IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


රටේ ජනතාව අතරමං වෙලා

(නිමල කොඩිතුවක්කු)

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබාදීමෙන් ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට ඇහුමුකන්දෙමින්  විසදුම් ලබා දෙන ශක්තිමත් ආන්ඩුවක් බිහිකිරීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේ රජයේ සේවකයන් වෙනුවෙන් මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බව පැවසුවත් එය තවදුරටත් මැතිවරණ පොරොන්දුවක් පමණක් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹ දී පෙරේදා(5) පැවති ජන හමුවකදී පැවසීය.

බදු මිල, ඉන්දන මිල, විදුලි බිල අඩු කර පාස්පෝට් පෝලිමට විසදුම් ලබා දෙනවා කිව්වත් කිසිවක් සිදු නොවු බවත් ඔහු සඳහන් කළේය.

විදුලි බිල 33%කින් අඩු කරන බවත් හොරකම අල්ලස දුෂණය නිසා විදුලි බිල වැඩිවන බව පැවසුවත් අද විදුලි බිල අඩු නොවන්නේ ද මේ දුෂණය නිසා ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා යැයි පැවසුවත් සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් සහ පොල් දරාගත හැකි මිලකට දිය නොහැකි බවත් මෑත කාලයේ පොල් පෝලිම් පවා ඇතිව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එදා හොරකම දූෂණය වංචාව නිසා තෙල් මිල වැඩි බව පැවසුවත් තෙල් මිල අඩු කර රට වට්ටවන්න බැරි බව අද වනවිට තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසන බවත් මෙය ජනතා විමුක්ති පෙරමුණේ දිව දෙකේ දේශපාලනය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැට්, සෘජු හා වක්‍ර බදු අඩු කරන බව පැවසුවත් අයි එම් එෆ් සමග සාකච්ඡා වට දෙකක් තිබුනත් ප්‍රතිඵල කිසිත් නොමැති බවත් වත්මන් ජනාධිපතිවරයා අයි එම් එෆ් එකේ හිරකරුවකු බවට පත්ව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්ව රජය දැන් කියන්නේ අත්‍යාවශ්‍ය නම් පාස්පෝට් ගන්නා බවත් ආන්ඩුවේ වැඩිපිළිවෙල එයින්ම ගම්‍ය වන බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පත් කිරීමට රටින් ආව අයත් අද පාස්පෝට් පෝලිමේ බවත් මේ රජයට රට මුහුණ දෙන ගැටලු වලට විසදුම් දෙන්න බැරි බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (27)

රටේ ජනතාව අතරමං වෙලා

ජයනාත් Wednesday, 06 November 2024 04:37 PM

මෙයා කට ඇරියොත් ඡන්ද අඩුකර ගන්නවා. පඩි වැඩි කරනවා කියලා තියෙද්දී ආයේ අඬනවා. විදුලි බිල අඩුකරන්න යෝජනා දීලා තියෙද්දී බයිලා කියනවා. තෙල් වලටත් වෙච්චි දේ සභාපති කියනවා...

:       1       12

රම්බොඩ Wednesday, 06 November 2024 04:41 PM

කවුරු ආවත් ඔච්චරයි. කම්කරුවාගේ සිට ඉහළම නිලය හොබවන එකා දක්වා හොරකමට ඇබ්බැහි වෙලා. කොහොමද සුද්ධ කරන්නේ..?

:       0       8

RS Wednesday, 06 November 2024 04:45 PM

එතරම් වෙලා ඉන්නේ ඔබ ජනතාව නොවේ අපි හරි පාරේ යනවා.

:       0       8

Indhika Wednesday, 06 November 2024 05:04 PM

අපි නම් අනාථ වෙලා නැහැ. ඔයාලා සෙට් එකේ නම් යන එන තැන් නැති වෙලා බව හොඳටම පැහැදිලියි...!

:       9       154

samSaturday, 09 November 2024 07:17 AM

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී සජිත්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න දෙකක් ඇත. සජිත් නිතර ප්‍රකාශ කරනුයේ ඔහුගේ පියා ඔහුව දේශපාලනයට පැමිණීමට කැමති නොවූ බවකි. එසේ වුවත් ඔහු මේ වනවිට දේශපාලනයේ දී සිටි. ඔහු දේශපාලනයට පැමිණීමට ආරාධනා කලේ කවුරුන්ද යන්න ඔහු ප්‍රකාශ කරන්නේද නැත. රනිල් සමග යම් මත ගැටුමක් හෝ යම් දේශපාලන වෛරයක් ඔහුට තිබේ. එයට හේතුව ඔහුව දේශපාලනයට ආරාධනා කර පසුකාලීනව ඔහුට පක්ෂ නායකකම ලබා නොදීම හේතුවෙන් සහ දෙවනුව සිරිකොත මන්දිරයට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පාක්ෂිකයින් බෙදුණු බව unp පාක්ෂිකයින් දන්නා බවත් ඔහු එය පිළිගන්නේද යන්න ඔහුගෙන් කිසිවකු ප්‍රශ්න කරන්නේද නැත...

