IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රාජ්‍ය ආයතන 32ක් දුෂිතයි

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ආයතන 420න්  32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු  ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මේ ආයතන වසර තුනකදී රුපියල් කෝටි 46,500 ක පාඩුවක් ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.

ආයතන තිස් දෙක   2018 වර්ෂයේදී රුපියල්  කෝටි 19300ක්ද   2019 වර්ෂයේදී  රුපියල් කෝටි 15800 ක්ද    2020  වර්ෂයේදී රුපියල් කෝටි 11400 ක්ද පාඩු ලබා ඇතැයි සඳහන් කරන මන්ත්‍රීවරයා මේවා  පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වාර්ෂිකව කෝටි ගණන් සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල්  පොම්ප කිරීමට සිදුව ඇතැයිද  සඳහන් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම පාඩු ලබන ආයතන අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් සමස්ත පාඩුවෙන් සියයට හතළිහක් පමණ අයත් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බවත් ගාමිණී වලේබොඩ මහතා  පැවසුවේය.
කණගාටුදායක කරුණක් නම් සමහර ආයතන අද පවත්වාගෙන යන්නේ   සේවකයන් රැක බලාගැනීමට බවද ඔහු සඳහන් කළේය.
අකාර්යක්ෂම  රාජ්‍ය ආයතන කාර්යක්ෂම  මට්ටමට  ගෙන ඒම සදහා යාන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක කළ යුතු  බව සඳහන් කළ මන්ත්‍රීවරයා  රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් විධිමත් විගණනයක් හා මැදිහත් වීමක් අවශ්‍ය වන්නේ මෙනිසා බවද  පෙන්වා දුන්නේය.
සමහර ආයතන වැඩකට නැති ව්‍යාපෘති ගෙනවිත් මුදල් කාබාසිනියා කළ බවට චෝදනා එල්ලවී ඇති බවත් මේ  ආයතන ගොඩගැනීමට  ඇති විසදුම පෞද්ගලීකරණය නොවන බවත් වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.



 

 



අදහස් (6)

රාජ්‍ය ආයතන 32ක් දුෂිතයි

swene Sunday, 05 March 2023 04:44 PM

ඔබගේ දැනුම හොඳයි. එත් අපේ මුදල් ඇමතිලා වූ මහින්ද, බැසිල් වැන්නවුන්ට කුමන ආර්ථික විද්‍යා පරිචයක් තිබුනේද ? ඔබ දැන් ඉන්න සමාගමෙත් දුෂිතයින් ඉන්න නිසා පිළිගැනීමක් නැහැ. අදුෂිත කණ්ඩායමක් සමග එක්වී ඔබගේ දැනුම මගින් රටට සේවයක් කිරීමට ඔබට හැකිවේවා !

:       0       0

සත්‍යපාල Sunday, 05 March 2023 06:48 PM

මහත්තයෝ ඉස්සරත් ඔය විදියට පාඩුලබන ආයතන අනන්ත තිබුනා උදාහරණයක් හැටියට පී.ඩබ්ලිව් .ඩී නැත්නම් ප්‍රශිද්ධ වැඩ දෙපාර්තමේන්තුව ,මහාමාර්ග දෙපාර්තමේන්තුව අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව (MD) හා රජයේ සැපයීම් දෙපාර්තමේන්තුව පෙන්නන්න පුළුවන් .ඉතින් ඒවා හැමදාම පාඩු ලැබීම සිදුවූ නිසා සේවා කාලයට අවුරුදු පහක් එකතුකර සේවකයින් විශ්‍රාම ගැන්වීම කලා වෙනත් සමාන්තර සේවාවල අය ස්ථාන මරුකලා දෙපාර්තමේන්තුව වසා දැම්මා ඉතින් ඔය ආයතන සදහා එම ක්‍රියාමාර්ග ගත්තා නම් ප්‍රශ්න ඉවරයි නේද එහෙම වුනත් රජයේ සැපයීම් දෙපාර්තමේන්තුව වෙනුවට රාජ්‍ය ආයතන වලට මිළට ගැනීමට බලය ලැබුන නිසා වැඩිම පිරිසක් කොමිස් ගැසීමට යොමුවීමත් වුනා (සිය ගණනක් කලදේ දහස් ගණනක් දෙනා කරන්න ගත්තා ) එනිසා රටේ නාස්තිය ඉහළ ගියේ නැහැ කියන්න බැහැ

:       0       0

sampath Monday, 06 March 2023 12:00 AM

රට ගොඩදාන්න ඕනෙ නම් ඔය සියලුම ආයතන පුද්ගලික කරණය කරන්නේ නැතිනම් ඉවර කරන්න.

:       0       0

Bamunuarachchi Monday, 06 March 2023 11:42 AM

අලියලගේ අපිලගේ වැඩ තමයි.

:       0       0

Lalla Monday, 06 March 2023 04:48 PM

ලොකුම දූෂිතයා තමුන් සේවයකල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියල කියන්න බයද? බැරිද?

:       0       0

Kimudu Tuesday, 07 March 2023 12:01 AM

මේ මෝඩ නූගත් මිනිස්සු තමන් නොදන්නා විෂයයන් ගැන කතා කිරීම නැවැත්විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 87 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 327 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 495 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1375 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2865 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 985 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site