(දයාරත්න ඇඹෝගම,චාපා මධුභාෂිණි, සහ නිමල් ජයරත්න)
උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.
උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන් විසි දෙදහසක් (22,000) අද මෙම විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි අතර මේ සදහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (රැ.1,50,000.00) පිරිවැයක් දරා ප්‍රශ්න පත්‍ර විසිදෙදහසක් මුද්‍රණය කර තිබුණි.
එහෙත් මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදිම උපකාරක පංති පවත්වන ගුරුවරුන් විසින් තමන්ගේ උපකාරක පංති සදහා සහභාගිවන සිසුන්ලවා මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලද තොරතුරු මත විභාගය අත්හිටුවිමට මෙසේ පියවර ගෙන තිබුණි.
ඡායා චාපා මධුභාෂිණි
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර
Pradeep Kumara Monday, 06 January 2025 01:28 PM
එම පිරිවැය අදාළ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් අයකරගෙන ඔවුන්ට වසරක කාලයක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන්න.
Janindu Monday, 06 January 2025 01:50 PM
ටියුෂන් ගුරුවරු කියන්නේත් එක්තරා ආකාරයක පාතාලයක් තමයි...!
saman Monday, 06 January 2025 02:06 PM
ටිව්ෂන් කියන්නේ මේ රටට විනයක්. ටිව්ෂන් මේ රටින් අතුගා දැමිය යුතුයි.
himal Monday, 06 January 2025 02:57 PM
ප්‍රශ්න පත්‍රය පිට වුණා කියලා දරුවෝ හිස් අතින් යැව්වා නෙවෙයි විභාගය නොපැවැත්වීමක් වෙලා තියෙන්නේ..., මොකද වෙනදා දරුවෝ අත පුරවාගෙන ගෙදර ගියේ නෑනේ...!
වහල් Monday, 06 January 2025 03:57 PM
ගිය ආණ්ඩු කාලෙ ප්‍රශ්නපත්‍රයක්වත් ආණ්ඩුවට හදාගන්න බැහැ කියල කෑ මොර දුන්නු වහල් ජනය දැන් නිහඩයි.