IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක්

(ජේ.කේ.එල්. චාමින්ද)

විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබු විද්‍යුත් වාහන 510 සදහා පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන 1,384 ක බදු ආදායමක් අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විම සදහා බලපත්‍ර නිකුත් කිරිමට අදාළව අයදුම් පත් භාරගැනිම,පරික්ෂා කිරිම,බලපත්‍ර නිකුත් කිරිම, අවලංගු කිරිම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකු විසින් අක්‍රමවත් පරිදි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම නිසා මෙකි යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සදහා බලපත්‍ර නිකුත් කිරිමේ දි බරපතල ලෙස විනිවිදභාවය කඩකරතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම බලපත්‍ර නිකුත්කිරිමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබුණි.

 



අදහස් (2)

රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක්

fairoos Wednesday, 11 December 2024 11:32 AM

ඔක්කොම හොරු ටික අල්ලලා දාන්න ඕනෑ ඇතුළට

:       0       9

Nandana Wednesday, 11 December 2024 01:01 PM

වාහන සේල් කාරයෝ උන්ගේ සල්ලි උන්ඩියල් වලින් පිටරට උන්ගේ ගිණුම් වලට යවලා නැවත මෙහෙ බැංකු වලට දාගෙන පර්මිට් හදාගෙන රට ඉන්න එකෙක්ට කොමිස් එකක් දුන්නා නොවේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාත් වේ
2024 දෙසැම්බර් මස 27 285 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්


මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
2024 දෙසැම්බර් මස 27 620 0

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය


පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
2024 දෙසැම්බර් මස 26 158 0

කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.


පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි
2024 දෙසැම්බර් මස 26 379 0

ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත


ලොව වයස් ගතම සංගීත කණ්ඩය
2024 දෙසැම්බර් මස 26 116 0

ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා


ප්‍රේමණීය ප්‍රියා අවසන් වරට ගුවන් විදුලියට එයි
2024 දෙසැම්බර් මස 26 210 0

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 132 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 115 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 84 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site