IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා

(අංජුල මහික වීරරත්න)

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්‍රචාරයක් යවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් මෙම ප්‍රචාරය සිදුකර ඇතැයි ද කාර්යාංශය කියයි.

විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මගින් ප්‍රචාරය කර තිබෙන බව කියන කාර්යංශ⁣ය එවැනි නිවේදනයක් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද පවසයි.

මෙවැනි බොරු ප්‍රචාර යවන අයට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (3)

රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා

රම්බොඩ Saturday, 12 April 2025 12:18 AM

කොහොමත් විදේශ සේවා එකෙන් එහෙම දෙයක් නොකරන වග කවුරුත් දන්න නිසා ඒ ගැන කළබල විය යුතු නෑ.

:       0       0

de silva Saturday, 12 April 2025 10:06 AM

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයන් සූරාකන, පස්සෙන් එලවාගෙන ගිහින් දඩ ගහන, එම මුදලින් නිලධාරීන් පෝෂණය වන ආයතනයක් මිසක්, ශ්‍රමිකයාට ප්‍රතිලාභයක් නොවන ආයතනයක් බව කවුරුත් දනිති. මේ බව කොරෝනා ව්‍යවසන අවස්ථාවේ පැහැදිලිවම දකින්න ලැබුණා. නමුත් මෙවැනි බොරු කියා අසරණ ශ්‍රමිකයා නිකරුනේ රස්තියාදු කරන ඉතා පහත් ක්‍රියාවකි..

:       0       0

Nihal Saturday, 12 April 2025 10:31 AM

රජයේ අනුමත ගාස්තුවට වඩා තුන් හතර ගුණයක් රුමේනියාවට සයිප්‍රස් ඇතුළුව රටවල් ගණනාවකට අය කරනවා.. කිසිඳු නීතිමය පියවරක් නෑ. මේවාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට හැකියාව ජනතාව දැනුවත් කිරීම යහපත්ය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site