IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


‘රට අවදි කරන්න සියලු දෙනා එක් විය යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

රට අවදිකිරීම සඳහා  සියලූ දෙනාම  එක්ව කටයුතු කළ යුතුව ඇතැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී  අද (10) පැවැසූහ.

අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සඳහා ජීවිත පරිතයාගයෙන් තමන් ගෙන ගිය ආධ්‍යාත්මික සටනට සහයෝගය පළ කළ සියලූදෙනාට ස්තූතිය පුද කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ  රාජගිරිය සඳහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ.

‘‘ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ජීවිත පරිතයාගයෙන්  අපි උපවාසයක නිරත වුණා. එම උපවාසයේදී අපගේ පණිවිඩය සමාජගත කිරීමට කැපවී ක‍්‍රියා කළ සියලු මාධ්‍යවේදීනට අපි ස්තූතිය පුද කළ යුතුයි.

රටක් අවදිකරන්න නම් අපි සියලුදෙනාම  එකතු විය යුතුයි. එහිදී ජනතාවට පණිවිඩය ගෙනයන ප‍්‍රධාන සන්නිවේදකයෝ තමයි මාධ්‍යය. එහිදී මාධ්‍යයේ වගකීම හරියට ඉටු කලා කියලා මම විශ්වාස කරනවා.

අපි ධර්මයත් එක්ක, ආධ්‍යාත්මිකත්වයත් එක්ක අහිංසාවාදීව තමයි ජීවිත පරිත්‍යාගයෙන් කරන මේ උපවාසය සිදුකළේ. ඒ උපවාසය පිළිබඳ විවිධ කියැවීම්, විවිධ සාකච්ඡා සමාජය තුළ ඇති වුණා.

ඉන් පසු මහානායක හිමිවරුන්  මුස්ලිම්  ඇමතිවරුන්ට කිව්වලු සමගි වෙන්න කියලා. ඒක මහානායක හිමියන්  ප‍්‍රකාශ කළා  කිව්වට  මහානායක හිමියන් එවැනි සාකච්ඡුාවකට වාඩි නොවූ බව සියලුම මාධ්‍ය වේදීන් දන්නවා. අපිත් කියනවා  සමගි වෙන්න කියලා. හැබැයි දුෂිතයන්ට දඩුවම් ලබාදිය යුතුයි.

අපි දින තුනක් මේ උපවාසය සිදුකලේ ඉතාම සාමකාමීවයි. අපි ආව්ගශීලිව කටයුතු කලේ නැහැ. බොහෝ  විට අපි සිදුකලේ පිරිත් සජ්ඡායනා කිරීමයි.  රට පුරා විසිර සිටි 5000ක් පමන අපි වටා වාඩිවී තිබෙවා.  ඒ වගේ ආධ්‍යාත්මික අධිෂ්ඨාන කිරීම ගැන ඒ සියලුදෙනාටම ස්තූති වන්ත වෙන්න  ඕන’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 



අදහස් (7)

‘රට අවදි කරන්න සියලු දෙනා එක් විය යුතුයි’

Gunasinha Monday, 10 June 2019 03:08 PM

ඔබවහන්සේ වටා අපි පෙළට එනවා..

:       61       74

Bamunuarachchi Tuesday, 11 June 2019 03:12 AM

එ්ත් අර ත්‍රෛනිකාය කියා ගන්න අයත් එක්කර ගත්තොත් ඔබ වහන්සේගේ වැඩපිළිවෙල හබක් වෙනවා. හිස්බුල්ලගේ තර්ජන ඉදිරියට සටන්පාඨ කර ගනිමු.

:       186       196

mohommad Tuesday, 11 June 2019 03:42 AM

අනේ...!!! අර මුස්ලිම් මිනිසුන්ට වඳින්න. නැත්තන් බඩගින්නේ පීචන් වෙලා මැරෙන්නයි වෙන්නේ...

:       7       5

BamunuarachchiWednesday, 12 June 2019 12:19 AM

අපි කැළෑ කපන්න පටන් ගත්ත දාට ඒ ගොල්ලන්ට සලකන්නම්.

:       1       2

sam Tuesday, 11 June 2019 08:59 AM

කරන කෙරුවාවක් බොරුවෙන් නොවේ නම්...

:       0       4

Don Tuesday, 11 June 2019 03:06 PM

අවදි කරාට කමක් නැහැ, ගිනි තියන්නේ නැතිව.

:       40       2

Bamunuarachchi Wednesday, 12 June 2019 12:22 AM

ගිනිතියන්නේ අර ගොල්ලන්ගේ කැළෑ

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 209 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 236 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 443 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 575 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 676 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 323 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site