IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘‘රජය සහ මා කෙරෙහි අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා‘‘

(සුජිත් හේවාජූලිගේ)

බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවූ නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවද හෙතෙම සඳහන් කළේය.

රට වසා තැබීම සහ විවිධ පාලන නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණ බව පැවසූ ජනාධිපතිවරයා එවැනි තත්වයන් පෙන්වා දෙමින් නිදහසට කරුණු දැක්වීමට තමා සූදානම් නැතැයිද පැවසුවේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ඊයේ(10) පැවති උත්සවයේදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද පැවැසීය.

අද හමුදා දිනය වෙනුවෙන් මෙම ස්ථානයේ පැවැත්වුණු පෙළ පාළියට සහ අනෙකුත් උත්සවවලට සහභාගි වීමට ලැබීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මම තරුණයෙකු හැටියට මගේ ජීවිතය ආරම්භ කළේ යුද හමුදාවෙන් නිසා. මම යුද හමුදාවේ අවුරුදු 20ක් සේවය කළා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් අවුරුදු 10ක් සේවය කළා. මම මුලින්ම හමුදා ජීවිතය ආරම්භ කළේ සංඥා බලකායෙන්. ඊළඟට මම සිංහ රේජිමේන්තුවේ සේවය කළා. ඊට පසුව මේ ස්ථානයේ ජෙනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිවරයා වශයෙන් ඉන්න කාලයේ ”රජරට රයිෆල්” කියලා අලූත් රේජිමේන්තුවක් පටන් ගත්තා. මම එකේ ආරම්භක නිලධාරියෙක් හැටියට පැමිණියා. මේ භූමිය තෝරාගත්තෙත් මමයි.

අද සමහර ගොඩනැඟිලි ගොඩක් වෙනස් වෙලා. ඊට පස්සේ ගජබා රේජිමේන්තුව වුණා. මම තරුණ නිලධාරියෙක් හැටියට ගජබා රේජිමේන්තුවේ තමයි වැඩි කාලයක් සේවය කළේ. මේ ස්ථානයට පැමිණීම මම මහගෙදරට ආවා වගේ දැනෙනවා.

විශේෂයෙන්ම ගජබා රේජිමේන්තුවේ තමයි, එහි නායකත්වය දැරූ ජෙනරල් විජය විමලරත්නගේ නායකත්වය, මග පෙන්වීම යටතේ මම, ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපි සියලූ දෙනාම හමුදාව කියන්නේ මොකක්ද? නායකත්වය කියන්නේ මොකක්ද? නොබියව සටන් කරන්නේ කොහොමද? හමුදාවක් පුහුණු කරන්නේ කොහොමද? රට වෙනුවෙන් හමුදාවක් මෙහෙයවන්නේ කොහොමද? කියලා අපි ඉගෙන ගත්තේ ජෙනරල් විමලරත්නගේ යටතේ මේ ස්ථානයේ.

ගජබා රේජිමේන්තුවේ, මේ ස්ථානය ගැන මට හරිම ආඩම්බරයි. අපේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනඥයෙකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත් වෙන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ, මම හමුදාවේ නිලධාරියෙක් හැටියට රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළා. ආරක්ෂක ලේකම්වරයා, හැටියට මගේ යුතුකම ඉටු කළා. ඒ නිසා තමයි ජනතාව මා කෙරෙහි විශ්වාසය තියලා, මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ තමුන්නාන්සේලා සියලූ දෙනාට ඒක ආඩම්බරයක් කියලා මම හිතනවා.

විශේෂයෙන්ම අද ති‍්‍රවිධ හමුදාවටම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මේ රටේ පසුගිය වසර දෙක තුළ ඔබ කළ සේවය ගැන. අපි මුහුණ දුන්න කොවිඩ් වසංගතය පාලනයට ඔබ කළ කැපවීම ගැන. සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අය සමග විශේෂයෙන් නිරෝධායන කටයුතුවලදී ඒ වගේම එන්නත ලබාදීමේ දී ඔබ කළ සේවය ඉතාමත් විශිෂ්ටයි.

