IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රට දුන්නොත් කරන දේ සජිත් කියයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයට රට බාරදෙන්නේ නම් පවතින අර්බුදයට විසදුම් ලබාදී ජීවන වියදම පහත හෙළා ජනතාවට සහන ලබාදී රට ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රට බංකොළොත් කළ ආණ්ඩු පක්ෂය කිසිදු වැඩ කොටසක් සිදු නොකරමින් සිටියදී හුස්ම හා සක්වල වැඩසටහන් මගින් වෙන කිසිදු විපක්ෂයක් ඉටු නොකළ ආකාරයේ වැඩ කොටසක් මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඉටු කළ බවත් යම් හෙයකින් රටේ බාරකාරීත්වය වත්මන් විපක්ෂයට බාර දුන්නෙත් රටේ මුදල් ගැටලුව විසඳන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.

ආණ්ඩු බලය ලැබුණු පසු ජනතාවගේ බදු මුදල් භාවිත කර විවිධ දේ කිරීම මිස බලය නොමැති අවස්ථාවේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම රටට හුරු නොමැති බවත් සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටින අයට මෙය ඉතා සාර්ථක වෙනසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

52වෙනි සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක් පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු මේ බව පැවසීය.

 



අදහස් (28)

රට දුන්නොත් කරන දේ සජිත් කියයි

sena Wednesday, 28 December 2022 07:42 PM

ඊළඟ ප්‍රශ්නය සර්... ඔය සහනාධාරය දෙන්නේ සර්ට සල්ලි දීපු කට්ටිය. සර් බලයට ආපු දවසක ඕවාට පොලිත් එක්ක ඉල්ලනවා. එතකොට සර්ටත් සිද්දවෙන්නේ මේ ආණ්ඩුවටම වෙච්චි දේම තමයි. කවුරුවත් සර්ට නිකන් සල්ලි දෙන්නේ නැහැ.

:       0       12

Perera Wednesday, 28 December 2022 08:17 PM

ගෝඨාභය බාරදෙන්න හදනකොට පස්ස ගහපු මිනිහනේ මේ...!

:       5       19

AJITH Wednesday, 28 December 2022 08:41 PM

ජනතාව මොකද කියන්නේ? සජිත්ට රට බාරදෙමුද?

:       61       6

සෙනෙවිරත්න Wednesday, 28 December 2022 10:58 PM

විහිළු කරන වෙලාවක් නෙවෙයි මේ, අනිත් පාසල් ටිකටත් බස් දෙනකං ඉන්න, එතකොට පහසුවෙන් ඔය ගමන යතහැකි.

:       3       2

පැරකුම්Thursday, 29 December 2022 03:30 AM

කරනවයි කිව්වට මදි කරනහැටිත් කියන්නඕන. එතකොට පුලුවන් අපට තීරනයක් ගන්න.

:       0       19

dasaThursday, 29 December 2022 06:15 AM

ඉස්සෙල්ලම මිනිහගෙ කටයුත්ත බස් දෙන මුදලාලිලගෙ ඉල්ලීම් ඉටු කිරීමයි.

:       3       16

වීර විජේ Wednesday, 28 December 2022 09:08 PM

ගිය පාර කිව්ව නේද.. ලෝකෙන්ම ණය සමුලුවක් තියලා ණය ගන්නවා කියල. ඔය මදැයි දැනුම. දැංවත් උස නං සිකුරිටි මිටි නං කම්කරු කිය කිය මොකක් හරි කම්පැනියක් අටවං අයිං වෙනවා ඔයි පව් නොදි

:       4       14

Chandra Wednesday, 28 December 2022 09:45 PM

ඒකද රට බාර ගන්න කිව්වහම දිව්වේ ? ඔය බස් බෙදන සල්ලි කොහෙන්ද ලැබුනේ ? ආ... මතක ඇතුව බස් වල නම ගහන්න, වෙන්න ඉන්න අතිගරු ජනාධිපතිගේ පරිත්තාගයක් කියල , එතකොට හෝ ගාල ජන්දය දෙයි . සිල් රෙදි , ටකරන් සහ සිමෙන්ති ටිකකුත් බෙදන්න

:       1       14

සනත් Wednesday, 28 December 2022 09:50 PM

අපිත් පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන ඔය වගේ කතා කියල තියෙනවා. කටෙන් බතල කොළ හිටවන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. සෙල්ලම් සජිත්ට කවදාවත් බංකොලොත් ලංකාව ගොඩගන්න බැහැ.

