IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘රට දියුණු කරන්නනම් ඩීල් දේශපාලනය නවත්වන්න

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතයේ පාලනයෙන් ආණ්ඩුව අසමත්ව සිටින අවස්ථාවක කොරෝනා වසංගතය පිළිබඳ තීන්දු ගත යුත්තේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පමණක් බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශය පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා කියයි

රට දියුණු කිරීම සඳහා මේ ගනුදෙනුකාර ඩීල් දේශපාලනයේ නිමාවක් දැකිය යුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා මෙසේද කීය.
    "කොරෝනා වසංගතයට මුහුණ දීලා තිබෙන වෙලාවක තවත් ඛේදවාචකයකට මුහුණ දෙන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ නවුකාවේ සිද්ධ වෙච්ච විනාශය අපේ කලාපය තුළ ඉතිහාසය වෙච්ච ලොකුම විනාශය කියලා මාධ්‍ය වාර්තා කරනවා.


සංචාරක ක්ෂේත්‍රය, ධීවර  ක්ෂේත්‍රය පමණක් නෙවෙයි අපේ ආහාරපාන වලට ජන ජීවිතයට මේක දිගුකාලීන බලපෑමක් එල්ල කරලා තියනවා.
ලෝකයේ රටවල් දෙකක්ම භාර ගැනීම ප්‍රතික්ෂේප කරපු මේ නැව අපේ මුහුදු සීමාව තුළට ආවේ කොහොමද කියලා මේ පිළිබඳ විශේෂඥයන් ප්‍රශ්න කරනවා. මේ ගැන ප්‍රකාශ කරන අයට පවා රජය තර්ජනාත්මකව කටයුතු කරමින් සිටිනවා. අද අපේ රටේ ඉතාම අනතුරුදායක තත්වයකට පත්වෙලා තියෙනවා.
ආණ්ඩුව අද ප්‍රශ්න වලින් අසමත් වෙනකොට විසදුම මර්දනය බවට පත්වෙලා තියෙනවා. අද කොරොනා වසංගතය ගැන කතා කරන සෞඛ්‍ය බලධාරීන්ගේ කටවල් පවා වහලා තියෙනවා. මෙහි සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. භාෂණයේ නිදහස අපේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. මේවා උදුරගන්න තමයි අද ආණ්ඩුව කටයුතු කරගෙන යන්නේ.


අසාර්ථක අසමත් ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්මට දිගින් දිගටම තහංචි දමමින් යනවා. විසිවන සංශෝධනය සම්මත වෙච්ච දවස  අපේ රටේ ඉතිහාසයේ අඳුරුම දවසක් විදිහට මම දකිනවා. අද අධිකරණ පද්ධතිය ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතු වෙනවා. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම ප්‍රහේලිකාවක් බවට පත්වෙලා තියෙනවා. මානව හිමිකම් පිළිබඳ ගැටලු මතුවෙලා. අපේ ජනතාව අවදියෙන් බැලිය යුතු කාලයකට මේ රටේ එලැබිලා තියෙනවා.
මේ වසංගතය පාලනයට ආණ්ඩුව මුල ඉඳන් කටයුතු කළේ නැහැ. කොවීඩ් එන්නත ලබා ගන්න අපේ රටේ ජනතාව පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙනවා. මේ ආණ්ඩුවට ක්‍රමවේදයක් සැලැස්මක් නැහැ.
පී.සී.ආර්  පරීක්ෂණ අඩු වෙලා තියෙන අවස්ථාවක වුවත් ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩි වෙමින් යනවා.  මේ පරීක්ෂණවල ප්‍රතිඵල එන්න දින දහයකට වඩා ගත වෙනවා. මේ වසංගතය තව ව්‍යාප්ත වෙන්න මේක හේතු වෙනවා.
මෙහි විෂය ගැන දැනුම තියෙන ආණ්ඩුවේම උදවියවත් මේ අය  මායිම් කරන්නේ නැහැ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, මහාචාර්ය තිස්ස විතාරණ වැනි විෂය සම්බන්ධයෙන් දැනුමක් තියෙන අය කියන දේවල් මේ ආණ්ඩුව තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. පටු දේශපාලන පැවැත්ම ගැන හිතනවා මිසක් යතාර්ථයට මුහුණ දෙන්න ආණ්ඩුව සුදානම් නැහැ.
කොරෝනා වසංගතය පාලනය කළ ලෝකයේ සෙසු රටවල් ඉදිරියට යද්දී අපි රෝග පාලනයෙනුත් පසුපසට යනවා. අපේ කලාපය අනිත් රටවල් දිහා බැලුවොත් ඒ අය එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යනවා. මේ කලාපයේ සියලුම රටවලට පිටුපසින් එන්නත් කරනයේදී අපි සිටිනවා. සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් තුට්ටුවකට මායිම් නොකිරීම මේ තත්ත්වයට හේතු වී තිබෙනවා. සෞඛ්‍ය විශේෂඥයන් පස්සට දාලා දේශපාලන තීන්දු ගත්තා.
විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ පිළිබඳව දිගින් දිගටම හඬ නැගුවා. එතුමන්ව සමච්චලයට ගත්තා. බිල්ලො මවල මිනිස්සුන්ව බය කරන්න එපා කිව්වා. යුද්ධය අවසන් කරපු අපිට මේකත් ප්‍රශ්නයක් ද කියලා ඇහුවා. මෙහෙම පටු දේශපාලන පැවැත්මකට යන්න පුළුවන් කමක් නැහැ.
අද ආර්ථිකය කළමනාකරණය කරගන්න විතරක් නෙමෙයි මේ වසංගතය කළමනාකරණය කර ගන්නත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. පටු දේශපාලන කෝණයකින් නැතුව හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඕන කියලා රටේ මතයක් ඇති වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව එකට සතුටුදායක ප්‍රතිචාරයක් දෙන්නෙ නැහැ.
කොරෝනා වසංගතයේ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පමණක් බවත් ඒ සඳහා වෙනකාවත් ගාවගන්න එපා යයි  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරනවා. මම ඒ පිළිබඳව කනගාටු වෙනවා. මේ ප්‍රකාශයේ තේරැම මොකද්ද කියලා මම එතුමාගෙන් ගෞරවයෙන් අහනවා. කාගේ වුවමනාව ද මේ ඉටු කරන්න හදන්නෙ කියලා අපි එතුමාගෙන් විමසනවා.
 

 



අදහස් (0)

‘රට දියුණු කරන්නනම් ඩීල් දේශපාලනය නවත්වන්න

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 65 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 227 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 235 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 281 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 472 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 256 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site