කොවිඩ් වසංගතය පාලනයට එන්නත ලබාදීමේ දී අපි ලෝකයේ ඉහළ තැනක සිටින රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ, ඔබ කළ සේවය නිසයි. මම ඒ වෙනුවෙන් සියලූ දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මම බලයට ආවට පස්සේ කිව්වා, මේ රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් දීලා වැඩ කරනවා කියලා. මම ප‍්‍රතිපත්තියක් හැටියට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය සුදුසු නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ සුදුසුම නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කරලා තියෙනවා. ඒ වගේම ති‍්‍රවිධ හමුදාවේ, බුද්ධි අංශවල මානසිකත්වය මම ඉහළට ගෙනල්ලා තියෙනවා. හමුදා නිලධාරීන්ට, බුද්ධි නිලධාරීන්ට පහර ගැසීම් නවත්වලා ඔවුන්ට තමන්ගේ රාජකාරිය කිරීමට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. මේ රටේ නැවතත් කිසිම ත‍්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කිරීම අපේ ප‍්‍රධාන වගකීමක්. අපි බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කළා. දැන් අපි ඒක ස්ථාවර කරන්න ඕනෑ. එයට හේතු වුණු කරුණුවලට අපි විසඳුම් දෙන්න ඕනෑ. එම පළාත් අපි දියුණු කරන්න ඕනෑ. ඒ පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න අවශ්‍යයි. ඊළඟට අන්තවාදී ආගමික ත‍්‍රස්තවාදය මුළු ලෝකයේම පවතින දෙයක්. ඒකට අපි මුහුණ දෙන්න ඕනෑ. එවැනි දෙයක් මේ රට තුළ ඇති නොවන ආකාරයට, කිසිම ආගමකට පහර ගැසීමක් නොවෙයි, අපි කවුරුත් දන්න, ලෝකයේම දන්න අද පවතින තත්ත්වයක්. අපි ඒකට මුහුණ දෙන්න ඕනෑ. අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ. මම එය ජනතාවට පොරොන්දු වුණු දෙයක්. මම එය ඉෂ්ට කිරීමට කැප වෙලා ඉන්නවා. මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව පත් කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව. මම පත්වුණු දවසේ ඉඳලා, පසුගිය අවුරුදු දෙක තුළ ලෝක ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි පසුගිය අවුරුදු දෙකම සටන් කළේ කොවිඩ් වසංගතය පාලනය කර ගන්නට රට වසා තැබීම්, විවිධ පාලන, මේවා නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට පත් වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ. නමුත්, මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප‍්‍රසාදයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලූ මැති ඇමතිවරු ඒක පිළිගන්න ඕනෑ. නමුත් අපි කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කරලා, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කරලා, නව ජවයකින් මේ රට ඉදිරියට ගෙන යන්න, මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලූ දෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.

ඒදා මම පොරොන්දු වුණු විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක‍්‍රමයත් මම ඇති කරනවා. මම රුවැන්වෑලිසෑය වැඳ ගන්නට ගිය වේලාවේ පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා කියලා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා.

අපි හරිත කෘෂිකර්මන්තයක් මේ රටේ ඇතිකරනවා කියන එක මම පොරොන්දු වෙච්ච දෙයක්. අපහසු වෙනස් කිරීමක්. ඔබතුමන්ලා බොහෝ පිරිසක් ගමේන් පැමිණි පිරීසක් බව මම දන්නවා. දෙමාපියන්, නෑදෑයන් කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසක් බව මම දන්නවා. මම කාබනික පොහොර භාවිතයෙන් හරිත කෘෂිකර්මාන්තයක් බිහි කරන්නට පෙළඹුනේ, එකක් එය මා දුන් පොරොන්දුවක්. දෙක එය තමයි හරි දේ. ජනතාව වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අප කළ යුත්තේ එයයි. එය අමාරු දෙයක්. ගොවි ජනතාව වෙනුවෙන් මම සෑම විටම කැප වී වැඩ කරනවා, මොකද ජනගහනයන් 75%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඉන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය. බලන්න, කාටද වකුගඩු රෝගය තියෙන්නේ? කාටද විවිධ රෝග තියෙන්නේ?

විශේෂයෙන් මේ ගොවි ජනතාව ජිවත්වෙන ප්‍රදේශවල. අපි රසායනික පොහොරවලින් ඈත්වෙලා අපේ ඉදිරි පරම්පාරව වෙනුවෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යන්න ඕනේ. අපි තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ. මම තමයි වී සහතික මිල රුපියල් 50ක් දක්වා වැඩි කෙරුවේ. මට අවශ්‍ය ඒ වැඩි ජනකොටසකගේ කර්මාන්තය වන කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට, ඔවුන්ගේ අදායම වැඩි කරලා ඔවුන්ට හොඳ ජිවන තත්ත්වයක් ගත කරන්නට සලසා දීමටයි. මා ගැන විශ්වාසය තියන්න. අපි එකමුතුව මේ කාර්යය ඉටු කරමු.

