IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න‘‘

(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා "ගැසට්" ගැසී⁣ම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අනුරාධපුර යුගයේ ගෝඨාභය රජ කාලය මෙන්ම වර්තමාන පාලනය ද ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව කී රංගේ බණ්ඩාර මහතා මෙි අවස්ථාවේ රට ගොඩනගන්නට ලෝකය පිළිගත් පළපුරුදු නායකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බවද සඳහන් කළේය.

"සිරිසඟබෝ රජුගෙන් අනතුරුව අනුරාධපුර යුගයේ මේ රට පත් වූ අභාග්‍යසම්පන්නම රජු වන්නේ ගෝඨාභය රජතුමායි. මේ ගෝඨාභය රජුගේ කාලපරිච්ඡේදය තුළ රටේ දුර්භික්ෂ හා වසංගත ඇති වුණා. අසාධාරණය රජ වුණා. අධාර්මික පාලන යුගයක් ඇතිවුණා. දූෂණය ඉහවහා ගියා. එමෙන්ම මිනිසුන්ගේ සිත් දූෂණය වුණා. රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණා. සිරිසඟබෝ රජුගේ හිස ගෙනත් දෙන්නැයි කළ නියෝගය අනුව නොයෙක් අය එකිනෙකා මරා හිස් ගෙනෙන්නට පටන් ගත්තා. එමගින් මුදල් උපයන්න උත්සහ කළා. ඉතිහාසයේ ගෝඨාභය යුගයේ අපට මුහුණ දෙන්නට වූයේත් මෙවැනි ව්‍යාකූල යුගයකටයි"යනුවෙන්ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

 



අදහස් (19)

‘‘රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න‘‘

Raveendra Thursday, 03 June 2021 02:55 PM

අනේ අම්මපා පුත්තලම් බූරුවන්ගේ සද්දේ...!!! 

:       1       39

SUNIL MILANO Thursday, 03 June 2021 03:10 PM

අනේ පව් අනේ මෙයා...!!!

:       1       22

රොහාන් Thursday, 03 June 2021 03:36 PM

අපිට දුන්නොත් කරන්නම්නේ... තට්ටු මාරුවට රට කාපු අය...

:       0       18

මැක්ස් Thursday, 03 June 2021 03:44 PM

ඈ රංගේ, ඔහේගේ මේ විහිලුවලට අපි කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඕනෑ?

:       0       22

Wasantha Wik Thursday, 03 June 2021 03:46 PM

අවස්ථාවාදී... බොරදියේ මාලු බාන්න හදන කලාව.. වැරැදි කියන්න විදිහක් තියෙනවා. ඒත් මෙහෙම නොවේ..

:       0       26

පා පා පාස්කු .. Thursday, 03 June 2021 03:49 PM

ඇත්තට... මෙන්න රට කරන්න පුළුවන් එක්කෙනෙක්.. අනේ මේ පැත්තකට වෙලා ඉන්නවද?

:       0       26

Sri Lanka Thursday, 03 June 2021 04:18 PM

පුළුවන්නම් අරන් කරන්න.. අපිත් සහයෝගය දෙනවා. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමයට රට කරන්න පුළුවන්. රට ලොක්ඩවුන් කරන්න බැහැ... මිනිස්සුන්ට නිදහසේ වැඩ කරන්න ඉඩදෙන්න ඕනේ...

:       1       21

[email protected] Thursday, 03 June 2021 04:20 PM

යහපාලනේ රට අච්චර වනසපු වෙලේත් ඔහෙලා ඉල්ලා අස් වුනාද?

:       1       61

Ratne Thursday, 03 June 2021 05:33 PM

ඔබ ප්‍රකාශ කරන ආකාරයටම පාලකයා 100%ක් අසමත් වී ඇත. හැකි ඉක්මණින් ඔහුගේ සමීපතමයින්ගේ ඉතිරි නඩු විභාගද අවසන් කර ගෙන (නිදහස් කරගෙන) හෝ ඉල්ලා අස්වීම රටට කරන ලොකුම සේවයයි. කෙසේවෙතත් තම හිතවතුන් මඟින් වංචා සිදු කරන ලද එජාප නායකයාද කිසිසේත් රටේ පාලකයා වීමට සුදුුසු නැත...

