IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රජයේ විධායක නිලධාරීහු 35,000 ක් සංවර්ධන කමිටු වලින් ඉවත් වෙති

ජයන්ත සමරකෝන්

 

රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 5 කට විසඳුම් ලබානොදීමට එරෙහිව විධායක සේවා නිලධාරීන් මෙලෙස තීරණය ඇත.

මේ සඳහා රජයේ විධායක සේවා නිලධාරීන් 35,000 ක් පමණ එක්වීමට නියමිතය.

එසේ වුවද අත්‍යාවශ්‍ය මහජන සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසීය.



අදහස් (25)

රජයේ විධායක නිලධාරීහු 35,000 ක් සංවර්ධන කමිටු වලින් ඉවත් වෙති

Buddika Sunday, 07 April 2019 08:47 AM

හිටියා කියලා ඔය මිනිස්සු වැඩක් කරනවද? ජනතා ප්‍රශ්න චක්‍රලේඛ අස්සේ අස්සේ හිරවෙලා. ප්‍රායෝගික කාර්යයන් මේ මිනිසුන්ගෙන් වෙන්නේම නැහැ. රජයේ ආයතනයකට කෙනෙක් ගියාම ගණන් ගන්නේ නැහැ. රස්තියාදු කරනවා. මේ රටේ ප්‍රගමණයට ලොකුම බාධකය මේ මිනිස්සු සහ දේශපාලකයෝයි.

:       1800       2776

ධනුෂ්කSunday, 07 April 2019 12:51 PM

එකම රටක රජයේ අංශ හා පුද්ගලික අංශ අතර සේවකයන් අතර දෙවිදියක් වෙන්න බෑනේ. ලෝකේ සෑම වස්තුවකම සෑම ශක්තියකම අවසන් හේතුගත වූ මූලය සොයාගෙන යද්දි අපට හම්බවෙන්නේ අපට එළිය දෙන ඉර. සෑම ගැටලුවකටම ලෙඩකටම නිදන්ගත හේතුවක් තියනවා. රජයේ සේවකයන් ගැන ඔබතුමා කියන ලක්ෂණ වලට හේතුව හොයාගෙන යනකොට හේතුව ලෙස බෙල්ල මුලින්ම අල්ලාගන්න පුලුවන්... අවුරුදු 70ක් පාලකයින් මේ රට මේ මිනිසුන් මේ තත්වයට පත් කලේ... පාලකයන්. සත්භාවයෙන් නිවැරැදි දැක්මකින් පාලනය කරනවා නම් එම දැක්ම උඩ නිලධාරියාගේ සිට රටැසියා දක්වා කාන්දුවෙනවා. පාලකයන් මල්ල පුරවාගන්න හදනවා නම් පහළටත් කාන්දු වන්නේ මල්ල පුරවා ගැනීමේ දැක්ම...

:       2       788

ලංකෝනිස් Sunday, 07 April 2019 09:03 AM

මෙයට දසක හතරකට පහකට පෙර අපි ආසියාවේ සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කීවෙමු. එය නොවෙනස්ව තබාගැනීම අපේ ඒකායන අරමුණයි.ජයවේවා!!!

:       50       95

Amila Sunday, 07 April 2019 09:25 AM

මේ නිලධාරීන්ව එලවලා දාලා අලුත් තරුණ පිරිසකට පත්වීම් දුන්නා නම් හරි. හැම එකටම ඔලුව පහත් කරන් පතෝලයන් වගේ ආණ්ඩු කරන්න බෑ. මහින්දගේ කාලේ ඔහොම වුණා නම් මෙලහකට ඕක පටන්ගත්ත කෙනා එලොව ගිහින්..! එහෙම නැතුව මේ රටවල් කරන්නත් බෑ.

:       400       511

AkanajSunday, 07 April 2019 12:19 PM

ඔය කතාවේ ඇත්තක් තියෙනවා මේ මිනිස්සු කරන්නේ ජනතාව රස්තියාදු කරන එක විතරයි...