ඒ වගේම මම පොරොන්දු වුණා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙනයනවා කියලා. අපිට තෙල් නෑ, අපට ගෑස් නෑ, අපට ගල් අඟුරු නෑ. අපට තිබෙන්නේ ජලය, සුර්ය බලය, සුළං. මේ දේවල් හරහා අපේ බලශක්තිය අපි දියුණු කරන්නට ඕනෑ.

යමේකු කියනවා නම් නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්න කියලා, එය විහිළුවක්. ඒකට මම සුදානම් නෑ. අද ලෝකයම එයින් ඔබ්බටයි යන්නේ. අපි එය සඳහා කැප වෙන්නට ඕනෑ. අද ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට විශේෂයෙන්ම මේ කඩාවැටීලා තියෙන සංචාරක කර්මාන්තය, විශාල ජනකොටසක් එයින් ජීවත් වෙනවා. විශාල විදේශ විනිමයක් අපට ලැබෙනවා. මේ සඳහා අපට කොවිඩ් පාලනය කර ගැනීම අවශ්‍යයි. ක්‍රමයෙන් දැන් විදේශිකයන් පැමිණීම ආරම්භ කරලා තියෙනවා. අපි අපේ ආර්ථිකය නඟාසිටුවීමට ඉදිරි වසර කීපය තුළ කැපවීමෙන් වැඩ කරනවා.

ජනතාව මගෙන් බලාපොරොත්තු වුණා දුෂණය නැති කරන්නට. මම හමුදා නිලාධාරින්ව විවිධ දේපාර්තමේන්තුවල ඉහළ තනතුරුවලට මම පත් කෙරුවේ ඒ බලාපොරොත්තුව ඇතිවයි. එය විශාල අභියෝගයක්. නමුත් අපි එය කරන්නට ඕනෑ. මොන තරාතීරමේ වුණත්‍, ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරින් වේවා, රට වෙනුවෙන් අපි දුෂණය සම්පූර්යෙන්ම ඉවත් කරන්නට ඕනෑ. මම ආදර්ශයක් දී තිබෙනවා. මම කිසිදු ආකරයකින් දුෂණයට යොමු වෙලා නෑ, යොමු වෙන්නෙත් නෑ. ජනාධිපතිවරයා වශයෙන් මම හැකිතාක් දුරට වියදම් අඩු කරලා තියෙනවා. මම ආදර්ශයක් දී තිබෙනවා. මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශයම ඔවුන්ටත් දෙන්න කියලා. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දුෂණය වැළැක්වීමට සහාය දෙන්න. මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව රාජ්‍ය සේවයේ වැඩ කරන්න කියලා. අපි ඉදිරි වසර කීපය තුළ මේ රට “සෞභාග්‍යය” කරා ගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

අද හොඳ පෙළපාළියක් පැවැත්වුණා. එයට මගේ ප්‍රසංශාව හිමි වෙනවා. ඔබ යුද හමුදාවක් වශයෙන් පුහුණවීම් කටයුතු වගේම සේවාවන්, අද ලෝකයේම හමුදාවන් යුද කටයුතු කරන්නට පමණක් නොවෙයි ජාතිය ගොඩනැගීමේ කටයුතුවල සෑම හමුදාවක් යෙදී තිබෙනවා. ඔබ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. එය ඉදිරියටත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

වි‍ශේෂයෙන්ම ඔබලා කෘෂිකර්මාන්තය වෙනුවෙන් නව රෙජිමේන්තුවක් ඇති කරලා තිබෙනවා. මේ කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වන අතර, ඔබට සුභ අනාගතයක් වේවා යි! කියා මම සුබ පතනවා.

 

 



අදහස් (67)

‘‘රජය සහ මා කෙරෙහි අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා‘‘

ගමේ එකාලා Sunday, 10 October 2021 02:07 PM

60 වසරක දේශපාලන අත්දැකීම් තියෙන තමුන්ගේ සහෝදරයාගෙන්ම උපදෙස් ගත්තා නම් හොඳ නැද්ද?

:       126       258

දාසSunday, 10 October 2021 02:40 PM

කියලා දෙයි යසඅගේට... හොරකම් කරන විදිය මොකද, මිනිහා දන්නේ එච්චරයි...

:       96       190

විපරමා Sunday, 10 October 2021 05:55 PM

මොකට කියනවද? සෞභාග්‍යය පෙන්නලා ආයෙත් බලයේ ඉන්න ගේමක් ගහන්න හිතාගෙන ඇති. මේ දූෂිත බලලෝභී පවුලේ අයට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ...