:       3       29

ත්‍රස්ත මාර්ෂල් Monday, 11 November 2024 08:06 AM

තියෙන සුනක කම නිසා හොරුන් සමග එකතු වී ආණ්ඩුව පෙරලුවේ කවුද ? එහෙම වුනේ නැතිනම් රට බංකොලොත් වෙන්නෙත් නැහැ . දේශපාලනයට පැමිණි භූතයෙක් .

:       2       27

randil dunuwille Wednesday, 06 November 2024 05:08 PM

මුලින් සල්ලිවලට හරි, මීටින් වලට මිනිස්සු ටිකක් එකතු කරගන්න.

:       8       95

samSaturday, 09 November 2024 07:31 AM

India and sri lanka fishing ගැටළුව සති දෙකක් හෝ මසක් ඇතුළත අර්බුදයක් නොමැතිව මානුෂීයව විසඳිය හැකියි. සජිත් ප්‍රේමදාස එම ගැටළුවට ලබදෙන්නා වූ විසඳුම කුමක්ද යන්න පැහැදිලි කළයුතු වේ...

:       4       25

ගමේ එකාලා Wednesday, 06 November 2024 06:04 PM

අපි නම් අතරමං වෙලා නැහැ.කරුමෙට හරි තමුන් මේ රටේ නායකයා වුණා නම් , රටට වෙන නස්පැත්තිය ගැන නම් කියලා වැඩක් නැහැ .

:       0       10

Pankumburage Wednesday, 06 November 2024 06:12 PM

රටේ ජනතාව නෙවෙයි පුතානෝ අතරමන් වෙලා.

:       0       12

වික්‍රම විදුර Wednesday, 06 November 2024 06:35 PM

උස නම් සිකුරිටි මිටි නම් කම්කරු.. කෝ බලන්න මගේ පියාණෙ‌ෝගේ යි මගෙයි වහල්ලු ටික.. පෝලිමට ඇවිල්ල කැන්වසින් කරලා සිකුරිටි කම්කරු ජොබ් ගන්න........ හාහ හා හා

:       0       9

ව්කුම් Wednesday, 06 November 2024 08:03 PM

ජනතාව අතරමං වෙලා. මෙයා මංමුලා වෙලා. හහ් හහ්....

:       0       9

Perera Wednesday, 06 November 2024 11:45 PM

අතරමං වෙලා ඉන්නේ කවුද කියලා කණ්ණාඩියකින් බලන්න.

:       0       9

Lakmal Thursday, 07 November 2024 09:26 AM

රටේ ජනතාව නෙමෙයි තමුන් නම් මංමුලා වෙලා ඉන්නේ... බස් එකක්වත් පාරට දාගෙන දුවන්න

:       1       27

Chinthaka Thursday, 07 November 2024 11:13 AM

ඔබතුමාගේ කට්ටිය නේද? දැන් යනඑන මන් නැතිව අනාථ වෙලා ඉන්නේ. 14 වෙනිදායින් පස්සේ ඔයත් අනාථයි, ඔයාගේ අම්මත් අනාථයි.

:       1       28

LAWARIYA Thursday, 07 November 2024 11:40 AM

රටේ දැවැන්තම පක්ෂයක් වුණු UNPය විනාශ කිරීමේ කොන්තරාත්තුව බාරගැනීමේ සාපයෙන් නුඹට බේරෙන්න බැහැ...!

:       2       19

m. saman perera Thursday, 07 November 2024 07:13 PM

අපිනම් තාම අතරමං වෙලා නැහැ.

:       2       41

Anura Friday, 08 November 2024 02:16 PM

හොරු අතරමං වෙලා ජනතා තීන්දුව පිළිගන්න.

:       2       32

Anura Pathirana Friday, 08 November 2024 02:18 PM

දරුවන් දේශපාලනයට ගෙනෙන්න එපා...