:       120       280

ධනුෂ්කSunday, 07 April 2019 12:44 PM

එහෙම අලුත් පිරිසක් ගත්තොත් ඔවුන්ටත් වෙන්නේ මේ දේම තමා. එකම රටක රජයේ අංශ හා පුද්ගලික අංශ අතර සේවකයන් අතර දෙවිදියක් වෙන්න බෑනේ. සෑම ගැටලුවකටම ලෙඩකටම නිදන්ගත හේතුවක් තියනවා. රජයේ සේවකයන් ගැන ඔබතුමා කියන ලක්ෂණ වලට හේතුව හොයාගෙන යනකොට හේතුව ලෙස බෙල්ල මුලින්ම අල්ලාගන්න පුලුවන්. අවුරුදු 70ක් පාලකයින් තමා මේ රට මේ මිනිස්සුන් මේ තත්වයට පත් කලේ... පාලකයන් සත්භාවයෙන් නිවැරදි දැක්මකින් පාලනය කරනවා නම් එම දැක්ම උඩ නිලධාරියාගේ සිට රටැසියා දක්වා කාන්දුවෙනවා. පාලකයන් මල්ල පුරවාගන්න හදනවා නම් පහළටත් කාන්දු වන්නේ මල්ල පුරවා ගැනීමේ දැක්මයි...

:       8       149

Amila Monday, 08 April 2019 03:03 AM

දනුෂ්ක කියන දේශපාලන කතාවට එකගයි. ඒත් පැහදිලිවම දෙවිදියක් නිර්මාණය කරගෙන තියෙන්නේ බොහෝමයක් රාජ්‍ය සේවකයෝනේ. පුද්ගලික අන්ශයේ මෙහෙම වෙන අවස්ථාන් අල්පයි. මොකද ආයතනයට පඩි වැඩිවීමක් වගේ දෙන්න බැරි නම් සේවකයාට පුලුවන් වෙනත් රැකියාවකට යන්න. අලුත් පිරිසකට පත්වීම් දෙන්න ඕන හමුදාවේ සහ පොලීසියේ සේවය අත්‍යාවශ්‍ය සේවා කරා වගේ. එතකොට අයෙත් ඕවට පෙලබෙන්නේ නෑ වගේම අනිත් අයටත් රතු එලියක් වෙනවා. ඇත්තටම රටේ මේ පවතින තත්වයට දේශපාලනය කරන අයටත් වඩා වග කියන්න ඔන රාජ්‍ය නිලධාරීන්.

:       0       18

Buddika Sunday, 07 April 2019 09:28 AM

අපොයි ඔව්. මම පාසල් යන කාලේ කිව්වේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා... අද මගේ දරුවෝ ඉගෙනගනිද්දිත් ඒ කතාවමයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහින් බලන්න. පේලියකට, පිළිවෙළකට මේස තියාගෙන, තනතුර බෝඩ් එකක ගහගෙන පේලියට ඉන්නවා. මනුස්සයෙක් ගියාම ආවේ මොකටද කියලවත් අහන්නේ නැහැ. මාස ගණන් වැඩ ඇදෙනවා.ඇත්තම තත්වය පුද්ගලික ආයතන ලාභ ලබද්දී රාජ්‍ය ආයතන පාඩු ලබනවා. හේතුව වැඩක් කළ නොහැකි මේ අලස නිලධාරීන්...

:       236       394

ravi Sunday, 07 April 2019 09:28 AM

ඔය ඉතින් බොරු සෝබනේට ටයි කෝට් ඇඳගෙන.. පුටු රත් කෙරුවයි කියලා, අපේ රටට සිද්ද වුණු ... සෙතක් ශාන්තියක් නැහැ නේද..? මේ අයට පැවරිලා තිබුණු වගකීම් වලින් කීයෙන්.. කීයක්ද හරිහැටි විදිහට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා... අන්න ඒ නිසා මේ වගේ අය යන එකමයි හොඳ...

