IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රාජ්‍ය අංශයට පෞද්ගලික බැංකු සමග ගණු දෙනුවට අවසර

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද   සවස  පැවැසීය.

මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිනුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (6)

රාජ්‍ය අංශයට පෞද්ගලික බැංකු සමග ගණු දෙනුවට අවසර

Lal Wednesday, 01 March 2023 07:06 PM

ඉතා හොඳ පියවරක්....

:       0       0

පිං බත් කන්නන්ගෙන් පෞද්ගලික බැංකු බේරාගමු Wednesday, 01 March 2023 07:46 PM

පෞද්ගලික බැංකු හිමියනි, ජනතාව ලෙස අප ඔබ ගැන විශ්වාස තබා සිටින්නෙ ආණ්ඩුවේ හිගන ඇමතිලාට හා නිලධාරීන් පොහොසත් කරමින් බොල් ණය ලෙස කිසිවක් හිලව් කර නොගෙන උන්ගෙ අත්තල මුත්තල තියලා ගිහින් වාගේ රාජ්‍ය බැංකුවලින් ණය දෙනවා වගේ මේ විශ්වාසය නිරතුරු කඩන ආයතනවලට ණය දෙන්න එපා කියායි. රජයේ බොහෝ ආයතනවල ලොකු ඇත්තන් නිකං කෑමට පුරුදු වී ඇත. මේ පිං බත් ගිලින එවුන්ට අපි තැන්පත් කළ මුදල් ඇප නැතුව කිසි විටක නොදෙන්න කියා අපි ඉල්ලමු.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 01 March 2023 10:08 PM

මගෙ අම්මෝ ඇක්ෂන් ගන්න ඉක්මන, රාජ්‍ය බැංකු වැහුවෙ එක දවසයි , මෙන්න රාජ්‍ය ගිණුම් පෞද්ගලික අංශයට දෙන්න තීරණය කරල, අඩන්න තිබුන ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ. අනේ ඉස්පිරිතාලෙ බෙහෙත් නැතිවටත් ඔය වගේ ක්ෂණික තීරණයක් අරගෙන අර මැරෙන මිනිස්සු ගොඩදාන්න.

:       0       2

Bamunuarachchi Friday, 03 March 2023 03:33 AM

හලෝ බැංකු ගනුදෙනුවෙයි බෙහෙත් ගෙන්වන එකෙයි සම්බන්දය මොකක්ද.? අන්න රාජිත සෞඛ්‍ය ඇමතිකම ඉල්ලනවා.

:       0       0

Lalla Wednesday, 01 March 2023 10:20 PM

මහජන බැංකුව වගේ ආයතන වල නිදිමතේ ඉඳගෙන ගනුදෙනුකරුවන් පෝලිම්වල රස්තියාදුකරන කුජීත නිලධාරීන්ට දැන්වත් ඇස් ඇරේවිද බලමුද?

:       0       2

Deepal Nirosh Thursday, 02 March 2023 01:34 PM

ඔන්න එහෙනම වර්ජනය නිසා පැය 24න් පොරොන්දුව ඉටු වුනා නේද? ඔය වර්ජන තර්ජනවල තව හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1448 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1535 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 3735 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2929 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 388 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 940 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 263 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 584 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site