:       70       166

RaveendraSunday, 10 October 2021 04:53 PM

අප රටේ මුල් පුරවැසියාගේ (සමහරවිට වචනයට පමණක් සීමාවිය හැකි...) අදහස් පිළිබඳව අගය කරන්නෙමු. අප රට පක්ෂ භේදයෙන් තොරව පොදුවේ ගත්කළ දේශපාලුවන් යනු තිඹිරිගෙය සිටම හොරකම්වලට කප් ගහපු, හොරකම් වලට පශ්චාත් උපාධිය ඉහළින්ම සමත් මෙන්ම, "මී හරක් අං පිටින්ම ගිලපු" සුපින්වත් සත්ගුණවත් දේශ හිතෛෂි පිං කඳන්ය. එයට අතීතය මෙන් වර්තමානයද උදාහරණ ඕනෑවටත් වඩා ඇති බව නොරහසකි. ඒ කෙසේවෙතත් මහජන මුදල් හොරාකන මෙන හොරාකාපු මෙන්ම උපන් රට පාවාදුන් කවුරුවත් අවසන් මොහොතේ හිත සන්සුන්ව මියගියේ නැති බව මුල් පුරවැසියාට සතුටින් දැන්වීමට කැමැත්තෙමු. හොරුන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්නේ නම් අඩු වශයෙන් රටට ගොඩ ඒමක් ගැන යාන්තමට හෝ බලාපොරොත්තු විය හැක. දියවන්නාව පට්ටියේ 226 ඇතුළත ඉතාමත්ම අවංක මිනිසුන් අතළොස්සක් සිටින බවත් කිව යුතුයි.. එනමුත් ඔවුන්ට අප කිසිවිට අවංකය යන චරිත සහතික නොදෙන්නෙමු. මක්නිසාද යත් ඔවුනුත් සිටින්නේත් තක්කඩි හොරුන් ඉන්න එකම පට්ටියේ බැවිනි. ලංකා මාතාවට සැමවිටම යහපතක් වේවා යන්න අපගේ එකම පැතුමයි.

:       30       55

DonSunday, 10 October 2021 08:21 PM

ඔබතුමා බලයට ආපු ගමන් කළ පළමු ක්‍රියාවෙන්ම මම නම් හිතුවේ 69 ලක්ෂයේ බලාපොරොත්තුව ඉටුකළා කියලා.. ගල්, වැලි, පස්, ලයිසන් නැතිව ප්‍රවාහනයට අවසර දීම...

:       36       105

VithanaWednesday, 13 October 2021 06:58 AM

කියන්නා කෙසේ කීවත් තමන් සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව රටේ ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.

:       0       1

prasanna Sunday, 10 October 2021 02:14 PM

මං බිබී හිටපු තේ එකත් උස්මුරුත්තාවට ගියා මේක කියවපු ගමන්...

:       69       145

තිත්ත ඇත්ත Sunday, 10 October 2021 02:17 PM

දූෂණයෙන් තොර, වචනේ ලස්සනයි.. හැබැයි තමුන්නාන්සේ ආව දවසේ ඉඳලා වුනේ.. අපි දැක්කේ දූෂණයම තමයි. ඒ දූෂණේ කළේත් තමුන්ගේ හැත්ක බුරුත්තමයි. බොරුව එපා... තමුන්ට ඔය කිසිදෙයක් නැති කරන්න බෑ. මොකද තමුනුත් ඔය කියන ගහේ මුදුන් මුලේ කොටසක් නිසා...

:       127       213

Hasantha Sunday, 10 October 2021 02:18 PM

සභාවේ තදින් සිනා...

:       80       188

ganegoda Sunday, 10 October 2021 02:24 PM

දූෂණයේ උපත කියන්නෙත් ඔහෙලටම නේද?

:       72       156

පිටිගල මිලානෝ Sunday, 10 October 2021 02:26 PM

පවුලේ අයගෙන්ද සහාය පතන්නේ? අපි නම් හොරු නෙවෙයි...

:       78       152

Senevi Sunday, 10 October 2021 02:31 PM

දූෂණයට සම්බන්ධ වීම හේතුවෙන් උසාවිවල නඩු පැවරී ඇති පිරිසක් එක්ක එකතුවෙලා කොහොමද මහත්තයෝ දූෂණය නැති කරන්නේ? මේවා නිකන් සුරංගනා කතා. කවුරුවත් ආයෙත් සැරයක් විශ්වාස කරයි කියලා නම් හිතන්න අමාරුයි...