:       132       307

රවින් Sunday, 07 April 2019 09:32 AM

සංවර්ධනය? රටද සාක්කුවද? අර 225 ජපකරන මන්ත්‍රය මේ ගොල්ලොත් ජප කරන්න පටන් අරගෙන වගෙයි. රථවාහන පර්මිට් නැතුව සංවර්ධනය බැහැ. අතිකාල නැතිව සංවර්ධනය බැහැ. අනිකුත් දීමනා නැතිව සංවර්ධනය බැහැ. කොමිස් නැතිව සංවර්ධනය බැහැ. මේ ගොල්ලෝ ආදරේ රටටද? කීයෙන් කීදෙනාද වෙලාවට වැඩට එන්නේ..? පැය අටේ රාජකාරියවත් හරියට කරන්නේ? පහුගිය කාලේ ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයද කොහේදෝ අධ්‍යයනයක් කරලා තිබුණා වගේ මතකයි ... රාජ්‍ය සේවක පැය අටේ වැඩ ගැන... රට පුරාවට සමීක්ෂණයක් කළොත් දැනගන්න පුළුවන් වෙයි... මහජන ප්‍රසාදය ගැන.... දවසකට හරියට පැය හතරක් වැඩ කරනවද? කියන්නා කොහොම කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසන බව මතක තියාගන්න...

:       219       320

චමින්ද Sunday, 07 April 2019 09:36 AM

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වශයෙන් වර්ග දෙකක් පවතින සංවර්ධන කමිටුයැයි කියන මේ සමිතිවලදී බොහෝවිට සිදුවන්නේ පක්ෂවලට බෙදී ඔවුනොවුන්ට බැණගැනීම වැනි කටයුතු මිස සංවර්ධන කාර්යයන් නොවේ. සමහර විටක ඉහළම අධ්‍යාපනයක් ඇති විධායක නිලධාරීන්ට වැස්සකටවත් පාසැලකට නොගියත් හිතවතුන්ගේ මනාපයෙන් ප්‍රාදේශීය සභාවට පත්වන ජනතා නියෝජිතයින්ගේ ඇනුම් බැනුම් වලටත් ගොදුරුවීමට සිදුවන අවස්ථාත් තිබෙනවා. ඒ ගැන බලනවිට මේ කාර්යයේ සාධාරණත්වයක් නැතැයි කියන්න බැහැ..

:       0       63

prabha Sunday, 07 April 2019 09:37 AM

මේ අය සංවර්ධන කටුයුතුවලින් ඉවත්වෙන්නේ පත්වීම ගත දිනයේමයි. ආයේ අමුතුවෙන් ඉවත් වුණා කියලා වැඩි වෙනසක් වෙන එකක් නෑ.

:       101       256

dayan Sunday, 07 April 2019 09:41 AM

මෙච්චරකල් මෙයාලා කරලා තියෙන සංවර්ධනය පේනවා...

:       56       250

Nasneen Sunday, 07 April 2019 10:59 AM

රජය විසින් ඉන්නා අය විශ්‍රාම යවා නව නිලධාරීන් පත්කරගත යුතුයි.

:       49       80

same Sunday, 07 April 2019 12:10 PM

ඔය විධායක ශ්‍රේණියේ අය හිටියට වැඩක් නැහැ. හැමතැනම හොර කරලා තියෙන්නේ ඔක්කොම...

:       36       122

ඉක්බාල් Sunday, 07 April 2019 01:10 PM

පරිපාලන සේවයේ නිලධාරීවාදය නිසා රජයේ අනෙක් නිලධාරීන්ට ලැබිය යුතු බොහෝ සහන අහිමිවෙනවා. මෙවර නීති නිලධාරීන්ට ලබාදුන් අමතර දීමනාව පාදක කරගෙන අනෙක් සියලු විධායක නිලධාරීන් ඊට විරුද්ධව උසිගන්වන අයත් ඔවුන්මයි.

