IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


'රටේ ප්‍රශ්න විසදන්න ආණ්ඩුවට හැකියාවක් නෑ'

(නිමල කොඩිතුවක්කු)

ශක්තිමත් රාජ්‍යයක් ගෙඩනැගීම සඳහා විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළත්  රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට මෙතෙක් නොහැකි වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකසම් සුරැකෙන රටට ගැලපෙන නව ව්‍යවස්තාවක කාලෝචිත අවශයතාවයක් රටට පවතින බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වූ එකමුතුව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“රටක කැඩපත වනුයේ එරට බල පවත්වන ව්‍යවස්ථාවයි. එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට විනිවිද පෙනෙන රාජ්‍ය තන්ත්‍රයක් බිහි කිරීම, ජාතික ආගමික හා සමාජයීය සංහිඳියාව ගොඩනැගීම සඳහා විශිෂ්ට ගණයේ ව්‍යවස්ථාවක් බිහිවිය යුතුයි. ආණ්ඩුව පත්කරන කමිටුවක සීමිත සාමාජිකයන් පිරිසක් විසින් එවැනි ව්‍යවස්ථාවක්  නිර්මාණය කිරීම වෙනුවට, ජනතාව විසින් සකස් කරන ලද ව්‍යවස්ථාවක් එළි දැක්වීම අත්‍යාවශ වන බව අපගේ බලවත් විශ්වාසයයි.

එවැනි ආකාරයට සැකසුනු වැදගත් යෝජනාවලියක් යෝජිත ව්‍යවස්ථාව විදියට  අප ඉදිරිපත් කරනවා. එය පරිපූර්ණ ව්‍යවස්ථා ආකෘතියක් නොවුවත් අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම හා ප්‍රමුඛ අංශ ගණනාවක් ඒ මඟින් නිරූපණය වනවා. අපගේ ඒකායන අපේක්ෂාව වන්නේ එය මේ රටේ සියලු කොටස්වල සහභාගීත්වයෙන් පෝෂණය වනු දැකීමයි. අද මෙවැනි සමුළුවක් කැවීමෙන් ද අප අපේක්ෂා කරන්නේ එයයි. මෙය සැකසීමේදී ලෝකයේ විවිධ රටවල ජීවත් වන ශ්‍රී ලාංකික විද්වතුන් හා ශ්‍රී ලංකාවේ ජීවත්වන කීර්තිමත් නීතිවේදීන් ද ඇතුළු බොහෝ දෙනෙක් දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සියලු දෙනාට අපගේ ගෞරවය පුද කරන්න කැමතියි.

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විනාශ වුණා. එමගින්  පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක තත්ත්වයට ඇද වැටිණා. මුළු රටම සර්ව බලධාරී ජනාධිපතිවරයෙකුගේ ආධිපත්‍යයට යටත් වුණා. මේ සියලු බලතලත්, 3/2 පාර්ලිමේන්තුවේ ශක්තියත් ලැබුණත් රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට මෙතෙක් නොහැකි වූ බව රටවැසියා දනනවා.



අදහස් (8)

'රටේ ප්‍රශ්න විසදන්න ආණ්ඩුවට හැකියාවක් නෑ'

Bamunuarachchi Thursday, 16 December 2021 03:06 PM

මේ රජයට බැරිනම් ඔහෙලට කොහෙත්ම බැහැ. මේ ගොල්ලන්ට බැරි හින්දද එක සැරයක් 10 දෙනෙක්ම මේ පැත්තට කඩාගෙන පැන්නේ? ජෙප්පන්ට ප්‍රශ්න විසඳන්න හිතන්නවත් බැහැ. අපි නොදන්න එජාපයෝ...

:       274       15

fairoosThursday, 16 December 2021 05:12 PM

අනේ බමුණා ලැජ්ජයි.. සර් හරියට කරපු එක වැඩක් පෙන්නන්න පුළුවන්ද? දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න. මෙහෙම ගියොත් තව අවුරුදු 02න් ලෙබනන් වගේ තමයි වෙන්නේ...

:       0       0

මහසෙන් Thursday, 16 December 2021 03:06 PM

හා... ඊළඟ වටේට ඔයා එන්න. ඇවිල්ලා විසඳන්න...

:       174       12

කමල් Thursday, 16 December 2021 03:18 PM

ඇත්ත

:       7       155

navin Thursday, 16 December 2021 04:14 PM

ඒකනේ මම කිව්වේ... අපේ කරුපයියාව ජනාධිපති කළා නම් මේ මොකුත් වෙන්නේ නෑ..

:       2       12

Saman Thursday, 16 December 2021 04:29 PM

අවුරුදු 70වක් තිස්සේ රටට ඕනේ ප්‍රතිපත්ති ටික හදාගන්න බැරි වුණු ඔහෙලාට කොහොමත් බැහැ. පාර්ලිමේන්තුවේ හිටපු නැති කෙනෙක් වගේ කතාව. ඩොලර් හිඟය ආවේ, රට ණයවෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ වැරදි විතරක් නිසා නොවේ. දියවන්නාවේ හිටපු හැමෝගේම වරදින්... තවමත් වරදට හේතුව හොයලා, එකතුවෙලා වැඩක් කරන්න හිතන්නෙවත් නැහැ. හැමෝම ලොකු කතා කියකියා ඉන්නවා..

:       22       3

ජල්තර Thursday, 16 December 2021 07:43 PM

ගොක්කොළ පේන්න ගත්තාම කොහොමත් මොලේ විකාර වෙනවා. පිනක් දහමක් කරගෙන අනිත්‍ය මෙනෙහි කර ගත්තොත්, ලොක්කා ගොඩ. දැනටමත් පරක්කු වැඩියි.

:       0       1

SUNIL MILANO Thursday, 16 December 2021 08:02 PM

මෙයා කතානායක පුටුවේ වාඩිවෙලා කරපු රඟපෑම අපි දැක්කනේ. දැන් මරු කියවනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 69 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 105 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 142 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 39 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 166 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1254 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site