලංගුකර වැඩට යන්නට බලපෑම් කළ යුතුයි. ආර්ථිකයට වන බලපෑම අමතක කර අමතර නිවාඩුවක් අවශ්‍ය නම් එය වෙනත් දිනයකට ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
patrol Tuesday, 13 September 2022 02:30 PM
අපරාදෙ පෙට්‍රල් නැතිකළේ... රැජිණ මැරුණා නම් කෙළින්ම සති දෙකක ෂෝක කාලයක් ප්‍රකාශ කරලා, රටම වහලා දමලා, රැජිනගේ පිටින් ආණ්ඩුවේ විලි වහගන්න තිබුණා.
pakeer Tuesday, 13 September 2022 02:35 PM
අනුකම්පා හිතිලා ආයෙත් අපිව ආක්‍රමණය කළොත්...!
පිටරැටියා Tuesday, 13 September 2022 02:38 PM
කොහෙවත් ඉන්න රටක රැජිනක් මියගියා කියලා ලංකාවේ නිවාඩු දුන්නාට මේ රටවල් එහෙම නැහැ. අමුතුවෙන් කියලා නිවාඩු දුන්නත්, නැතත් වැඩක් නැහැ. වැඩිපුරම ඉන්නේ නිවාඩු පිට...!
Vira Tuesday, 13 September 2022 04:07 PM
පුද්ගලික ආයතනවල ඉන්න අපිටත් දුකයි... අපිටත් නිවාඩු දෙන්න.
Roshan Tuesday, 13 September 2022 04:36 PM
හැම දේකටම රජයේ සේවකයින්ට නිවාඩු. ඒ අයට අමුතුවෙන් නිවාඩු දෙන්න දෙයක් නෑ.. 365 දවසේම පිනට පඩි අරන් ඉන්නේ..!
Dayal Tuesday, 13 September 2022 04:54 PM
සර්ව රාත්‍රික පිරිත් සහ බෝධි පූජා තබන්නත් එදිනට අනිවාර්ය කරන්න.
BamunuarachchiWednesday, 14 September 2022 06:09 PM
සිංහල අපිව වඩුග දෙමළ රජවරුන්ගෙන් බේරාගෙන අපේම නායකයින් පත්කර ගැනීමට සැලැස්සුවාට ඔබලාට ස්තුතියි...! එසේ නොවූවානම් අපිට සර්ව රාත්‍රික පිරිත් සහ බෝධි පූජා තබන්නත් වෙන්නේ වඩුග රජුන්ට කියලා අමතක කරන්න එපා. දෙවන ලෝක යුද්ධයේදී අපි ජපන් ආක්‍රමණයෙන් බේරුණේ බ්‍රිතාන්‍යයින් ලංකාවේ සිටි නිසා. වඩුගයෝ අදටත් ලංකාව පාලනය කළා නම් අපි ඉන්ටර් නෙට් බලන්නේ දෙමළෙන්... හොඳ රාජ්‍ය පරිපාලන සේවයක් ලැබුණෙත් බ්‍රිතාන්‍යයන්ගෙන් තේරුණාද?