:       69       150

de silva Sunday, 10 October 2021 02:39 PM

ඕක පවුලේ කෑම මේසෙදී කළයුතු ඉල්ලීමක්...

:       64       130

විපරමා Sunday, 10 October 2021 02:40 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා..? ලොක්කා විහිලු කරනවා වගේ.

:       52       126

රොහාන් මුතා Sunday, 10 October 2021 02:45 PM

අපි හොරෙන් කෑවද? ඔය අය තමයි කරන තරම් දූෂණ කරේ... අපිට වගාවක් කරගෙන කන්න පොහොර ටික දෙන්න..

:       46       128

Shyam Sunday, 10 October 2021 02:49 PM

දූෂණයෙන් තොරව ඉදිරියට යන්න අපෙන් සහාය ඉල්ලන්නේ... අපිද දූෂණ වැඩ කළේ? නැත්නම් දූෂණ කරන අයව අල්ලන්න ඕන අපිද?

:       44       124

සිරිබිරිස් Sunday, 10 October 2021 02:56 PM

"ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට"... වටිනා සිංහල කියමනක්...

:       42       113

chaminda dahanayaka Sunday, 10 October 2021 03:06 PM

තමන්ද ඇතුළුව වැඩේට බැස්සත් දැන්නම් ගොඩක් ප්‍රමාදයි. පැන්ඩෝරා එකෙන් පස්සෙද මතක් වුණේ..? ඔය වයසට ඔහොම්ම තමයි. ඉතිරි ටික අයියාගෙන් අහගන්න.

:       93       152

Ruby Sunday, 10 October 2021 03:08 PM

මොනවද ලියන්නේ කියලා කල්පනා කළේ...!

:       20       90

මහසෙන් Sunday, 10 October 2021 03:23 PM

69 ලක්ෂයක් ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දීලා අයියා අගමැති කරලා, මල්ලී මුදල් ඇමති කළාටත් පස්සේ අපෙන්ද සහාය ඉල්ලන්නේ...? ඉස්සෙල්ලම අඩුම ගානේ පහුගිය දවස්වල වූ සීනී, හාල්, සුදුළූණු වංචා ගැනවත් දන්නවද ඔබතුමා...? රට්ටුන්ගෙන් නොවේ කේවට්ටයින්ගෙනුයි, වටේ ඉන්න හොරුන්ගෙනුයි උපදෙස් ගන්න. තව අවුරුදු 3යි තියෙන්නේ. ඉඳලා ගිය අය කළ දේ සහ හිටපු අයට වුණු දේ තමයි ඔබටත් වෙන්නේ.

:       64       135

Rohana Sunday, 10 October 2021 03:29 PM

දූෂණයෙන් තොර...? වචනේ නම් ලස්සනයි. දූෂිතයන් සිටින සමාජයක නැතිනොවන, නැතිකළ නොහැකි එකම දේ දූෂණයයි.

:       36       79

දමිත් Sunday, 10 October 2021 03:30 PM

රටක නායකයා කොතරම් පිරිසිදු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකු වීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

:       6       93

fairoos Sunday, 10 October 2021 03:41 PM

ඉන්න, හිටින්න රටක් තිබ්බොත් ඇති...

:       39       108

Ajithsenadheera Sunday, 10 October 2021 03:50 PM

බොරු කියන්නේ ....

:       61       109

Suranimala Sunday, 10 October 2021 03:51 PM

දුමින්ද සිල්වාට එක නීතියක්, අනෙක් සිරකරුවන්ට එක නීතියක්... ඒක තමයි.. එකම රටක්, එකම නීතියක් කියලා කියන්නේ...

:       36       131

[email protected] Sunday, 10 October 2021 03:59 PM

ඔහේගේ කතා නම් අම්මපා කුමට කියනවැයි... මරු හැබැයි මහත්තයෝ බයිලා කියන්න ගත්තේ ඊළඟ ඡන්දෙදී වැඩ වරදීවි කියලා දැණුන හින්දා නේද? නැත්නම් පහුගිය වසර 2 තුළදී දමපු ඔක්කොම ඒවා ගොන් පාට් නොවැ.. හොඳයි නිකන් එකක් කියන්නකෝ කොරපු හරි, හොඳ වැඩක්?

:       49       143

samira Sunday, 10 October 2021 04:06 PM

අපි මෙයාගෙන් ඉල්ලන්න ඕන ඒවා මෙයා අපෙන් ඉල්ලනවා...