:       1       12

ganegoda Wednesday, 28 December 2022 09:52 PM

" සජිත් " රට බාරගත්තොත් ලොකයෙ හැම රටකින්ම උදව් උපකාර ලබාගෙන ඉදිරියට ගමන් කරන්න පුලුවන් වෙනවා නියතයි !

:       13       5

sampath Wednesday, 28 December 2022 10:30 PM

කබලෙන් ලිපට වැටෙන්න තරම් මෝඩයෝ ඉන්නවානම් අවුලක් නෑ .දීපු වෙලාවේ වෙට්ටු දාලා මග ඇරියා .කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දීලා ඉන්න එක තමයි හොඳම වැඩේ

:       3       8

pakeer Thursday, 29 December 2022 12:11 AM

කොහොමද කරන්නේ ?ඔයා ඇත්තටම ජනතාවාදියෙක් නම් කරන්න ක්‍රම කියන්න .මොකද ඒ ක්‍රමය හරි යනවා නම් කවුරු කරත් එකයි

:       0       8

Priyantha Thursday, 29 December 2022 01:27 AM

ඔයාට බස් එකක් ඇස්පියාගෙන රිවස් කරන්න පුළුවන් ද?

:       3       8

පුරවැසියෙක් Thursday, 29 December 2022 01:36 AM

අනේ සජිත් මහත්තයෝ ඔයාට පුලුවන්ද රටක් පාලනය කරන්න. නිකන් විහිළු නොකර ඉන්න. දැන් රටේ මිනිස්සුන්ට තියෙන උග්‍ර ප්‍රශ්න එකක් ගැනවත් කතාකරනවද නිකමටවත් විපක්ෂ නායක විදියට. ඔහේ කියවනවා. කොන්ද පනතියෙන විපක්ෂේ හිටියනම් මේ වෙනකොට රටේ පාලනයත් අරන්. අඬගහලා දෙන්න හැදුවත් ගත්තේ නැති කෙනා නේද මේ විකාර කියවන්නේ. ලබන චන්දෙදී ඔයත් ගෙදර තමයි.

:       2       18

යෝගා Thursday, 29 December 2022 05:07 AM

ඔයාගේ නඩේ කැරැට්ටුවත් මේ දවස්වල එකින් එක එලියට එනවා. හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් සෙට් එකක්.

:       2       14

Bamunuarachchi Thursday, 29 December 2022 06:34 AM

ඉතින් හලෝ ගෝඨාභය මහතා රට බාරගන්න කිව්වේ... මොකද බාර නොගත්තේ? තමන්ට ඒක කරන්න බැරි බව තමන් දන්නවා. අපිත් දන්නවා...

:       2       13

podiekaaThursday, 29 December 2022 11:50 AM

එකනම් සහතික ඇත්ත . ඔයාගෙ ගෝටට පුලුවන් දේවල් වෙන කිසි කෙනෙකුට මෙ ලොකෙ බැහැ . ගුටිකාල ඔක්කොම දාල දුවල මාස ගනන් තැන් තැන් වල හැන්ගිලා .. අන්තිමට නත්තල් දවසෙ කාටත් හොරෙන් රටෙන් පැනගත්ත .. ඔව්ව පුලුවවන් .. ඔහෙගෙ පොහොට්ටු ගොටටට විතරයි !

:       5       2

BamunuarachchiSaturday, 31 December 2022 08:00 AM

කරන්න බැරිනම් අයින් උනා, නැතුව මට තවටිකක් කල් දෙන්න අනික් සැරේ මට දුන්නොත් හොන්දට කරන්නම් කියන බහුබූත දෙඩෙව්වේ නැහැ නේද? 1952 ඩඩ්ලිසේනානායක මහතාත් ඔයටික කළා . ඕවා පොඩි එකළා නොවෙයි උන්ගේ තාත්ත්ලාවත් දන්නේ නැහැ. සජියා රනිලයා බැරි මරගාතේ මේකේ එල්ලිලා හිටියාට ඝෝඨාභය මහතා ඔන්න කොරගනින් කියලා දීල ගියා. මොකෝ හිතේ අමාරුව තිබෙන්නේ අනුරයට නොදීපු එකද? කව්ද ත්‍රස්තවාදී කියා නම ගෑවුන පක්ෂයකට රටක් බාර දෙන්නේ? පොඩිඑකා උඹ ඔවා ඉගෙන ගන්නකොට තව අවුරුදු 50 විතර යාවි.