:       1       4

Bandara Thursday, 03 June 2021 06:27 PM

ඇයි ආයේ ඔයා රට බාරගන්නද ? දොඩවන්නේ නැ.ුව ගිහින් නිදාගන්න

:       1       22

Aruna Thursday, 03 June 2021 07:50 PM

අම්මේ...!!! කටට කෙළත් උණනවා.

:       1       18

chandima Thursday, 03 June 2021 09:10 PM

අස්වෙලා ‘එයාලට දෙන්නද කියන්නේ

:       0       30

nm Thursday, 03 June 2021 09:24 PM

රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න, මේ කවුද මොනවද කියවන්නේ ? . රනිල් නායක තුමා නිසා බේරිලා ඉන්නවා රටේ ජනතව ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් කරගනු ලබන්නේ අති බහු තරයක් නවකයන් මිස දේශපාලනය වියාපාරයකයන වන ඔබල නම් නොවේ. අනාගතයේ රට බර ගනු ලබන්නේ අවංක රටට වෙනසක් සිදු විය යුතු බව සහ සිදු කිරීම අරමුණ කරගත් පිරිසක් පිරිසක් වේ මේවන විට රට තුල පසු බිම සැකස වෙමින් තිබෙනුයේ ඒ සදහා වේ. රටට වෙනසක් කිරීමට ලැබී තිබෙන හොදම මෙන්ම විරල අවස්ථවකි. ඒ සදහා රටේ සිටින උගත් බුද්දිමත් වැදගත් නායකයන් කිහිප දෙනා ඔවුන්ගේ හදවතින්ම වෙනසක් සදහා සහ යෝගය ලබා දෙනු ඇත. එය සිදුවිය යුතුම කාරණයකි. රටේ ජනතවට උවද යථාර්තය අවබෝද විය යුතුවේ. එවිට සබැ දේශපාලන වෙනසක රට තුල සිදුකල හැකිය

:       0       25

P. Ilangaratne Thursday, 03 June 2021 10:23 PM

අපි දැක්කා අවුරුදු 4 ක්‌ රටකරපු හැටි... වොඩ්කා වතුර කළේත් ඔයගොල්ලනේ...!!!

:       0       21

Raveendra Friday, 04 June 2021 09:01 AM

ඉතාමත්ම සාධාරණ යෝජනාවක්... අප මුන්දෑගේ අදහස් අගය කරන්නෙමු. එලෙස විපක්ෂයේ ඉන්න ලොන්ත බූරුවන්ටත් අපේ මේ පුත්තලම් සත්වයාගේ එම යෝජනාව 100%ක් වලංගුය.. "මක්නිසාදයත් විපක්ෂ පට්ටියේ ඉන්න ලොන්ත බූරුවන් විපක්ෂයේ කාර්යභාරය කුමක්දවත් නොදන්නා ගොන් තකතීරුවන් වීම හා ලෝකයෙන් අපේ රට පමණක්ම මෙවන් අය විපක්ෂයේ සිටීම කණගාටුවකි.".

:       0       17

chandima Sunday, 06 June 2021 10:02 PM

අනේ රාළහාමි... ඔයාලගේ නායකයා බස්එකේ නැගලා ගියාට බස්එක එක දවසක්වත් එළවලා නැහැනේ. ටික දවසක් කොන්දොස්තර වැඩේනම් කළා. එයාට සුක්කානම දුන්නොත් අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ.

:       7       110

fairoos Wednesday, 09 June 2021 04:30 PM

මෙතන අදහස් කියවෙද්දී තමයි මතක් වෙන්නේ ලංකාවේ මිනිස්සු නම් හදන්නම බැරි ජාතියක්...

:       15       1

Rasika Wednesday, 09 June 2021 06:15 PM

පව් අනේ මෙයාලා...!!! 

:       1       7

Vithana Saturday, 12 June 2021 02:39 PM

එකක් අනුමත කරනවා යහපාලනයට වඩා නම් සර්ගේ පාලනය ෆේල්...

:       22       23

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 10 85 0

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක


ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා
2025 අප්‍රේල් මස 10 227 0

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා


’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 10 263 0

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා


මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්
2025 අප්‍රේල් මස 10 241 0

මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.


ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්
2025 අප්‍රේල් මස 10 416 3

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 224 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 318 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 892 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site