:       122       1011

warunaTuesday, 09 April 2019 09:04 AM

මේක වෙලා තියෙන්නේ පරිපාලන සේවය නිසා. රට හදන්න ඕනනම් පළමුව පරිපාලන සේවයට සමානව අනෙකුත් විධායක ගනයේ කුසලතා සහිත නිලධාරින්ට අවස්ථාව දිය යුතුයි. පරිපාලන සේවය මේ ඔක්කොම බැදන්නේ. ඔවුන්ට තියෙන්නේ පිරිස් කලමානාකරණය සම්බන්දයෙන් දැනුම පමණයි. එකෙන් රටක හැම අංශයක්ම හදන්න බෑ. සුදුස්සන්ට සුදුසු තැන දීලා අයින් උනානම් රට හැදිලා. එම නිසා පරිපාලන සේවය එක්තරා පිරිසක් පමණයි. විශේෂත්වක් නැහැ....

:       0       12

Demuni de silva Sunday, 07 April 2019 04:05 PM

පළමුව රාජකාරිය ඊට පසුවයි හිමිකම්. ඒ වගේම තමාට පෙර රට.

:       0       10

Mohamed Monday, 08 April 2019 04:17 AM

ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් හිතන්නේ ඔවුන් වඩාත්ම උසස් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ විධායක නිලධාරීන්ය. වගකිවයුතු ආණ්ඩුවක් සියලු රාජ්ය විධායක නිලධාරීන්ට සමානව සැලකිය යුතුය. සියලුම විධායක නිලධාරීන් එකම අධ්‍යාපන සුදුසුකම් සහිතව බඳවා ගනු ලැබේ. සියළුම විධායක නිලධාරීන් සිය කාර්යය ඉටු කරති. මේ සියලු විධායක නිලධාරීන් සඳහා රජය සමාන ලෙස සැලකිය යුතුය.

:       0       104

දිලුම් Monday, 08 April 2019 04:28 AM

මෙතන අදහස් දාල තියන මිනිස්සු ගොඩක් දෙනෙක් තත්වය හා මේකට හේතු බීජය නොදැන කථා කරන බව පේනවා. මෑතකදී මේ රටේ නීති අංශයේ නිලධාරින්ගේ වැටුප ඉතා අධික ලෙස වැඩි කලා. ඒ අතර ඔවුන් සුපිරි සේවාවක් කියා ගන්නා මට්ටමට පත්වුනා. මේ සියල්ල අස්සේ සුපිරි කියන උණ හොදටම තියන තවත් සේවාවක් වන ශ්‍රී ලංකා පරිපාලන සේවය විසින් ඔවුන්ගේ වැටුපට රු.50,000 - 15,000 ක අමතර දීමනාවක් ඉහලම නිලධාරියාගේ සිට පහලට ස්ථර අනුව බෙදීයන ලෙස ඉල්ලා සිටියා. මේ රටේ පරිපාලන සේවය හා අනෙකුත් සමාන්තර සේවා 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පවතින අතර මේ සියල්ලට අදාල සුදුසුකම් බොරහෝ දුරට සමානයි. පරිපාලන සේවයට කියා විශේෂ සුදුසුකමක් හෝ ඔවුන්ගේ රාජකාරියේ අන්‍යයන්ට වඩා විශේෂයක් නෑ. හැබැයි ප්‍රාදේශීය පරිපාලනයේදී මොවුන්ගේ සේවය දේශපාලකයාගේ ක්‍රියා නීතිගත කිරීම සඳහා ගොඩක් වටිනවාත ඒකයි තියන එකම වෙනස හා අන්‍යයන්ට නැති මොවුන්ට ඇති එකම බලය. එවැනි පසුබිමක මේ නිලධාරින් පමණක් මේ විදියට වැටුප් හා දීමනා වැඩි කරගන්න ගියාම සමාන සුදුසුකම් වලටම එන අනෙකුත් සේවා වල මිනිස්සු නිකම් ඉන්නේ නෑ.

