(උපුල් හේරත්)
රජරට බල පා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ ඝන කැලෑවට හා කුඩා වන ලැහැබවලට රිංගා බෙහෙත් ඖෂධ සොයමින් දිවි ගෙවන පුවතක් වාර්තා විය.
මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇලපත්ගම, කිරල්පැටියාව යන ගම්මානවල පදිංචි පවුල් විශාල ප්‍රමාණයක් මෙම වෘත්තියෙහි නියැළී ඇත. අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබා දෙන ලද ආධාර මුදල් ද නොඅඩුව ලැබෙන බව එහි ජනතාව පවසති.
වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ. ඔවුනගේ දිවි ගැටගහ
ගැනීමට අසීරු හෙයින් මෙම දුෂ්කර දිවි පෙවතට මං පැදුන බව ගම් වැසියෝ පවසති.
මේ පිළිබඳව අදහස් දක්වන සෝභිත ගම, දුනු මඩලාව පදිංචි එච්.එම්. ප්‍රේමරත්න (67)
කන්න දෙකක් තිස්සේ අපට වැස්සක් ලැබුණේ නෑ. කුඩා වැව් ඔක්කොම හිඳිලා. කුලියක් ඇත්තෙම නෑ. ගම වටේට තියෙන ලඳු කැලෑවල වැවී තියෙන පාවට්ටා, තෙල් එඬරු, කලාඳුරු, මීවැල්ලෑ පොතු යනාදිය කපා - වේලා බෙහෙත් කඩවලට විකුණනවා. ඉන් ලබන සොච්චන් මුදලින් හාල් තුනපහේ ගන්නවා.
බත් වේලක් කනවා කියන එක අපිට ලොකූ දෙයක් මහත්තයෝ. සමහර පවුල් වලට පේරු දානය දෙන්නවත් පුළුවන් කමක් නෑ. යනුවෙන් පැවැසීය.
ඇලපත් ගම දුනුමඩලාව පදිංචි එස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක
මම එක්දහස් නවසිය පහළොවේදී උපත ලැබුවා. මම විවාහකයි. බිරිය මිය ගියා. අපට දරුවන් නැහැ. දවසේ තුන් වේලෙන් එක වේලක් මල්ලිගෙ ගෙදරට ගිහිල්ලා ඉල්ලගෙන කනවා. ඉතිරි වේල් දෙකම බඩගින්නෙ ඉන්නවා. දැන් මම වියපත් රජයෙන් ලබා දෙන සහනාධාර මුදලත් පින් පඩියත් ජීවත් වෙන්න මදි.
ඒ නිසා මහා ඝන කැලේට ගිහිල්ලා මී මැස්සන් අල්ලා ගෙන පෙටිටී වලට දමාගෙන මී වද කඩාගෙන විකුණා සුළු මුදලක් හොයා ගන්නවා. ඒ ඇරෙන්ඩ වෙනත් කිසිම ආදායමක් නැහැ. ගමේ ඉන්න අනිත් ඇත්තෝ වගේම බෙහෙත් බඩු කඩේට මේ පැණි ටික දීලා ලැබෙන මුදලින් තමා බුලත් විටක් හරි කන්නේ... යනුවෙන් ඔහු පැවසීය.
මෙම ගම්මානවල වෙසෙන ජනතාවට මධ්‍යම රජය මගින් ලබාදී ඇති ව්‍යාපෘතියකට අනුව නිවාස ඉදිකරමින් පැවතුනත්, බොහෝ දෙනකුගේ කුසපුරවා ගැනීමේ සටනක නියැළෙන බව නම් ඉතාමත්ම පැහැදිලිය. මේ සිද්ධිය පිළිබඳව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ දුරකථනයෙන් කළ විමසීමක දී ඇය කියා සිටියේ ඇලපත්ගම ගම්මානයේ ජනතාවට විවිධ පැතිකඩ ඔස්සේ ආධාර ලැබී තිබෙනවා. අපි සම්බන්ධ නොවුණ ඇතැම් අවස්ථාවලත් ඒ පිරිසට ආධාර ලැබී තිබෙන බව ලේකම්වරිය අවධාරණය කළාය.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රජරට ගෙවියෝ කැලෑ වදිති