IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රාජ්‍ය පොසොන් උත්සවය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

රාජ්‍ය පොසොන් උළෙලට

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයේ අමාත්‍යාංශ දෙකක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් පොසොන් උත්සවයට වෙන් කර අවසන් බව ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති කාර්යාලය සිය නිවේදනයෙන් මෙසේද පවසයි.

1963 වර්ෂයේ දී රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව එවකට ලේක්හවුස් සමාගම විසින්  සිය ආගමික හා සමාජ මෙහෙවර වෙනුවෙන් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කර ඇත. එතැන් සිට වාර්ෂිකව පුරා වසර 59ක් ආලෝක පූජාවට, සති පිරිතට, පෙරහරට සහ චෛත්‍ය පින්තාරු කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම සිදු කර තිබේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා පොසොන් පෙරහර සඳහා පමණක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබිණි.

නමුත් අමාත්‍යාංශ ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ රටේ පැවති ආර්ථික දුෂ්කරතා හමුවේ පනවනු ලැබූ නව මූල්‍ය රෙගුලාසි අනුව එතරම් විශාල මුදලක් වෙන් කිරීමට නොහැකි බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්මත වැය ශීර්ෂයට අනුව 2023 පොසොන් මිහිඳු පෙරහර සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවත්ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා සඳහන් කර සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවයේ වියදම් දැරීම සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිදහස් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.

ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාව සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාව වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එකඟත්වය පළ කර ඇත. එහිදී පොම්ප සවි කිරීම, දන්සල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල්සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයන් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා තහවුරු කළේය.

එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳ හිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය  ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව පෙනී යන්නේ රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් මිලියන 28.8ක මුදලක් (රුපියල් ලක්ෂ 288ක්)  මිහින්තලා පොසොන් වැඩසටහන් වෙනුවෙන් ලබා දී ඇති බවයි.

එවැනි පසුබිමක 2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව තහවුරු වේ.



අදහස් (3)

රාජ්‍ය පොසොන් උත්සවය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

Sunil Thursday, 01 June 2023 07:29 AM

රස කර කර බොරු ගොතන්න එපා. තක්කඩි ඇමතියෙක් ශ්‍රී ලංකාවෙ බුඩ්දගමෙ මුඩුන් මල්කඩවු මිහින්තලයට ඩෙක්වු සෙලකිලි අපි හොඳ හැටි දුටුව.

:       2       8

චන්දන Thursday, 01 June 2023 02:04 PM

පච කෙලින්න එපා. අපි දන්නව කෙරුවාව. මිහින්තලේ හාමුදුරුවො අගමැති ඉස්සරහ තියාගෙන ආණ්ඩුවට බැනපු දා ඉඳන් පලි ගන්නව. එතන වැඩ කරමින් සිටි ආරක්ෂක අංශයේ අය මුලින්ම ඉවත් කලා. ජනාධිපති අගමැති වැඩ කරන්නෙ ුාගමක් දහමක් නැති එවුන් ගැනට. ඊළඟ ඡන්දෙදි බලා ගමු ඔක්කොම එකට තියල දෙන්නෙ.

:       1       3

Rohana Thursday, 01 June 2023 05:27 PM

එතකොට මිනින්තලේ හාමුදුරුවෝ කියනවා ලක්ෂ 31ක් පමණයි ලැබුණේ කියලා... ඒකත් ආපසු දුන්නලු.. හාමුදුරුවෝ බොරු කියන්නේ නැහැනේ... ආණ්ඩුවයි බොරු කියන්නේ... මේවා හාමුදුරුවොත් එක්ක තරහට කරන පළිගැනීම් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 26 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 110 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 83 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 49 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2280 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 584 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site