IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රටේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක්

(ගම්පහ තිලකරත්න දිසානායක)

වෙළඳ පොලෙහි සියලුම සහල් මිල රජය මගින් පනවා ඇති පාලන මිල ගණන් ඉක්මවා ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඇතැම්ති ප්‍රදේශවල සහල් හිඟයක් පැවැතීම නිසා තත්ත්වයක් පැවතීමෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

ඇතැම් වෙළඳසල්වල සහල් මිල ඉහළ දමා තිබුණි. ඒ අනුව රතු කැකුළු කිලෝවක් - රුපියල් 95 ත් 100 ත් අතර, සුදු කැකුළු - රුපියල් 102 ත් 105 ත් අතර, නාඩු කිලෝවක් - රුපියල් 110 ත් රුපියල් 115 අතර සහ සම්බා සහල් කිලෝවක් - රුපියල් 115 ත් රුපියල් 125 ත් අතර මිලකට අලෙවි කළේය.

මෙලෙස මිල ගණන් ඉහළයාම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියන්ගෙන් විමසිමේදී පවසා සිටියේ මෝල්කරුවන්  ලබා දෙන මිල ගණන් අනුව රජයේ පාලන මිලට ලබාදීම කළ නොහැකි බවත් සහල් ලබාදීම සීමා කොට ඇති බැවින් පවතින සහල් තොග මෙලෙස වැඩි මිලට අලෙවි කිරීමට සිදුව ඇති බවත්ය.

මේ අතර ගම්පහ ප්‍රදේශයේ සතොස වෙළඳසල්වල නාඩු සහල් නොමැති තත්ත්වයක් පවතින බවද දැනගන්නට ලැබිණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කර සිටියේ , මේ වන විට කුඩා මෝල් කරුවන් විසින් සහල් සකස් කිරීම නොකරන බවත් මහා පරිමාණයේ සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් සුළු ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කිරීම හේතුවෙන් සහල් මිල ගණන් ඉහළ යාම සහ වෙළඳ පොලෙහි යම් වශයෙන් සහල් හිගයක් නිර්මාණයවී ඇති බවත්ය.

මේ අතර සහල් මිල දරාගත නොහැකි අන්දමින් මෙලෙස ඉහළ යාම පිළිබඳව පාරිභෝගිකයින් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ , මේ වනවිට සහල් මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බැවින් රජය කෝටි දෙකකට අධික රටේ ජනතාව ගැන සිතා ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවය.

 



අදහස් (5)

රටේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක්

කිරි පුතා Sunday, 26 September 2021 07:29 PM

මේ කෲර වෙළඳ මාෆියාව නිදහස ලැබුව දා පටන් වර්ධනය වෙච්ච එකක්. මේක වෙනස් කරන්නට පෙර ඕනෑම රජයක් ඊට පූර්ව සූදානම් තිබිය යුතුයි . නැතිනම් කූඨ ව්‍යාපාරිකයා දිනනවා. ගොවියාද මේ ව්‍යාපාරයේම හවුල් කරුවෙකි. ඇති තරම් වස විස දමා ඔවුන් කරන්නේ ද තනිකරම ව්‍යාපාරයකි.

:       2       0

භාතිය Sunday, 26 September 2021 08:57 PM

හොරණ ප්‍රධාන වෙළෙදසැල් රැසක නිපුන, අරලිය වාගේ ප්‍රධාන වෙළෙදනාමවල සම්බා සහල් නැහැ. තිබෙන්නේ අධික මිල ගණන් දමා ඇති සුපිරි කීරි සම්බා පමණයි. ඇතැම් තැන්වල සම්බා සහල් තිබුණත් ඒවායේ කිලෝවක් රුපියල් 153ක් වෙනවා.. මේක විහිළුවක් නෙමේ.

:       0       0

චන්දන Monday, 27 September 2021 07:07 AM

කරුණාකරල රටින් ගෙන්වලා හරි මේ කෝටිපති වීමෝල් හිමියන්ව මට්ටු කරන්න. දේශිය කියලා වවාගෙන කන්න දෙන්න බෑ. රටින් ගෙනාවොත් 60 විතර හාල් දෙන්න පුළුවන්.

:       3       4

Sunil Monday, 27 September 2021 11:32 AM

කෘෂිකාර්මික ඇමතියි , වෙළඳ ඇමැතියි එකතු වෙලා දෙනවයි කියූ ගේම තමා මේ

:       0       1

Bamunuarachchi Monday, 27 September 2021 04:55 PM

ගොවියා වතුර ටික පොහොර ටික උපදෙස් ටික රජයෙන් ලබාගෙන වී ටික විකුණන්නේ පෞද්ගලික මෝල් හිමියාට නම් වී සහල් කර විකුණන්නේ මෝල් හිමියාට නම් මේ ප්‍රශ්නය සදාකාලිකයි. එකම විසඳුම රවී කිව්වා වගේ පිටරටින් සහල් ලාබෙට ගෙන්වීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 585 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3343 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4128 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10854 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4036 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 544 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 269 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site