IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රාජ්‍ය නිලධාරීන් ගැන 1905 ට කියන්න

(යොහාන් භාසුර)
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා
මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.



අදහස් (9)

රාජ්‍ය නිලධාරීන් ගැන 1905 ට කියන්න

Nihal Monday, 11 September 2023 11:09 AM

රජයේ ආයතනවල කොපමණ වාරයක් ඇමතුවත් ගන්නේ නෑනේ

:       0       17

තලගල Monday, 11 September 2023 11:49 AM

ඇමතිලා කරන අකටයුතු ගැනත් කියමු නේද?

:       2       6

Mh Mohan Monday, 11 September 2023 12:00 PM

නිහාල්, හරියට හරි... ඒ ෆෝන් එකෙන් පුද්ගලික කතා.

:       0       9

ravin Monday, 11 September 2023 01:11 PM

ඇනුන්ට ඇගිල්ලක් දික්කරනකොට තමුන්දෙසට ඇඟිලි හතරක් දික්වෙන බව නොදන්නවාද?

:       4       5

දියෝනිස් Monday, 11 September 2023 01:50 PM

ඉතින් ඒවායේ විවිධ දෙපාර්තමේන්තු නිලධාරි ඉන්නවා ඔවුන් කියාවි අපි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නොවෙයි, ඔබලාට අපි ගැන බලන්න බැහැ කියලා... උදාහරණයක් හැටියට පළාත් සභා නිලධාරියෙක් වරදක් කළානම් ඔහු ආපසු පළාත් සභාවට අරගෙන නිදොස් කොට නිදහස් කර උසස් වීමක් සහිතව රැකියාව දේවි.. එම ඔෆිස් එකට වෙනත් කෙනෙක් එවාවි අපි නොදන්නා පරීක්ෂණ හා විමර්ශන... මේක රාජ්‍ය සේවයේ අනිවාර්ය පරීක්ෂණ ක්‍රමයක් කර පරීක්ෂණ නිලධාරින්ට විධිමත් බලතල පැවරීමක් නැතුව ඔය දේවල් ප්‍රයෝජනයක් නැහැ.. ඕක කිසිදාක සාර්ථක වෙන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් ඔෆිස්වල නිලධාරි සඳහා මුලින්ම කරන්න කියලා කියන්න ඕන දැනට ඒ දෙපාර්තමේන්තුව අන්තයටම පිරිහිලා අවසන්...

:       1       3

5091 anura uae Monday, 11 September 2023 02:04 PM

1905 රටේ ඩොලර් සංචිතය අතුරුදහන් වී ඇත. සොයා බලන්න ගත්තේ කවුද කියලා...

:       1       2

චන්දන Monday, 11 September 2023 05:27 PM

රට වනසන දේශපාලකයින් ගැන කියන්නේ කාටද?

:       1       1

සල්ලි Tuesday, 12 September 2023 07:26 AM

ඕක කියන්න අශෝක ගේ පොටෝ එකක් දාන්න ඕනමද ? ඒක කියන්නේ කාටද?

:       0       0

Bamunuarachchi Tuesday, 12 September 2023 08:51 AM

ප්‍රාදේශීය සභා වල පගාව ගන්න TO ලා ගැනත් කියන්න පුලුවන්ද? ඉසෙල්ලා කියන්න ඔය නොම්මරේ වැඩ කරන එකක් ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 11 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 712 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 642 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 850 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 507 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 418 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26031 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 289 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site