IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රට ගොඩනගන දෙවන අරගලය අරඹනවා

(අංජුල මහික වීරරත්න)

පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය  ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් අද (6)පැවසීය.

දහඩියෙන් මහන්සියෙන් සියලුම දෙනා එක්ව යළිත්  රට ගොඩ ගන්නා බව  බය නැතිව ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා සජබෙ, පොහොට්ටුව,ජවිපෙ , දෙමළ සන්ධානය,එජාපය, එක මවකගේ දරුවන් සේ එකතු විය යුත්තේ රට ඉදිරියට ගෙන යාමට බවද ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්වුණු  අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

කොරෝනා වසංගතයෙන් පසුව පක්ෂ  සංවත්සරය සඳහා මෙහි පැමිණ තිබෙනවා. ඔබ සැමට ස්තුතිය පුද කරනවා.අමාරු කාලයේදී ඔබ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය සමඟ වැඩ කටයුතු කළා.

අද අප අපේ පක්ෂය හැදු නායකයන් සිහිකරනවා. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල,ජේ.ආර්. ජයවර්ධන,ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා .ඒ අයගෙන් ඉගෙන ගෙන මා මෙතනට පැමිණ සිටිනවා.

මා අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහිවූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි.එක්සත් ජාතික පක්ෂයේ පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙනවා .මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් නැහැ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහය සමඟ ආණ්ඩුව ගෙන යනවා.අද අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා.ඉතිහාසයේ මෙවැනි අර්බුදයක් තිබුණාදැයි කියා මා දන්නේ නැහැ .ආර්ථිකය කඩාවැටිලා.මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය මැද මා මෙහි පැමිණ සිටිනවා.

 



අදහස් (8)

රට ගොඩනගන දෙවන අරගලය අරඹනවා

Kumara Wednesday, 07 September 2022 03:52 AM

අනේ ඔයාගේ ...........

:       1       8

Gamunu Wednesday, 07 September 2022 04:33 AM

ඩී.එස් සේනානායක මැතිතුමා බිහිකළ ( UNP ) ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂය අලුත් අදහස් වෙනුවෙන් සහ අලුත් පරපුරක් වෙනුවෙන් සක්තිමත් කරමු. ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය සියලුම දෙනා එක්ව අනාගත සැමරීම මගින් අලුත් දේශපාලන පරපුරට පණිවුඩයක් ලබාදී තිබේ ආසියානු රටවල් සහ මැදපෙරදිග රටවල් මේවනවිට වේගවත් සංවර්දනක් කරා ගමන් කරමින් සිටි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය වෙනස් කළයුතුව තිබේ. දියුණු කිරීමට අවශ්‍ය සියල්ල රට තුල පවතී. නමුත් රටක දියුණුවට අත්‍යවශ්‍ය වනාවූ අවංකත්වය, විනිවිදබව, මනුෂත්වය සහ විස්වාසය දේශපාලනයේ සහ පරිපාලනයේ පෙනෙන්නට නොමැත

:       2       6

Bamunuarachchi Wednesday, 07 September 2022 06:43 AM

තවටික දවසකින් කියාවි මේක ගොඩගන්න බැරි රටක් ඒ නිසා අවුරුදු 10 කට රට අරගල කරුවන්ට බාර දෙනවා කියලා. ISGA ගිවිසුම් වෙනස් වෙලා නැවත එවි.

:       6       6

ganegoda Wednesday, 07 September 2022 09:55 AM

අපිට ඔය කිසිදෙයක් එපා ! ඔහෙ ඔහෙගෙ වොක්ස්වැගන් කොම්පනියත් අරගෙන දෙයියන්ගෙ නමින් තොලොන්චිවෙලා යන්න !

:       2       10

sena Wednesday, 07 September 2022 10:41 AM

කවදද 2048 ද? මෙයාගෙ මෙ බයිලා අහලාම එපාවෙලා.

:       1       10

fairoos Wednesday, 07 September 2022 02:08 PM

රනිල් රාජපක්ෂ සහ නඩය තොලොංචි වෙලා යනකන් රටට කිසිම සෙතක් නෑ.

:       0       2

BamunuarachchiWednesday, 07 September 2022 07:42 PM

හම්බ සෙට් එක බලාගෙන ඉන්නේ රනිල් රාජපක්ෂලා තොලොංචි වෙනකන් සජියා එක්ක එකතුවෙලා විල්පත්තුවේ ඉතුරුටික එළිකරලා පදිංචි වෙන්න. ඒවා කොහේද, සිංහල අපි නවතින්නේ සෙට් එක තොලොංචි කරලා...

:       0       1

Bishan Wednesday, 07 September 2022 02:21 PM

දැනට කරගෙන යන්නකෝ.. ඊළඟ ඡන්දෙදී පොහොට්ටු සජබේ යූ.එන්.පී. උත්තර ඔක්කොම ගෙදර අරින්න අපි බලාගෙන ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 840 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 211 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1712 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 197 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 481 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2405 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site