IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘රට පෙරලන්න හදපු අය රටින් පැන යනවා‘‘

(උපුල් හේරත්)

"රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය. 

මහා ලොකුට සමාජවාදය ගැන කතා කළාට,  මේ අසීරු අවස්ථාවේ රට ගැන මොහොතකටවත් නොසිතා  වෛද්‍ය සිසුන් අමාරුවේ දැම්මා  යැයි ද ඔහු පැවැසීය.

වෛද්‍යවරුන්ට පනවා තිබූ අධික බදු බර දරාගන්න බැරිව වෛද්‍යවරුන් රට හැර යාම බරපතළ ප්‍රශ්නයක් බව අපි දිගින් දිගටම කීවා .

ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයවත් රජයවත්  අවදානයක් යොමු කළේ නැහැ .එහි පළවෙනි ප්‍රතිඵලය හැටියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුව වසා දැම්මා .අනුරාධපුර රෝහලේන් පටන් ගත්තට මුළු රට පුරාම මේ තත්ත්වය උද්ගත විය හැකියි .

වෛද්‍ය විද්‍යාවේ ඇතැම් උපක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවටම ඉන්නේ එක්කෙනකු හෝ දෙන්නකු පමණයි. ඔවුන් රට හැර ගියොත් ඔවුන් ගෙන් ඉටුවන සේවාවන් වන ශෛල්‍යකර්ම හෝ ප්‍රතිකාර ලබා ගැනීමට අපට ඩොලර් අවශ්‍යයි .මෙම ගැටලුව නිමක් නොමැති විෂම චක්‍රය බවට පරිවර්තනය වෙන්න පුළුවන් .

ඒ නිසා ,ඉංජිනේරුවන් ,වෛද්‍යවරුන් ,ගණකාධිකාරිවරුන් යන වෘත්තිකයන්ගේන් අය කෙරෙන බදු ගැන රජය වහාම පියවර ගත යුතුයි .

එසේ නොවුණොත් තවත් මාස 6 කින් සෞඛ්‍ය සේවය කඩා වැටෙන්න පුළුවන් . අපි දන්නවා වත්මන් රජය මෙහෙ වන්නේ විජාතික මතවාදයි. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට පේනවා වෛද්‍යවරුන් ,විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විදෙස් ගත වෙන බව .මේ ප්‍රවණතාවයේ නවත්වා ගන්න රජය ප්‍රමාණවත් සාධනීය මැදිහත් වීමක් සිදු විය යුතුයි . 

අනුරාධපුරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවැසීය.

 



අදහස් (7)

‘‘රට පෙරලන්න හදපු අය රටින් පැන යනවා‘‘

කසුන් Saturday, 01 April 2023 08:27 AM

නාථ දෙවියන්ට ෂේප් එකක් දාලා මොනාහරි කරගන්න බැරි වෙයි ද සෑර්?

:       3       4

Samitha S. Aluthgamage Saturday, 01 April 2023 11:06 AM

රට නෙමෙයි පෙරළන්න හැදුවේ .. රටම හොරා කෑ දූෂිත ආණ්ඩුවයි.වංචාවට,හොරකමට, දුෂණයට එරෙහිව ක්‍රියාකල අය එහෙනම් ඔබ කියන හැටියට කයිවාරු කාරයන්.දූෂිත පවුල් පාලනයේ කොටස් කරුවන් වන ඔබ වැන්නන් වීරයෝ.අනේ .. අම්මපා,මේ කියන්නේ කටින් නම් වෙන්න බැහැ.වෙනත් කටකින් මිසක් ..

:       5       7

senaSaturday, 01 April 2023 11:26 PM

අන්ත දූෂිතයින්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       1

sam Saturday, 01 April 2023 11:26 AM

තොපිට හොර කන්නයි ඒ මිනිස්සු දුක් විදින්නයි කොහේ තියන නීතියකද පිස්සෝ ඒක.

:       5       4

Gamage Saturday, 01 April 2023 11:52 AM

තමුසෙල වගේ පක්ස දේශපාලනයට හොරකමට වංචාවට වහල් නොවන මිනිසුන්ට රට හැර යාම විකල්පයක්. රට හදන්න ඒ මිනිස්සු සමාජ ජාලා තුලින් හෝ උත්සාහ කර තිබීම අගයකලයුතු කාරනයක්. දේසපාලකයො, ඔවුන්ගේ වන්දි බට්ටයින්, ඉන් ප්‍රයෝජන ගන්න දූශිත ඉහල රාජ්‍ය නිලදාරීන් මේ රට හදන්න ඉඩ නොදේ.

:       2       6

අතුලසිරි Saturday, 01 April 2023 12:08 PM

අරගලයේ සංවිධායකයින් සොයා , ඔවුන්ට ලංකාවෙන් පිටත් වීමට කටයුතු සැලසුම් කිරීම , රජයේම උපායන් සහ සැලසුම් බව ආරංචි මාර්ග සඳහන් කරයි !

:       3       4

Ajith Saturday, 01 April 2023 02:11 PM

අද ඊයෙ නෙවෙය් මීට දශක ගනනාවක ඉදල වෘර්තිකයන් රට හැර යාම නිසා තමය් රට අද තියන තත්වෙට පත්වෙලා තියෙන්ෙන. අද රට හැර යන අයගේ බල පෑම එන්ෙන තව අවුරැදු 5කින් 10 කින්.

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1860 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 399 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 825 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4902 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 634 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3763 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site