:       41       113

නිමල් Sunday, 10 October 2021 04:22 PM

එතකොට දූෂණේ හොරාකන්නේ සාමාන්‍ය ජනතාවද? ඉස්සෙල්ලා ඔඩොක්කුවේ ඉන්න ඇමතියයි, හෙන්චයියොයි හොරාකන එක නවත්ත ගත්තොත් නරකද? අනික රටේ බලය තියෙන ජානාධිපති මීඩියා එකට ඇවිල්ලා ජනතාවට එහෙම ඉන්න.., මෙහෙම ඉන්න කියලා හරියනවාද, බහුතරයක් පාලනයට තමයි නීතිරිති සහ ක්‍රම තියෙන්නේ.... එ්වා ක්‍රියාත්මක කරන්න...

:       18       77

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 10 October 2021 04:23 PM

දූෂණය නැති කිරීමට ජනතාවගෙන් සහාය පතයි..? ජනතාව මොනවා කරන්නද ජනාධිපතිතුමනි...? මේ රට මෙච්චර කාලයක් විනාශ කලේ දේශපාලකයෝයි, නිලධාරි පැලැන්තියයි වෙද්දී... රට හදනවාමයි කියලා ආපු ඔබතුමත් හිමිහිට බෝලේ ජනතාවට පාස් කරන එකනේ ඉවසන්න බැරි..! අර ඔබතුමා ආපු දවස් ටිකේ හරියට කෙරුවේ... ඇයි දැන් බැරි..?

:       5       77

Bandara Sunday, 10 October 2021 04:25 PM

ඕක අපිට කියලා වැඩක් නෑ. පවුලේ අය එකතු වෙච්චි වෙලාවක කියන්න.

:       47       56

සෙනෙවිරත්න Sunday, 10 October 2021 04:30 PM

එතකොට මහජනතාව වන අපද දූෂිත? සිහියෙන්ද කතා කරන්නේ?

:       52       47

Sas Sunday, 10 October 2021 04:48 PM

දැන්ද ඔයාට මතක් වූයේ...?

:       32       46

amila Sunday, 10 October 2021 04:55 PM

මේක ගොඩ ගන්නවා නම් ගන්න පුළුවන් එකම මනුස්සයා ගෝඨාභය විතරයි.

:       68       53

kapSunday, 10 October 2021 05:40 PM

මේක කිව්වේ මොකක්ද මෙයා? හන්ගපු සීනි, සුදු ළූණු, හාල් වගේ ඒවද? නැත්නම් ප්‍රභාගේ රත්තරන්ද?

:       51       50

ගමේ එකාලාSunday, 10 October 2021 06:16 PM

නාගරික සංවර්ධන ඇමතියා වෙලා ඉන්න කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි දේ දෙයියො තමයි දන්නේ...

:       45       43

Don perera Sunday, 10 October 2021 06:29 PM

තව බත් කන හරක් රටේ ඇත...

:       46       54

ලෙක්කෝ ගලබඩ Sunday, 10 October 2021 04:55 PM

හරියට අපේ පවුල හොරු වගේනේ කතාව...

:       48       50

Nihal Sunday, 10 October 2021 05:04 PM

ඔක්කොම වුණාට පස්සේ මෙයා හදන්නේ අනේ මන් දන්නේ නෑ කියලා බාබා පාට් දාන්න. ඕවාට මේ රටේ මිනිස්සු අහුවෙන්න නෑ. ඉන්දියාවෙන් ඇවිල්ලා පළාත් සභා කෝ කියලා ඇහුවා විතරයි මෙයාට ඡන්දෙ මතක් වෙලා ඡන්ද කඩාගන්න අනුකම්පා ඇක්ට් එකක් දානවා.

:       54       57

දාස Sunday, 10 October 2021 05:58 PM

කෝව්ඩ් හින්දා වෙන්න ඇති අර පිස්තෝලයක් අරගෙන හිරගෙට පැන්න කෙනා තාම අැමති කෙනෙක් විදියට බැබලෙන්නේ...

:       9       51

අනිල් Sunday, 10 October 2021 06:04 PM

ඔය බයිලා අහන්න දැන් මිනිස්සු ලෑස්ති නැහැ හලෝ...

:       41       50

ජගත් Sunday, 10 October 2021 06:14 PM

ඇස් පනාපිට ගජමිතුරන්ට හොරකම් කරන්න ඉඩ දීලා ඔය මොන බයිලා ගැහුවත් වැඩක් නෑ. ආපු දවසේ ඉඳලාම කරේ ඒක නෙවෙයිද කියලා හිතලා බලන්න.