:       0       2

pj Thursday, 29 December 2022 08:22 AM

රටේ කරුමයට පහළ වුණේ... රජ පවුල එකතු වී කාබාසිනියා කළ අපේ රට ගොඩදාගන්න තිබුණු අවස්ථා මඟ හැර, කරන කෙනෙකුටවත් එය හරියට කරගෙන යන්න ඉඩ නොදී අකුල් හෙලන, අද වෙනුවෙන්ම පමණක් නොව අනාගතය වෙනුවෙන් රටට අවශ්‍ය වී තිබෙන ක්‍රමවේද මඟහැර ඒ වෙනුවට මිනිසුන් මුලාකරන, රහසිගතව ඉපැයූ ධනය යොදා තමන්ගේම පටු දේශපාලන ක්‍රියාවන්ට පමණක් මුල් තැනදී සිටින කෙනෙකි..

:       0       16

Saththaya Thursday, 29 December 2022 08:55 AM

කියලා වැඩක් නැහැ.. ආයෙත් නියමෙට හාරයි. ලංකාවේ කාටවත් නැහැ එහෙම සුදුසුකමක්...

:       2       10

විසල් Thursday, 29 December 2022 09:36 AM

කණගාටුයි... විකල්පය ඔබ නොවේ

:       2       10

Chinthaka Thursday, 29 December 2022 09:40 AM

පේනවනේ විකට නළුවෙකුව යුක්රේනයේ අය ජනාදිපති කරලා කරගන්න වින්නැහිය , මේ ඊට එහා ජෝකර් , එක අතකට ගිනි ගොඩක් මැද ජිවත්වෙන අපේ රටේ ජනතාවට මෙහෙමවත් විහිළු කිරීම් පොඩ්ඩකට හරි සහනයක්

:       1       11

sharm warn Thursday, 29 December 2022 10:04 AM

කිසි අවුලක් නෑ .උස නම් සිකියුරිටි ,මිටි නම් කම්කරු .දෙකෙන් එකක් දීලා සේරම ප්‍රශ්න විසඳයි

:       1       8

රංජන් Thursday, 29 December 2022 10:16 AM

මට තියෙන ප්‍රශ්නේ ඔයා ඔයතරම් බස් රථ බෙදන්නේ කොහොමද කියලා. ඔයා ලංකාවේ රස්සාව කළේ නෑ. ඔයාගේ අම්මා තාත්තා කළේ නෑ. තාත්තා වැවිලිකරුවකුත් නෙවෙයි. මාර ගැහිල්ලක්නේ ඵතකොට... තාත්තා හෝ මෙයා ගහල‍ා තියෙන්නේ. අපේ රටේ සල්ලි එයාගේ නමින් දෙනවා.

:       1       10

Bunny Preena Thursday, 29 December 2022 10:52 AM

කරන්න තියෙන හොඳම දේ තමයි... හොංකොංවල හිටපු ආණ්ඩුකාරයා වන ක්‍රිස් පැටර්න්ට රට බාරදෙන එක... එහෙමත් නැතිනම් ආයෙත් රට බ්‍රිතාන්‍යයට බාරදෙන එක...

:       1       7

Senarath Thursday, 29 December 2022 11:50 AM

ඔය 2015 සිට 2019 වෙනකම් එදා රජයෙ ලොකු කෙරුමෙක් විදියට මොනවද කලේ ? අඩුම තරමෙ තාත්තගෙ ගෙවල් හදන ව්යාපෘතිය 1990 තිබුනට වඩා එක අන්ගලක් ඉහලට ගන්න පුලුවන් උනාද ? අඩුම තරමෙ එදා තුබුනු තත්වයෙන්වත් නිම කලාද ? නැහැනෙ. 1990 වගෙ නෙමී දැන් ඉඩම් බහුල නැහැ. ලෝකෙ අනෙකුත් රටවල් කරන්නෙ, තට්ටු නිවාස ව්යාපෘති.

:       0       4

දාස Thursday, 29 December 2022 01:23 PM

ජාජබ වේ පැහැදිලිව කියනවා රට හදන විදිහ, නීතියේ, ආධිපත්‍යය, මැති ඇමැති වරුන්ගේ අවුරුදු 5 පැන්ෂන්, නිල නිවාස කපා හරිනවා කියලා ඔබලාත් එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න.. අපි හම්බ කරලා වතුර, විදුලි බිලා ගෙවනවා.. ඇයි මන්ත්‍රීලා ඇමැතිලාට එය ඔවුන්ගේ පඩියෙන් ගෙවන්න බැරි? ජජබ වේගය අද රටේ ඇති එකම විකල්පයයි...

:       1       0

ගජබාහු Thursday, 29 December 2022 04:40 PM

අනිවාර්යෙන්ම රට ගොඩදැමියහැකි හැකියාවක් ඇති අද සිටින එකම දේශපාලන නායකයා සජිත් පමනයි

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 73 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 23 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 104 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4415 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4398 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2539 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26148 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18858 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site