(සුජිත් හේවාජුලිගේ)
සතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
හැත්තෑ නවලක්ෂ අනූ නව දහස් අනූ තුනක් වන රටේ ශ්‍රම බලකායෙන් 4095493ක් පැය හතළිහට වැඩියෙන් වැඩ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
සතියකට පැය 40 ක් හෝ ඊට වැඩියෙන් වැඩ කළ පිරිස 2022 වර්ෂයේ දී සියයට 56.2 ක් බවත් මේ වසරේදී එය සියයට 65.8ක් දක්වා සියයට දාහතක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර සතියකට පැය දහයත් තිස් නවයත් අතර වැඩ කරන පිරිස 2022 වර්ෂයේදී සියයට 27 ක් ලෙස පැවතුණු බව පැවසූ මහාචාර්යවරයා එම සංඛ්‍යාව මේ වසරේදී සියයට 29. 7 ක් දක්වා සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
සේවා නියුක්තියන් අතරින් සතියකට පැය එකත් නවයත් අතර වැඩ කරන පිරිස 2020 වසරේදී සිටියේ සියයට 2.1කි. එය මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.9කින් අඩු වන බව එම වාර්තාවල දැක්වෙන්නේ යැයි වසන්ත අතුකෝරළ මහතා කීවේය.
සතියකට වැඩ කරන පැය ගණන හතළිහට වැඩිවී ඇත්තේ ආර්ථික උද්ධමනය යනාදී හේතු සැලකිල්ලට ගෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ ලක්ෂ හතක් නිදි නැතුව වැඩ
Prabha Sunday, 01 September 2024 12:08 AM
වරාය, දුම්රිය වගේ තැන්වල සමහරු පැය 24 වැඩ කරන්නේ...!