IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයි

(චාපා මධුභාෂිණී)

පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි  වකුගඩු රෝගීහු පවසති.

මෙම රෝහලේන් නේවාසික ප්‍රතිකාර මෙන්ම දෛනිකව සායනික රෝගීන්හු විශාල ප්‍රමාණයක් පැමිණෙති. නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර ප්‍රතිකාර ගැනීමට එන  ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් ඔවුහු දැඩි පීඩාවකට පත්වෙති.

මෙම රෝහලේ වකුගඩු රෝගීන් 100කගේ පමණ ඒකවර රුධිර කාන්දුකරණයට යොමු කළ පරිදි පහසුකම් සලසා ඇතත් ඖෂධ හිඟය නිසා දැනට දිනකට අධියර 2 ක් යටතේ රෝගීන් 100කට පමණ රුධිර කාන්දුකරණය සිදු කරනු ලබයි.

පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රුධිර කාන්දුකරණයට රෝගීන් 150 පමණ දිනකට යොමුවන අතර ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ පොලොන්නරුව වකුගඩු රෝහලටයි.  ඉතා සුළු පිරිසක් මැදිරිගිරිය මූලික රෝහලට සහ හිගුරක්ගොඩ රෝහල වෙත යොමු වෙති.

වකුගඩු  රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බාහිර රෝගීන්ට සේම නේවාසික රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකම හේතුවෙන් රෝගීන්ට සිදුව ඇත්තේ වැඩිමිලට පෞද්ගලික ඖෂධාගාරවලින් මිලදී ගැනීමට බව රෝගීහු පවසති.

මෙම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීයකු අප වෙත කියා සිටියේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000 මුදලක් ලැබුනද ඒය ඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.

වකුගඩු දීමනාව ද මාස දෙකකින තමන්ට නොලැබුන බවත් මෙවර සායනයෙන් පිට ඖෂධහල්වලින් ලබා  දුන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා වචනෙන් කිව නොහැකි අසරණකමක් දැනුන බව කදුළු පිරි දෙනෙතින් යුතුව අපවෙත කියන්නට විය.

රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට ලියන ලද ඖෂධවල මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රීක් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කිය.

වෛද්‍යවරුන් නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසකට  ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියන මුදලට දින කීපයකට ඖෂධ අරන් යනව. නැවත බෙහෙත් ගන්න එන්නේ නෑ. එහෙම එන අවස්ථාව ඉතාම අඩුයි    

රජය ඖෂධ වර්ගවල මිල ගණන් 16% අඩු කළා. නමුත් එම මිල 50% අඩු කිරීමට රජයට හැකියාවක් තියෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරනා මහා පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් මේ තුළින් ලබනවා. ඒම මාපියාව නතර කරනවා නම් ඒ්ක රෝගීන්ට දැඩි අත්වැසිල්ලක්.

ඖෂධ අලෙවි කිරීම තුලින් අපිට තියෙන්නේ 10% ලාභයක් මසකට විදුලි බිල පමණක් රුපියල් 85 000 පමණ වෙනවා. ඖෂධ මිල අඩු කළොත් අපිටත් සහනදායී ලෙස ඖෂධ ලබා දිය හැකි බව ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

රජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයි

සල්ලි Tuesday, 13 June 2023 06:52 AM

සිරිසේන ඔයාට පුලුවන් ඔයාගේ කොළඹ ගෙදර විකුනලා සල්ලි අරන් දෙන්න , නියම නායකයෝ එහෙමයි. තමන්ගේ වස්තුව දන් දුන්නා ජනතාව වෙනුවෙන් , ඔයා ලෑස්තිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 819 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1826 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 250 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 144 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 813 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26627 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site