(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් වෙබ් අඩවියක් නිර්මාණය කිරිම සදහා ලබාදුන් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ප්‍රධාන අමාත්‍යශයේ ලේකම්වරයාට නියම කළේය.
උතුරු මැද පළාතේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටත්, උතුරු මැද පළාතේ සංචාරක තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යාන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීම සදහාත් මෙම මුදල 2016 වසරේදි කොන්ත්‍රාත්කරකුට ලබාදි තිබුණි.
මේ සම්බන්ධයෙන් එම කොන්ත්‍රාත්කරුවා සමග ගිවිසුම් ගතව තිබුණද මෙතෙක් එම කාර්ය ඉටුවී නැති බවද එම මුදලට සිදුවු දෙයක් නොමැති බව ද මෙහිදි අනාවරණය විය.
ඒ අනුව එම කාර්ය ඉටු නොකර මුදල් වංචාවක් සිදුකර ඇති බැවින් ඒ පිළිබදව වහාම නීති මගින් කටයුතු කරන ලෙසත් ඊට අමතරව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර එම වංචාව සිදු කළ අයට විරුද්ධව කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා මෙහිදි නියම කළේය.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රජරට ශ්‍රී විභූතිය ලොවට කියන්න දුන් ලක්ෂ 160ක් බහිරවයාට
fairoos Tuesday, 06 April 2021 08:33 AM
වැඩේ වෙන්න ඉස්සෙලා මුළු මුදලම දිලා ද? එහෙනම් හොඳ කොමිස් එකක් ලැබෙන්න ඇති.
Kule Tuesday, 06 April 2021 10:06 AM
2016 ද, එහෙනම් අහන්න දෙයක් නැහැ. බැංකු හොරුන්ගේ කාලෙනේ..
සෙනෙවිරත්න Tuesday, 06 April 2021 12:10 PM
මධ්‍යම ආණ්ඩුවේ බලය තිබුණේ අලුත් හොරු කල්ලියට, වුණාට පළාත් සභාවේ බලය තිබුනේ අනිත් හොරු කල්ලියට..
Hafeel Tuesday, 06 April 2021 02:22 PM
ඉක්මන් වුණා. මේ ගනුදෙණු වෙලා තියෙන්නේ පළාත් සභාවෙන්. හරි හරි ඉතින් දෙගොල්ලන්ම හොරු...