(අංජුල මහික වීරරත්න)
මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ලේකම්වරයා මේ බව පවසා සිටියේ පොතුවිල් මූලික රෝහලේ සිදුකල විශේෂ නිරීක්ෂණයකින් අනතුරුව අදහස් දක්වමින්ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ වැඩපිළිවෙළක් ලෙස සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කොට විදේශ විනිමය මෙරටට ගෙන ඒම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බවත් එහි පළමු පියවර යටතේ සංචාරක කලාපයන්හි පිහිටි රජයේ බටහිර වෛද්‍ය සහ ආයුර්වේද රෝහල් වල ගෙවීම් සේවා ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම ගෙවීමේ වෛද්‍ය සේවා ස්ථාපිත කරන රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගන්නා විදේශීය සංචාරකයින් තම සේවාවන් ලබා ගත් පසු ඊට අදාළ ගෙවීම් මාර්ග ගත ක්‍රමයට සිදු කල යුතු අතර එම මුදල් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැරවන පරිදි ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, එම අරමුදලට බැරවෙන මුදල් නැවතත් වක්‍රාකාරයෙන් අදාල රෝහලේ සංවර්ධනය සදහාම යෙදවීමට කටයුතු කරන බව ද අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැ
සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි
වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.
ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (
ඊශ්‍රායල් රජය හා ශ්රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රජයේ රෝහලින් මුදලට සුද්දන්ට බේත්
Nihal Dharmatileke Tuesday, 18 March 2025 10:48 PM
සුද්දන්ට විතරක් නෙමෙයි.. ලාංකික දුඹුරුවනටත් රැපියල් 10 හෝ ගෙවන්න කියන්න