IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රිට් පෙත්සම වීසිකරන්නයි නීතිපති ඉල්ලයි

 

(තිළිණි සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මියගිය පසු සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි කියන සිය පුතුගේ මෘත දේහය නැවත පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පියකු ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද  (17) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මේ බව සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිලිබඳව හෙට (18) ප්‍රකාශ කරන බව සඳහන් කළේය.
 
මළසිරුර සම්බන්ධයෙන් කළ පී.සී ආර් පරීක්ෂණය දෝෂ සහිත බව තහවුරු කිරීමට පෙත්සම්කරු අසමත් ව ඇති අතර දෙවනි පී.සී ආර් පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ඉල්ලීම පදනම් විරහිත බැවින් මෙම ඉල්ලීම කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සදහන් කළේය.

මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා, එහි අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු 5 දෙනෙකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.



අදහස් (6)

රිට් පෙත්සම වීසිකරන්නයි නීතිපති ඉල්ලයි

fairoos Wednesday, 17 February 2021 01:10 PM

නැවත පරීක්ෂණයට ඉඩ දුන්නොත් ආණ්ඩුවට පාඩුද?

:       5       15

sanahWednesday, 17 February 2021 02:26 PM

නෑ, නෝන්ඩියි. ඒකයි මේ...

:       3       13

මහසෙන් Wednesday, 17 February 2021 05:12 PM

නෑ ඒකයි නීතිය .

:       0       0

jayasekaraThursday, 18 February 2021 05:27 AM

එතකොට මිය ගිය අය පැය 24ක් යන්න කළින් අවසන් කටයුතු කරන චාරිත්‍රය මේකෙන් අහෝසි වෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ. මොකද අපිට උඩ පනින්න බැහැනේ..

:       0       0

Suranga Fonseka Wednesday, 17 February 2021 03:51 PM

පක්ෂග්‍රාහීව කටයුතු කළ බව හොඳින්ම වැටහෙනවා. නැවත වරක් පරීක්ෂා කරන්න කියා තීන්දුව දෙන්න බය ඇයි...? මේ ප්‍රශ්න ඔක්කොම ජිනීවාවල මානව හිමිකම් නඩුවේදී ඇදෙනවා. අපි ඉල්ලන් කන ජාතියක්. සිංහලයෙක් වීමත් ලැජ්ජාවක්. නීතිපතිට බය නඩු කාරයෝ පොල් පිත්තකින් කපාගන්නත් පුළුවනි. මේ ගෝත්‍රික දුපතේ ඉන්න නඩු කාරයොත් කරන්නේ පිස්සු වැඩ.

:       0       0

Rata Perata Thursday, 18 February 2021 07:57 AM

අපිට තප්පුලන්නෙක්නේ ඉන්නේ. එයා මෙන්න මේ වගේ ඒවට හොට දදා අනිත් වැදගත් ඒවට දේශපාලකයන්ගේ පස්සෙන් ඉන්නේ. ඉතින් කොහේද රටකට හරියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 388 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 677 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1601 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2284 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 500 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 427 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site