IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

 

(ඩයනා උදයංගනී)

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව නිසි ගෞරවයෙන් යුතුව මෙම උත්සවය සංවිධානය කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී  පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමී සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද ප්‍රධාන උත්සව පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව සංවිධානය කර ඇත.

ෙරාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගය පිළිසකර කිරීමට හා යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි සිතුල්පව්ව රජ මහා විහාරයේ මාර්ග පද්ධතිය බොරළු අතුරා පිළිසකර කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේදී සිදුව ඇති දෝෂ සොයාබලා ඒවා මගහැරෙන පරිදි එම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

 



අදහස් (5)

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

Nuwan Friday, 18 June 2021 02:17 PM

බෝර්න් අගේන් යාතිකාවක් නෙමෙයි නේද?

:       0       8

kamal Friday, 18 June 2021 02:41 PM

බුදුදහම දේශපාලීකරණය කිරීම හෙළා දකිමු...

:       0       21

Sri Lanka Friday, 18 June 2021 03:24 PM

සාදු සාදු කොරෝනා මුවාවෙන් අපේ සංස්කෘතිය විනාශ කළා... පොසොන්වත් සමරමු..

:       2       0

Sajiwa Friday, 18 June 2021 03:37 PM

අසරණ මිනිස්සුන්ව මුරුංගා අත්තේ තියන්න බුදුදහම යොදාගැනීම පිළිකුල් සහගතයි...

:       0       6

parakkrama Friday, 18 June 2021 04:53 PM

දේශපාලන අරමුණු ඇතිව සිදු කෙරෙන, කාලයට නොගැලපෙන මෙවන් දේ නිසා ‘පොකුරු‘ රටට දායාද වෙයි වගේ...

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 5 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 118 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 311 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 988 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 360 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1326 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site