(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
සිරදඬුවම් නියම වු රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කළ විමසීමකට අනුව නීතීපතිවරයා මේ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වන බවද නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.
‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතා වරදකරු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පසුගිය 12 වැනිදා නියම කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රංජන්ට මන්ත්‍රී අසුන අහිමිවන ලකුණු
Gamini Monday, 18 January 2021 05:16 PM
ඉතා හොඳයි. මෙවැනි අය පාර්ලිමේන්තුවටත් ගන්න එපා.
කපුරු හාමිTuesday, 19 January 2021 09:37 PM
හොරුන්, දූෂිතයන්, මිනීමරුවන්, කුඩු-එතනෝල් කාරයන්, මැරයන්, අටවත් පාස් නැති අය හොඳයි..
PradeepWednesday, 20 January 2021 04:56 AM
ඔව් ඔව්.. මෙවැනි අය එපා. මොකද මේවගේ අය වැරදි පෙන්නලා දෙනවනේ. කුඩු කාරයෝ, මිනී මරුවෝ හිටියට කමක් නෑ. මොකද ඉන්න අනිත් අයත් එක්ක එයාලා ගැලපෙනවනේ...
sameera Monday, 18 January 2021 07:21 PM
මේක ශාපයක් වෙනවා. ගැලවීමක් නැහැ...
beau Monday, 18 January 2021 10:50 PM
ලකුණු? මොන ලකුණුද? ආසනය අහිමියි.
ලුම්බිණි Monday, 18 January 2021 10:52 PM
නීතීපතිගේ තීරණය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
Bamunuarachchi Tuesday, 19 January 2021 01:16 AM
ලකුණු එපා නීති පොතේ හැටියට කටයුතු කරන්න. දෙන්න පුළුවන් හැම දඬුවමක්ම දෙන්න. අනික් වාචාලයින්ටත් පාඩමක් ඉගෙන ගන්න..
කැකිල්ලේ Tuesday, 19 January 2021 11:52 AM
නීති පොතේ තිබුණට වැඩ කෙරෙන්නේ දූෂිත නායකයින්ට ඕනෑ විදියට.. හිරගෙදර ඉන්න ඕනෑ කෙනා රජ ගෙදරට යැව්වේ ඒකනේ.
sharm warn Tuesday, 19 January 2021 03:10 AM
වුවමනා කරලා තිබුණේ මෙයාගේ කට වහන්නනේ.. ඉතින් ඒක තමයි කර ගත්තේ. මීට වඩා හොරුන්ට ඇමැතිකම් දීලා උඩින් තියාගෙන මේ මනුස්සයාව හිරේ දැම්මේ, ප්‍රජා අයිතියත් අහෝසි කරන්න හදන්නේ. වෙන මොන මගුලකටද?
සරදියෙල් Tuesday, 19 January 2021 04:27 AM
මිනිසෙක් මැරුවොත් පාර්ලිමේන්තුවේ ! අපහාස කලොත් හිරේ ! වනාන්තරයක්ම කැපුවොත් එලියේ ! ගහක් දෙකක් කැපුවොත් හිරේ !
pradeepa Tuesday, 19 January 2021 05:33 AM
මිනීමැරුම් වලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබපු අය පාර්ලිමේන්තු එනවා. නමුත් තමන්ගේ මතයක් පමණක් පරීක්ෂා කරලා සිරදඬුවම් බලන කෙනාට එන්න බැහැ.. මහා පුදුම නීති අපේ රටේ තියෙන්නේ.. කවුද මේවා සම්මත කළේ?
Senarath Tuesday, 19 January 2021 05:43 AM
දූෂිතයෙක් තවත් කෙනෙකුට දූෂිතයෙක් කියන්නේ කොහොමද?
Prasad Tuesday, 19 January 2021 05:51 AM
රන්ජන් කියූ කතාව ඇත්ත කියලා ඔප්පුවෙන්න වෙනත් හේතු ඕනෑ නැහැ. මේකෙන්ම ඔප්පු වෙනවා. මරණීය දණ්ඩනය නියම වෙච්ච කෙනා පාර්ලිමේන්තු එනවා. ඇත්ත කියපු කෙනා හිරේ දානවා.
Rata Perata Tuesday, 19 January 2021 07:38 AM
මේ වගේ අසාධාරණ තීන්දු වලටත් සපෝර්ට් කරන රාජපක්ෂ වහල්ලු තාම ඉන්න එක තමයි පුදුමේ. හැමෝටම අධ්‍යාපනය දෙන්න ඕනේ කියන්නේ මේකයි. නැතිනම් ජීවත් වෙනකොට මෝඩයින් වෙනවා.
BamunuarachchiWednesday, 20 January 2021 05:24 AM
තවත් පාට් දමන්න එපා... එක් පුද්ගලයෙක් හෝ 20 දෙනෙක් කටපු වරදට මුළු අධිකරණ පද්ධතියට බැන්නේත්, නීතියේ ඇදකුද හදන්න ගියේත් තම විභාගයෙන් ආගමවත් සමත් වෙන්න බැරි කෙනෙක්... නීති විශාරදයන් මේ අය දිහා අනුකම්පාවෙන් බලාගෙන සිටියා. හැබැයි ඒ වගේ තව අය මෙතන ඉන්න බව පෙනෙනවා.
Saman Tuesday, 19 January 2021 08:11 AM
රට පෙරට... පුතාණෝට මාකටින් පාරක්. ඕවා දැන් පරණ සූත්තර. ඕවාට දැන් අහුවෙන්නේ නැහැ. අනික රන්ජා කරපු වැරැදි පේන්නේ නැත්තේ එජාප වහලෙක් නිසයි.
BamunuarachchiWednesday, 20 January 2021 05:32 AM
වහල්ලු වර්ග කීයක් ඉන්නවද 3% ජේවීපී වහල්ලු, 40% සමගි වහල්ලු, බොහොම සුළු කොටසක් එජාප වහල්ලු, 50% ගණනක් පොහොට්ටු වහල්ලු... ලස්සන වැඩේ 2015 යහපාලනයට සපෝට් කල අය 2020 සිට වහල්ලු.
kamal Tuesday, 19 January 2021 08:14 AM
අපිටත් දවසක හඳ පායනවා.
BamunuarachchiWednesday, 20 January 2021 05:28 AM
එදාට අපිත් ඇතුලේ..
chinthaka Wednesday, 20 January 2021 07:50 AM
සිනමාවයි, දේශපාලනයයි පටලවාගෙන... වාචාලකමට බිරුවට මෙම දඬුවම හොඳ වැඩියි.. කාට කිව්වට කෝ එක හොරෙක්වත් අල්ලලා දුන්නද?
chinthaka Wednesday, 20 January 2021 07:56 AM
මොන ආණ්ඩුව ආවත්, එම ආණ්ඩුවේ කෙනෙක් සිර දඬුවම් විඳින කොට නිදහස් කර ගන්නවා. මතකද යහපාලනය කාලේ රවී කරුණානායක අවුරුදු ගාණක සිට තිබුණු ඩොලර් වංචා නඩුවෙන් නිදොස් කොට නිදහස් කරපු හැටි..