:       38       49

Rashmi Sunday, 10 October 2021 06:26 PM

අපිට නම් දැන් ඔය පවුලම දකිද්දී හිරිකිතයි. මිලියන ගාණක මිනිස්සුන්ගේ ශාප වදිනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නොවේ. ඕවා පිට දාන්නේ මුණුබුරු මිණිබිරියන්ගෙන්.

:       42       35

Don perera Sunday, 10 October 2021 06:27 PM

පිස්සුවෙන් කියවනවද කොහේද? මෙයාව පිළිගන්න බූරුවන් තවමත් ඉන්නවනේ...

:       28       36

de silva Sunday, 10 October 2021 06:49 PM

සර් පුලුවන්නම් මේ මුළු රටම ඇමරිකාවට පවරලා දෙන්න. ඇමරිකාවේ 52 වෙනි ප්‍රාන්තය වශයෙන්.

:       18       19

ලියනගේ Sunday, 10 October 2021 07:15 PM

ඔය කතාව ඔයාගෙ මැති ඇමැතිලාටයි ගජමිතුරු සෙට් එකටයි කියන්න ඕන . අපිට කියල වැඩක් නැහැනෙ . අනේ මන්දා මෙහෙමත් ජනාධිපති කෙනෙක් .

:       19       23

pandora Sunday, 10 October 2021 07:22 PM

අපේ නම් කිසිම අප්‍රසාදයක් නැත .ගෑස් ටික ,වැලි ටිකක් කපාගෙන මිනිස්සුන්ගේ රීරි මාංශය සූරා කාගෙන ,කීයක් හරි හොයාගෙන අපි අද හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව යහතින් ඉන්නේ ඔබ නිසා .අප ඔබට සදා ණයගැතිය -පැන්ඩෝරා අක්කා

:       22       24

Raam Sunday, 10 October 2021 08:06 PM

එතකොට සීනී හොරා මමද?

:       16       25

Lal Sunday, 10 October 2021 08:13 PM

ඔබ කල යුතු දේවල් නොකර හිටියා,නොකල යුතු දේවල් හිරිකිතයක් නැතුව කළා.තවදුරටත් ගොන් කතා, ගොන් පාට් දාන්න එපා.ඔබ කල් ඉකුත් වූ භාණ්ඩයක්.

:       27       32

Pradeep Sunday, 10 October 2021 08:19 PM

ම්නීමරුවො, කුඩු කාරයො, තක්කඩි නිදහස් කරල රජයේ උසස් තනතුර දෙන්නේ කොවිඩ් හින්දා ද ?

:       26       33

Gagana Sunday, 10 October 2021 08:20 PM

ආයෙනම් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නෑ !!!

:       29       33

Sharn Sunday, 10 October 2021 09:31 PM

හරියට ජනතාව හොරා කනව වගේ හොරාකෑම නවතන්නට සහය ඉල්ලන්නේ, ඔය (පා)රිලාමේන්තුවේ ඉන්න අයගෙන් සහය ඉල්ලුානම් හරි…..දූෂණය පාරිභාෂික දේ්‍රශපාලන හිගමනේ නැතිවම බැරි වචනය

:       17       22

ranjith Sunday, 10 October 2021 10:03 PM

සෞභායේ දැක්ම, 69 ලක්ෂය හින්දා මේවා ඔක්කොම.

:       25       16

Mangala Monday, 11 October 2021 01:22 AM

අලි සබ්‍රී අධිකරණ ඇමති කරලා, මිලින්ද මොරගොඩ ඉන්දියා තානාපති කරලා, එක රටක් එක නීතිය පැත්තකට කරලා 20 සංශෝධනේට මුස්ලිම් මන්ත්‍රී ඡන්ද ටික අරගත්තට පස්සේ තව මොන කථාද. ආවේ නම් රුවන්වැලි සැය ඉදිරියේ දිවුරුම් දීලා ඒත් කරන්නේ එළාර වැඩ.

:       30       23

සෙනෙවිරත්න Monday, 11 October 2021 06:31 AM

හා හා එළාරට අපහාස කරන්න එපා. එළාර කොතරම් යුක්ති සහගතද මෙයාට වඩා? අපි අහල තියෙන විදියට පුතාට පවා දඩුවම් දුන්න වරදට, මේ එහෙමද?

:       1       16

Demuni Uduwara Monday, 11 October 2021 04:23 AM

20 අහෝසි කර පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් අපට හෙළිදරව් කරන්න.

:       0       12

ගොබ්බසේන Monday, 11 October 2021 06:38 AM

නොදන්නා නිසා අහන්නෙ මෙතන සිටින ලොක්කො දෙන්නම හමුදා ලාංඡන පැළද සිටිනවා හමුදාවේ ජේස්ඨත්වයට සැලකීමක් ඇත්නම් මේක හරිද දන්න කෙනෙක් කියන්න.

