IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රට පනින්න හැදූ 10 ක් තලෙමන්නාරමේදී අල්ලයි

(යොහාන් භාසුර)

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු තලෙමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.  

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අයත්  පී 175 වෙරළබඩ මුර යාත්‍රාව ඊයේ (16) රාත්‍රියේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කළ බවත් එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු, කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු සිව්දෙනෙකු  ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් බවත් නාවික හමුදාව කීය.

නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස පේසාලේ, ඌරුමලේ, කිලිනොච්චි සහ කන්තලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගත් බවත් එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙමන්නාරම පොලිසිය වෙත භාරදුන් බවත් නාවික හමුදාව සඳහන් කළේය. 



අදහස් (1)

රට පනින්න හැදූ 10 ක් තලෙමන්නාරමේදී අල්ලයි

kamal Wednesday, 17 August 2022 08:40 PM

කරුණාකරලා රටින් යන කෙනෙකුට යන තැනකට යන්න දෙන්න..., මේ රටේ ඉඳලා හිඟා කන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 252 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 479 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3494 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 522 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2640 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 540 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site