:       0       92

sas Monday, 08 April 2019 04:34 AM

මේ මිනිස්සු කරන වැඩක් නැහැ. මේ රට නගා සිටුවීමට නම් පරිපාලන සේවය අහෝසි කොට පුද්ගලික අංශයේ මෙන් කළමනාකරණ පුහුණුවන්නන් ලෙස බදවාගෙන පුහුණු කොට කළමනාකරුවන් ලෙස පත් කල යුතුවේ.

:       0       63

සමීර Monday, 08 April 2019 04:43 AM

කමෙන්ට් කරන්න කලින් මේ අය එහෙම කරන්න හේතුව හොයලා බැලුවානම් හොඳයි නේද ? රාජ්‍ය සේවාවේ වැටුප් ප්‍රතිපත්තිය 2018.01.01 සිට මේ ආණ්ඩුව බිද දමලා. එක් කාණ්ඩකට අසීමිත ලෙස වැටුප් කිරිම සාධාරණ ද? මේ අය සටන් කරන්නේ වැටුපට වඩා රට තුල හටගත් වෘත්තිය අර්බුදය ගැන. අද පත්විම් ගන්න නිතී නිලධාරීන්ගේ වැටුප හා දීමනා 382,000ක් දක්වා වැඩිකරලා අනෙක් සේවාවන්ට පැරණි වැටුපයි. වෙද්‍ය වෘත්තිකයන්ට 148,000 ඉංජිනේරු 78,000 අනෙක් විධායක සේවා වන්ට 54,000 අනාගතයේ අමාරුවෙන් වෙද්‍ය ,ඉංජිනේරු වෘත්තියන්ට යන්න පෙලඹිම අඩු වෙවි.

:       153       17

Sumith Monday, 08 April 2019 08:52 AM

සාමාන්‍ය ජනතාව දැකලාවත් නැතුව ඇති. වැඩක් කරගන්න ගියාම පුටුව විතරයි.

:       0       5

නිමල් Tuesday, 09 April 2019 06:03 AM

මේ කමෙන්ට් කරන අය හරියට ප්‍රශ්නය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අනික හැගීම් වලින් තොරව බුද්ධියෙන් ඒ දෙස බැලීම වැදගත්. නැත්නම් ලංගම එපා කියල පෞද්ගලික බස් ගත්ත වගේ වෙයි.වෘත්තිකයන්ට ලෝකයේ ඕනෑම තැනක හොඳ පඩි සහිත රැකියා තියෙනවා.

:       0       7

වරුන Tuesday, 09 April 2019 06:30 AM

රට සංවර්ධනය කරන්න රජයට හොද ඉංජිනේරු, වෙද්‍ය, නිතී, ගණකාධිකාරී සහ පරිපාලන සේවා නිලධාරීන් සිටිය යුතුයි. සහ ඔවුන්ව තේරුම්ගන්න රජයක් තිබීම ඉතාම වැදගත්. නමුත් වර්තමාන තත්වය අනුව ඉංජිනේරු, ‍වෛද්‍ය සේවාවන් පාලනය කිරීම පරිපාලන සේවා නිලදාරීන් මගින් සිදුවේ (බහුතරය කලා උපාධිදාරීන් ) මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉංජිනේරුවන්ට සුදූසු වැටුපක් නොලැබේ ( වෙද්‍යවරුන් හා සැසදීමේදී 50% පමණ වන වැටුපක් ) මේ අනුව ඉංජිනේරු සේවයට දක්ෂ ඉංජිනේරුවන් එක් නොවීමත් රට හැර යාමටත් පෙළඹී ඇත. මගේ මතය අනුව රට සංවර්ධනය කිරීමේ මුලික බලය ඉංජිනේරුවන් වෙතද, නිරෝගී ජනතාවක් ඇතිකිරීම වෙද්‍යවරුන් වෙතද ලබාදී අනෙකුත් සේවා මගින් අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන්නේනම් රට ඉතා ඉක්මනින් සංවර්ධනය කිරීමට හැකිවේ.

:       0       83

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 456 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 14 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 677 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 14 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 428 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 266 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site