IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘

(අංජුල මහික වීරරත්න)

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ල ඇතුළු ජන රැලි හතරක් අමතමින් පැවසීය.

වැල් පාලමේ අභියෝගයෙන් පැනගිය අනුර- සජිත් නමැති නතාලියාලා දෙදෙනාට අයි.එම්.එෆ් කොන්දේසි ඉටුකළ හැකිදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ වැඩපිළිවෙළ හොඳින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ තමා ප්‍රමුඛ රජයකට බවද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ ජනරැළියට අමතරව වැල්ලවාය, අම්පාර සහ කන්තලේ ජන රැළිද අමතනු ලැබීය.

මේ අතර බදුල්ල රැලියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් මහතා නායකත්වය දරන ලංකා කම්කරු පෙරමුණේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ, අඹගමුව, වලපනේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය සභා නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සහ වෘත්තීය සමිති නායකයන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීමද විශේෂත්වයක් විය.

ජන රැලි ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි දිනනවා ! අපි දිනනවා ! අපි දිනනවා! මේ මහා ජනකාය දෙස බැලුවිට අපේ ජයග්‍රහණය ස්ථීර බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සතියේ ඔබේ ජීවිතයේ වැදගත්ම මැතිවරණයකට ඔබ මුහුණ දෙනවා. එයින් තීන්දු වන්නේ අපි සමෘද්ධිමත්, ස්ථාවර හොඳ ජීවිතයක් ගත කරනවාද? නැත්නම් නැවතත් පෝලිම් යුගයකට යනවද? යන්නයි.

නැවත පෝලිම් යුගයකට රට ගෙන යාමේ වැරුද්ද සිදු කරන්න එපා කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ අප ගෙන ගිය වැඩපිළිවෙළ තහවුරු කිරීම සඳහා මට ඡන්දය ලබාදෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එදා අනෙක් නායකයන් බෑ කියද්දි මම ආණ්ඩුව බාරගත්තා. මේ රටේ ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් නැතිව දුක් විඳින විට සජිත්ගේවත්, අනුරගේවත් හදවත කම්පා වුණේ නැහැ. ජනතාව ඖෂධ නැතිව මිය යද්දී ඔවුන් දුක් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ජනතාව බිල්ලට දී ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමටයි.

නමුත් මම මේ රට බාර ගත්තා. ජනතාව ගැන සිතූ සියලු දෙනා මා සමඟ එක් වුණා. අප සියලු දෙනා එක්ව වසර දෙකක් වැනි කෙටි කාලයත් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ආවා. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී මට බදු ඉහළ දැමීම වැනි අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අප දැන් ක්‍රමාණුකූලව ජනතාවට සහන සලසමින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කටයුතු කර තිබෙනවා. 2025 වසරේදී ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීමට කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

රටක ආර්ථිකයක් කඩා වැටුණු විට එම ආර්ථිකය ගොඩනැඟීමට වසර 5ක් පමණ ගත වෙනවා. නමුත් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට කටයුතු කළ රට බවට ශ්‍රී ලංකාව මේ වන විටත් පත්ව තිබෙනවා. රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරම්භ කර තුන්වන වසර වන විට එම වෙනස සියලුදෙනාට දැකගත හැකියි. තවම අප සිටින්නේ වැල් පාලමේයි. අප තව ටිකක් දුර යා යුතුයි. වැල්පාලම සෙලවෙනවා. නමුත් අප මෙවර ජනාධිපතිවරණයේ දී මෙම ගමන ස්ථීර කරගත යුතුයි.

මෙම වේදිකාවේ සිටින අප එදා දේශපාලන වශයෙන් විවේචන කර ගත්තා. නමුත් සියලු දෙනා බෑ කියපු අවස්ථාවේ අප එකට එක්ව රට වෙනස් කළා. අපි කිසිවෙක් දේශපාලනය දිහා බැලුවේ නැහැ. අපට අවශ්‍ය වුනේ මේ රටේ ජනතාව ජීවත් කරවීමටයි.