:       1       8

එරාන් ද හේරත් Monday, 11 October 2021 07:39 AM

එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා. දුමින් ද සිල්වා වගේ ඔක්කොම මරන දඩුවම ලැබිච්ච ඔක්කොම නිදහස් කරන්න වේවි එක රටක් එක නිතීයක් නම්.

:       2       13

කුරුප්පු Monday, 11 October 2021 07:53 AM

දූෂණය වැලැක්වීමට ජනතාව වන අප සහාය විය යුත්තේ කෙසේදැයි මට නම් නො තේරේ.

:       0       13

සුදන්ත Monday, 11 October 2021 10:36 AM

මම බලං ඉද්දි ඩිස්ලයික් වැටුනේ 30-40. හැබැයි ලයික් වැටෙන්නේ 1-2 ක්. වෙනම පිරිසක් ඉන්නව වගේ ඒ වැඩේටම. තමන්ගෙ මහන්සියෙන් සල්ලි හොයන්න වැඩකට ඇති රස්සාවක් හොයාගන්න මහත්තයො. ඩිස්ලයික් වැඩි උනා කියලා මිනිස්සු රැවටෙන්නේ නෑ.

:       2       14

සුදන්ත Monday, 11 October 2021 10:48 AM

මෙයා කතා කරන්නේ අපි හොරකම් කරා වගේ. ජනතාවගේ සහය ඉල්ලන්නේ.? පරම්පරාවම ආණ්ඩුවේ, අයියා අගමැති, මල්ලි ඇමති, රට පාලනය කරන්නේ පවුලේ මිනිස්සු, පාර්ලිමේන්තු 2/3 බලයක් තියනවා, තනතුරු බොහොමයක ඉන්නේ ඔයා දාපු ආමි එකේ මිනිස්සු, ආර්ථික බලය තියෙන්නේ පවුලට. තව මොනවද ඕනා? මගේ ඡන්දෙ දීලා මේ තරම් කලකිරුණ ආණ්ඩුවක් නෑ. සිරිසේන හොඳයි.

:       0       16

Sunil Monday, 11 October 2021 01:35 PM

එක්කෙනෙක්වත් හොඳක් කියනවද?

:       1       13

සෙනෙවිරත්න Monday, 11 October 2021 03:30 PM

කොහොම කියන්නද? කරලා නැතුව...

:       0       7

සෙනෙවිරත්න Monday, 11 October 2021 03:34 PM

ආරක්ෂක ලේකම් විදියට කොළවල අත්සන් කරලා, පස්සේ අයියගේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන බාරගෙන කොළඹ කුණු හංගලා, පාරවල්වල කැටගල් ඇල්ලුවාට රටක් පාලනය කළ හැකිද? ඔය සත්‍ය අපට නම් පෙනුණා... ඒත් අවාසනාවට රටේ මිනිස්සු හිතුවේ හාස්කම් කළ හැකි කෙනෙක් විදියට...

:       1       8

පිටරැටියා Monday, 11 October 2021 04:15 PM

ලෝකෙම අප්‍රසාදයට පත් වෙලා තියෙන හැටි පහුගිය කාලේ දකින්න ඇතිනේ... ආයේ මොන කතාද?

:       0       7

duminda Monday, 11 October 2021 06:10 PM

ශවේන්ද්‍ර ඔහොම හිටන් ඉන්නේ නැතිව මොනවාහරි කරන්නකෝ...

:       0       7

Perera Tuesday, 12 October 2021 12:04 AM

අප්‍රසාදේ කොපමණද කිව්වොත් ගාර්ඩ් එක නැතුව පාරට බැස්සොත් බලාගන්න පුළුවන්.

:       0       5

බද්රානි Tuesday, 12 October 2021 12:54 PM

"බැරි සිල් නොගනින් අබරෝ" කිව්වලු. , එලොවටත් මෙලොවටත් නැති මාෆියා චීවර කාරයින් හා වියතුන් යයි කියා ගන්න මෝඩයින් මේ රටට ගෙනාපු බොල් පිළිමේ තමයි මේ ඛේදවාචකයට හේතුව. තමන් කෙරුමා යයි සිතාගෙන අඳුරේ අතපත ගාන්නෙක්. මොනා උනත් පල් මෝඩයින්ට ගෑස් නම් පෙන්නුවා නියමෙටම.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 3235 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 883 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1399 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1162 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 815 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2386 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site