IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රජයේ සේවකයන්ට අතුරු දීමනාවක් දෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බවත් නියමාකාර වැටුප් ව්‍යුහයක් සකස් කරන තුරු අතුරු දීමනාවක් ලබාදීමට සලකා බලන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා  අවස්ථාවේ  විවාදයේදීය.

ආදායම් තත්වය සලකා  එසේ කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.

කොරෝනා  නිසා අද සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කළ නොහැකි බවත්  මේ රජය බලයට පත්වූදා සිටම  ක්‍රියාත්මක වූයේ කොරෝනා  බවත්  නානායක්කාර මහතා පැවසුවේය.

මෙවර අයවැයෙන්  ලොකු වැටුප් විෂමතාවක් විසඳූ බවත් ඒ සඳහා රුපියල් මිලියන තිස් දහසක් වැය කළ බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා  තියෙද්දි ගෙනා අයවැයෙන් කළ දේ ප්‍රශංසනීය බව  වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (15)

රජයේ සේවකයන්ට අතුරු දීමනාවක් දෙන්න

කිරි පුතා Wednesday, 24 November 2021 04:37 PM

එතකොට පෞද්ගලික තැන්වල රැකියාව කරන අය කන්නේ බොන්නේ නැද්ද දන්නේ නෑ...?

:       0       8

siripalaWednesday, 24 November 2021 11:27 PM

රජයේ සේවකයන්ට අතුරු දීමනාවක් නොව ඔවුන්ගේ වැටුප් අඩුකලයුතුවේ.

:       0       0

දයාරත්න ගෙන්ෙපාල Wednesday, 24 November 2021 04:42 PM

වාසු සහෝදරයා නම් අපි ගැන හිතලා තියෙනවා. ඉතිං රුපියල් 10000ක වත් අතුරු දීමනාවක් දෙන්න. අගමැතිතුමා යනවා දැක්කා වාහන 15කට මැදි කරගෙන. පොලිස් වාහන තුනක් වෙනම ගියා... ඉතිං අපි ද රට ණය කළේ? අන්න ‍ෆේස් බුක් එකේ තියෙනවා ඒ පෝස්ට් එක. ඒ් එකම වාහනයක්වත් කිලෝමීටර් තුනකට වඩා දුවන්න බැහැ ලීටරයකින්. අැත්තටම මේ රටේ දේශපාලකයින්ට මොකටද මෙහෙම වාහන යන්නේ..? මේවා පව් සල්ලි නේද? ඒවට බදු ගෙවන්නේ අපි නොවැ...

:       0       11

BamunuarachchiWednesday, 24 November 2021 08:27 PM

අගමති කෙනෙක් ඔහොම යනවා දැක්ක පලවෙනි වතාවද? අනේ පව්! රජයේ සේවකයෝ රට විතරක් නොවෙයි අපිවත් නයකරලා ඉන්නේ. පොලිසිය, වීදේශ කටයුතු අමාත්‍යාංශය හැරෙන්න අනික් සියලුම රජයේ ආයතන සේවා පෞද්ගලික කරන්න. මොවුන්ට ගෙවන පැන්ෂන් එකෙන්ම රට ගොඩ ගන්න පුළුවන්.

:       12       5

Nuwan Wednesday, 24 November 2021 06:21 PM

බරක් කිය කියා ඡන්දෙ ගැන හිත හිතා දීමනා දෙනවා...!

:       0       5

BamunuarachchiThursday, 25 November 2021 08:22 PM

ඇයි ඡන්දෙ ගැන හිතලා නේද රනිල් 10000 ම දුන්නේ. අවසන් උනේ රටටම නැතිවෙලා.

:       0       0

ගමේ එකාලා Wednesday, 24 November 2021 06:32 PM

වාසිදේවගේ කතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... කයිවාරුව විතරයි.

:       0       9

Bamunuarachchi Wednesday, 24 November 2021 08:22 PM

කාගේ සල්ලිවලින්ද හලෝ...? ඉතිරි කරගත්ත සල්ලි තිබෙනවා නම් දෙන්න. ඊට වඩා හොඳයි කාක්කන්ට ආප්ප අරන් දුන්නොත්...!

:       9       5

Saman Wednesday, 24 November 2021 09:04 PM

මමද රජයේ සේවකයෙක්මි. තවත් දීමනා අවශ්‍ය නෑ. දුෂ්කර කාලයක වුනත් සියලු වැටුප් ලැබුණා.ඒ අැති.

:       0       1

BamunuarachchiThursday, 25 November 2021 08:20 PM

මමත් රජයේ සේවයේ අවුරුදු 13 හිටියා. ඒ තමයි රජයේ සේවයේ ඉස්තරම්ම කාලය? ග්‍රේඩ් වන් ප්‍රමෝෂන් එක ලැබිලා ඇරියස් එක අතට ලැබෙන තුරු ඒගැන දැනගෙන හිටියේ නැහැ. ඇරියස් එක ලැබුන ගමන් කවසාකි මෝටර් සයිකලයක් ගත්තා බ්‍රෑන්ඩ් නිව් රු 13000 යි.

:       0       0

දයාරත්න ගෙන්ෙපාල Wednesday, 24 November 2021 09:06 PM

බමුණුඅාරච්චි නම් බමුෙණක්ම තමයි.

:       0       2

BamunuarachchiThursday, 25 November 2021 08:24 PM

බමුණාව චිවෙචනය කරන්න එපා... බමුණාගේ අදහස් විවේචනය කරන්න? ඔබ නොදන්නවාට ඉස්කෝලේ ගිය අය ඒක දන්නවා...

:       0       0

MO77 Wednesday, 24 November 2021 11:45 PM

කිසිදු කාල සීමාවකින් තොරව රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා රජයේ කාර්යාලය පුළුල් වන්නේ නම් කරුණාකර වැටුප් සහිත නිවාඩු ලබා නොදෙන්න. උසස් අධ්‍යාපනයට පවා වැටුප් සහිත නිවාඩු දෙන්න එපා. ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වහාම විශ්‍රාම යාමට ඉඩ දී ඔවුන්ට වයස අවුරුදු 55 දී විශ්‍රාම වැටුප ගෙවන්න. සතියේ දින 4 නිවසේ සිට වැඩ කිරීමට 50% ක වැටුපක් ලබා දෙන්න.

:       0       0

Saththaya Thursday, 25 November 2021 07:43 AM

වට්ටක්කා ගෙඩිය ගෙඩිය දුන්නනම් හුගක් හොදයි .

:       0       0

Lalith M Thursday, 25 November 2021 08:18 PM

පුද්ගලික අංශයට පින්සිදු වෙන්න රට දුවනවා. ඒ අයට මොකුත්ම දෙන්න කවුද කථා කරන්නේ. පින්පඩි කන කිසිම දෙයක් නොකර ගෙදර හිටිය රජයේ සේවකයන්ට දීමනා මොනව කරනවටද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 94 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1017 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2262 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 307 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 163 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26672 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site