රටේ ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව දුක් විඳින විට ඉන්ධන සහ ගෑස් පෝලීම් වල දුක් විඳින විට එදා සජිත් හා අනුර ඒ දුක දැක්කේ නැහැ. නමුත් අපට ජනතාවගේ දුක ඉවසාගත නොහැකි නිසා දේශපාලනය පසෙක දමා ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් එක් වුණා. අපි එකතු වෙලා මේ රටේ ආර්ථිකය ගොඩ නැඟුවා.

ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ අනෙකුත් රටවල් දෙස බැලු විට එම කිසිඳු රටක් මෙවන් වේගයකින් සාමාන්‍ය තත්ත්වයට පත්ව නැහැ. නමුත් අප එම වාර්තාව තබා තිබෙනවා. අපට දැන් තිබෙන්නේ 2022 පැවති තත්ත්වයට රට ගෙන යාම නොවෙයි. රට දියුණු කිරීමයි. මම ආපසු හුණුවටයේ කතාව සිහිපත් කළ යුතුයි. දැන් අප වැල් පාලමේ 75%ක් පමණ දුර පැමිණ තිබෙනවා. වැටෙන්නේ නැතිව ඉතිරි ටික යා යුතුයි.

"ඔබ හැම දෙනාම හුණුවටයේ කතාව දන්නවා.තාම අපි ඉන්නේ වැල් පාලමේ.තව ටිකක් යන්න තියෙනවා. පාලම හෙලවෙනවා.එම ගමන ස්ථිර කිරීම සඳහා අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වී සිටිනවා.

වැල් පාලමෙන් එගොඩට එන විට හුණුවටයේ කතාවේ නොව වෙන නතාලියාලා දෙන්නෙක් ළමයා ගන්න ඉන්නවා.

ඔවුන් දෙන්නාම පැනල ගිය නතාලියාලා.ඒ අයට කිසිම අදහසක් නෑ.හිතුමතේ බදු අඩු කරන බව කියනවා.මමත් බදු අඩු කරන්න කැමතියි .නමුත් අයි.එම්.එෆ් ගිවිසුම් අනුව එහෙම කරන්න හැකියාවක් නෑ.රුපියල ශක්තිමත් කරන්නට තිබෙනවා.

හිතුමතේ වැඩ කරන්න මේ කිසිවකුටත් අයි.එම්.එෆ් එකෙන් බලය ලැබෙන්නේ නෑ.ඉතින් මේ අය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද?ඔවුන් අර්බුද හමුවේ පැන ගිහින් අදහසක් නැතුව හිටියේ.

නව ආණ්ඩුවට අයිඑම්එෆ් සංවිධානයෙන් කොන්දේසි තුනක් පනවා තිබෙනවා.පවතින රජය ගෙනයන වැඩසටහනේ අරමුණු ආරක්ෂා කිරීම,එමෙන්ම ඒ වැඩකටයුතු සාක්ෂාත් කර ගැනීම,ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීම යන කොන්දේසි අයිඑම්එෆ් සංවිධානය විසින් පනවා තිබෙනවා. ඉතින් නතාලියාලට මේ කොන්දේසි ඉටු කරන්න පුළුවන්ද?

මූල්‍ය අරමුදල කියන්නේ අපේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන ලෙසයි.මේ ස්ථාවර බව ඇතිකොට රට ඉදිරියට ගෙන යාම සඳහා මා මේ ජනවරම ඉල්ලනවා.ඒ මගේ අනාගතය තහවුරු කර ගැනීමට නොව ඔබේ අනාගතය තහවුරු කර ගැනීම සඳහායි.

පක්ෂ, පාට බේදයෙන් තොරව අප සියලුදෙනා එක්ව රට ලබාගත් ආර්ථික ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.

මැති ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමුඛ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ ද මෙම ජනරැළි අමතමින් අදහස් දැක්වූහ.



අදහස් (9)

‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘

shantha Tuesday, 17 September 2024 04:53 PM

අනේ පලයන් නාකි හමා බොරු වමාරන්නේ නැතිව. අපි ඒක IMF එකත් එක්ක බලාගන්නම්, තමුසේ 21හැන්දෑව වෙනකොට රටෙන් පනින්න ලැහැස්ති වෙන බව රංගේ බන්ඩා කීවා.