:       2       27

pakeer Friday, 08 November 2024 04:09 PM

අපි පාර හොයාගත්තා... ඔබලා තමයි අතරමං වෙලා තියෙන්නේ... බොලාගේ තාත්තා තමයි අපිව අතරමං කරේ...

:       2       35

Priyantha Dissanayake Wednesday, 13 November 2024 04:36 PM

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය 90 මුත් දේශපාලන සාක්ෂරතාවය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක. මේ නිසාම ශ්‍රී ලාංකික අපි පසුපසටම ගියා. 77 න් පසු විවෘත ආර්ථිකය සමඟ යම්කිසි දියුණුවක් ඇතිවුවත් දිනෙන් දින සාරධර්ම ගිලිහෙන්න පටන්ගත්තා. වංචාව, දූෂණය, බලය අයුතු ලෙස භාවිතය, අධික ලෙස ණය ලබාගෙන ව්‍යාපෘති නාමයෙන් අතිවිශාල කොමිස් ලබාගැනීමෙන් රට හැම අතින්ම ඇදවැටුණා. ඒ වගේම දේශපාලන සංස්කෘතිය එන්න එන්නම පිරිහුණා. කෙසේ නමුත් එවන් පසු බිමක සජිත් කියන්නේ 94 සිට 2000දක්වා හම්බන්තොටට විශාල සමාජ සේවයක් කළ කෙනෙක්. එනිසාම රනිල් මහත්තයාට සිදුවූවා සංවිධායක කමක් දෙන්න. එතැන් පටන් සෑහෙන කාලයක් හම්බන්තොටට ලොකු සේවයක්, පිරිසිදු සේවයක් කළා. පසුව නියෝජ්‍ය නායකයා විදිහට, ඇමැති කෙනෙක් විදිහට විපක්ෂ නායකවරයෙක් විදිහට වාර්ථාගත සේවාවක් රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට කළා. නමුත් සජිත්ගේ මෙන්ම අපගේ කුමක් හෝ අවාසනාවක් තිබෙනවා සේවය ලබාගන්න. ඒ වගේම බොහෝදෙනා අකෘතඥයි. කළගුණ සලකන්නේ නැහැ, කළගුණ හඳුනන්නේ නැහැ. UNP කාරයෝ ඔහුව රැකගත්තා. ඔහු UNP කරයින්ව රැකගත්තා. කෘතහස්ත භාවයෙන් ගෝඨාභයට, අනුරට වඩා මොනතරම් කෘතහස්ත ද? බලාසිටිමු මේ මොහොතේ ජනතා තීන්දුව...

:       12       3

robertThursday, 14 November 2024 07:53 AM

සජිත් බබාගෙ කෘතහස්තකම... උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු, තාම ඉන්නෙ 80 දශකයෙ. දේශපාලන සක්ෂරතාව මදි නිසා තමයි මෙච්චරකල් රට අගාධයට ගියෙ...

:       0       17

lalith Friday, 15 November 2024 01:40 AM

පිනට දීපු හාල් වල ගුනේ වත් තියල නැහැනෙ?

:       1       6

Nimal Silva Monday, 18 November 2024 02:24 AM

ඔයාට කම්කරුද? සෙකියුරිටිද ඕනේ...?

:       0       8

Kirthi Monday, 18 November 2024 04:50 AM

අන්තිමට අතරමන් වුනේ කව්ද ? අනේ පව්! හැමදාම විපක්ෂයේ...පැරදිලා පැරදිලා පදම් වෙලා මෙයා!

:       0       7

visnu Thursday, 21 November 2024 10:45 AM

එක මාසයක් රැදී ඉන්න

:       0       1

Anura Thursday, 21 November 2024 02:50 PM

ඔය පින්තූරයේ ඉන්න අය නම් අතරමං වෙලා බව මුහුණෙන්ම පේනවා. හත්වලාමේ වෙච්ච දෙයක්. හොරු, බාර් කාරයෝ පේන්න නැතිව ජනතාවට නිකම් තක්කු මුක්කු වගේ. ටික කාලෙකින් හරියාවී. ඔහේ කලබල වෙන්න එපා හපොයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 31 0

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 198 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 145 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


බස් ගාස්තු ජූලි ඉහළ යනවා
2025 අප්‍රේල් මස 02 120 0

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)


අවුරුදු දෙකේ දරුවා බසයට බිලි
2025 අප්‍රේල් මස 02 1022 0

ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.


එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක්
2025 අප්‍රේල් මස 02 4146 4

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව ස


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 186 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 778 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site