IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


රාජ්‍ය බක් මහ උළෙලේ තරඟ වලට අයැදුම්පත් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ  එක්ව සංවිධානය කරනු ලබන "වසත් සිරිය 2023" සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර ඇත. 

සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත ) තරගය  සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ අයදුම් කළ යුතු වේ. සියලු  අයදුම්කරුවන් වයස අවුරුදු 20-35 අතර අවිවාහක අය විය යුතුය. 

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය [email protected] විද්‍යුත් ලිපිනය වෙත 2023.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රන් ආභරණ සහිත වටිනා ත්‍යාග පිරිනමන බව ජනාධිපති කාර්යාලය පවසයි . තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ඒ.ජී.එම්.ඉසංකා මිය (සම්බන්ධීකාරක)-දු.ක.-0702025095 ඇමතීමෙන් ලබාගත හැකිය.

“වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා අයදුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිලෝ මීටර් 20ට වැඩි තරගයක් ධාවනය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ද සමඟ අයදුම් කළ යුතු වේ. 

මෙම අයදුම්පත්‍ර 2023 අප්‍රේල් මස 21 වන දින මධ්‍යාහ්න 12.00ට පෙර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ලබාදිය යුතු අතර [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0710573828 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනැමේ. 

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින් පිරිනමනු ලබයි.

ස්ටෑන්ඩඩ් පාපැදි  සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.

පිරිමි අංශයේ ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී  මීගමුව පාර ඔස්සේ,    ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත  ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි. 

එහි කාන්තා අංශයේ තරගය  ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී  ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත  ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

1973 වසරේ හා ඉන් පසුව සහ 2004 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා  සහභාගී විය හැකිය.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩඩ්  පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

ඒ අනුව මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0788429688  වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය. 

2023 අප්‍රියෙල් 21 දින පෙ.ව 10.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන  අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ.මෙම  අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු  මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩඩ්  පාපැදි  තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 9,000 බැගින් ද, 11 සිට 15 ස්ථාන දක්වා රුපියල් 5,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.

කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 9,000 බැගින් පිරිනමනු ලබයි.

කඹ ඇදීමේ තරගය සඳහා  අදාළ අයදුම්පත සම්පූර්ණ කර තරගාවලිය ආරම්භ කිරීමට දින 02කට ප්‍රථම ලබා දිය යුතු අතර ඒ සඳහා 0717880695 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා  කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි. 

ජනාධිපති කාර්යාලය සියලු රාජ්‍ය ආයතන ඒකරාශි කර ගනිමින් පවත්වන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා  කොළඹ, ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර තිබේ. 

මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වේ.



අදහස් (1)

රාජ්‍ය බක් මහ උළෙලේ තරඟ වලට අයැදුම්පත් කැඳවයි

ලුම්බිණි Wednesday, 19 April 2023 05:36 AM

බොරු වැඩ කරන එක දැන්වත් නවත්වනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 128 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 544 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 645 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2211 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2966 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1332 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 740 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 599 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1046 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site