:       1       4

පුරවැසියා Tuesday, 17 September 2024 05:03 PM

තවදුරටත් හොරුන්වම පත් කරගන්න කියලා IMF එක කියලා නැහැ නේ

:       0       5

ජයනාත් Tuesday, 17 September 2024 05:17 PM

මෙයාට අයි.එම්.එෆ්. වලින් තොර ලෝකයක් නැහැ. රෑට හීනෙනුත් අයි.එම්.එෆ්. කියනවා ඇති...

:       8       17

රම්බොඩ Tuesday, 17 September 2024 07:11 PM

අතිෂයම මගේ පෞද්ගලික මතය මෙසේ සටහන් කරන්නට කැමැත්තෙමි. රනිල් මහතාගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා ඔහුව ගෙදරම යවන ලද්දේ ජනතාවයි. නමුත් වර්ථමාන තත්ත්වය මත රටේ පාලනයට මෙතුමාගේ පළපුරුද්ද අවශ්‍ය යැයි සිතමි. එබැවින් ඉදිරි වසර 5 ඔහුටම කරගෙන යන්නට දීම යහපත් යැයි නොකියන අතර එය එසේ සිදු විය යුත්තේ පවතින තත්ත්වය මතයි. කිසිඳු පක්ෂයක් බදාගෙන නොසිටින මම සැමදා හිතන්නේ රට, දැය, සමය ගැන පමණි...

:       18       10

YFMTuesday, 17 September 2024 08:47 PM

IMF වැඩපිළිවෙළ මනන් දිගටම යන්නේ, පුද්ගලයින්ගෙන් වැඩක් නෑ.

:       1       3

chandima Wednesday, 18 September 2024 04:26 AM

වෙන මොනවත් කිව්වෙ නැතිද?

:       0       5

ගමේ එකාලා Wednesday, 18 September 2024 01:07 PM

බලලෝබී බඩ ගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ මහාපරිමාණ හොරකම් වංචා, දූෂණ කරලා රටම බංකලොත් කෙරුවා. රටම ලෝකෙට හිගාකන තත්ත්වයකට පත්කරපු උන් දැන් කයිවාරු ගහනවා.

:       0       2

karolis Wednesday, 18 September 2024 04:53 PM

පවතින දේශපාලන ක්‍රමයට කෝපය සාධාරණ වුවත් එය පදනම් කරගෙන වාමාංශික ත්‍රස්තවාදීන්ට බලය දුනහොත් කෙටි කලක් තුළ ජනතාවගේ ජීවත්වීමේ අයිතියද අහිමිවනු ඇත. ඉවසා ඉවසා බැරිම තැන දැඩිව ඉවසීම ජනයාගේ සුබසිද්ධියට හේතුවනු ඇත. හැඟීම් වලට වහල්ව ත්‍රස්තවාදීන්ට හිස එසවීමට දීමේ බරපතල විපාක දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවද අත්දැක ඇත...!

:       0       0

karolis Wednesday, 18 September 2024 04:55 PM

පවතින දේශපාලන ක්‍රමයට කෝපය සාධාරණ වුවත් එය පදනම් කරගෙන වාමාංශික ත්‍රස්තවාදීන් ට බලය දුනහොත් කෙටි කලක් තුළ ජනතාවගේ ජීවත්වීමේ අයිතියද අහිමි වනු ඇත. ඉවසා ඉවසා බැරිම තැන දැඩිව ඉවසීම ජනයාගේ සුබසිද්ධියට හේතු වනු ඇත. හැඟීම් වලට වහල්ව ත්‍රස්තවාදීන්ට හිස එසවීමට දීමේ බරපතල විපාක දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවද අත්දැක ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
2025 අප්‍රේල් මස 02 129 0

ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.


ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 02 53 0

සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම


දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 144 2

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 396 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 277 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


බස් ගාස්තු ජූලි ඉහළ යනවා
2025 අප්‍රේල් මස 02 220 0

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 190 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site