IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය දේපළ අවභාවිතා කළ වයඹ පිරිසට ස්ථාන මාරු

(පුෂ්පකුමාර ජයරත්න සහ අනුර ජයන්ත)

රාජකාරි වේලාවේදී නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මත්පැන් සාදයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් පරිවාස කොමසාරිස්වරයා ඇතුළු පිරිසකට විමර්ශන කටයුතු අවසන් වන තෙක් ස්ථාන මාරු ලබා දී ඇතැයි  වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යලය කියි.

ඒ අනුව වයඹ පළාත් පරිවාස කොමසාරිස්වරයා එම තනතුරෙන් ඉවත් කර කාර්ය නියමයක් නොමැතිව ⁣වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබෙන අතර මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පරිවාස පරීක්ෂකවරයා පරිවාස දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර එම විෂය බාර පළාත් අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත.

මෙම පිරිස මත්පැන් සාදය සඳහා රැගෙන ගිය බව කියන පරිවාස දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථය පැදවූ රියැදුරා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරු කර යවා ඇත.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ නියමයෙන් වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.

 



අදහස් (3)

රාජ්‍ය දේපළ අවභාවිතා කළ වයඹ පිරිසට ස්ථාන මාරු

Prase Sunday, 22 August 2021 01:08 PM

කොහොමද මෙහෙම රටවල් හදන්නේ? මාරු කළාට ප්‍රශ්න විසඳනවාද? පැහැදිලි සාක්ෂි තියෙනවා වැඩ තහනම් කරලා, දඬුවම් දීලා ගෙදර යවන්න කොන්ද තියෙන නායකයෝ නැද්ද?

:       0       24

RaveendraSunday, 22 August 2021 02:53 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මේ නැති නාස්ති කරන්නේ අපගේ බදුමුදල් බැවින් "මේ අයගේ" සියලු තොරතුරු මාධ්‍ය මගින් උපරිම ප්‍රසිද්ධියක් ලබාදී මොවුන්ව සේවයෙන් පහ කිරීමට හැකි නම් එය වඩාත් සුදුසුයි. මොවුන් තවතවත් මහජන මුදල් විනාශ කිරීමට ඉඩදිය යුතු නැත. උසස් නිලතල දැරූවත් මනසින් අඳබොළඳ, මුග්ධයින් අපගේ මාතෘ භූමියෙන් "සදහටම මක බෑවේවා‘‘... එලෙසම රියදුරු පට්ටම දැරූ අයත් ගෙදරම යැවීමට හැකි නම් අනෙකුත් රජයේ සේවය කරන රියදුරු උතුමන්ලාටත් හොඳ පාඩමක් වනු නියතයි.

:       0       10

ranjith Sunday, 22 August 2021 04:12 PM

මේවගේ නීතිය, විනය රකින එක වැදගත්.. ඒ වගේ තරාතිරම නොබලා රජයේ දේපළ අවභාවිතා කරපු සියලු දෙනාට උපරිම දඬුවම් දෙන්න. දේශපාලකයෝ විතරක් බේරෙන්නේ නැතිව...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 663 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 190 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 279 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 372 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 14 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1053 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site