IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා

(අංජුල මහික වීරරත්න)

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේය.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදීය.

ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන්නේය.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කළේය.

රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු විය.

පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමටද මෙහිදී තීරණය විය.

උතුර පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා

මැක්ස් Tuesday, 22 October 2024 04:02 PM

පළාත් බබ්බු නොමැතිව දැන් සැලකිය යුතු කාලයක් රට හොදින් දුවනු අපට අත්දැකීමෙන් පෙනේ. පළාත් සභා සුදු අලි බවටත් දැන් ආණ්ඩු කරන ඇත්තෝ කාලයක් පුරා මන්තරයක් මෙන් වැපිරූ අදහසකි. ඉතින්, දෙය්යනේ, ඇයි බැරි දැන් සුදු අලියා ඉවත් කරන්න. රුපියල් කීයක් නම් ඉතුරු කර ගන්න පුළුවන් ද? වාහන සංදර්ශන වැනි විහිළු නවතා ඒ ගැන හිතුවොත් නරකද ජනපතිතුමා?

:       4       11

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 04:14 PM

මේ වගේ අවවාදයක් දෙන නායකයෙකු පත්කිරිමට ඡන්දය පාවිච්චි කිරීම ගැන ආඩම්බර වෙමි. ඉතිහාසයේ මෙවන් නායකයෙකු බිහිවූයේ නම් අප මේ අගාධයට වැටෙන්නේ නැත.

:       7       8

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 74 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 235 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 261 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 850 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 647 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site