(සුජිත් හේවාජුලිගේ )
රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
එවැනි පරිත්‍යාගයක් කළ හොත් එම මුදල් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන ලක්ෂ 80කට වැඩි පිරිසගේ සුභ සාධනය සඳහා යෙදවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට වැසීම ගැන ඇමති සිසිර ජයකොඩිගෙන් අලුත් යෝජනාවක්
Kumara Friday, 20 August 2021 02:01 PM
හොරා කාපු සල්ලි එලියට අදින්න .හිඟා කන්න ඕනේ නෑ දැන්
ගමරාළFriday, 20 August 2021 04:02 PM
යුද්දෙට පස්සෙ නෙලුම් කුලුණත්, ඇවිදින මංතීරු, නම ගැසීමට ක්‍රිකට් පිටි, කොළඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්යන්ත නොහදා නම ජීවමාන වීමට වරායවල්, ගුවන ජයගැනීමට කියා නාස්ති කිරීම් ගුවන් තොටුපලවල් ණය මත ඉදිකළා.. ණයෙනුත් වැඩිකොටසක් ගසා කන්න ඇති. නමුත් රටෙන් ණයවාරික බිලියන දහස් ගණනින් ගෙවන්න වුණාම රටම හිඟමනට වැටුණා.. ඒවාට දායකත්වය දුන්නු මේ අය කියනවා උඹලා ගෙවපල්ලා කියලා. එක් අතකින් මේ අය පත්කළ අපිට ඕවා හොඳ පාඩම්...
රංජිත්Friday, 20 August 2021 09:15 PM
මෙයා හිතනවද දන්නේ නෑ ලංකාවේ මිනිස්සුන්ටත් මුද්දර ගහන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වගේ ලක්ශ 3 ක් ගෙවනවා කියලා... අපිටත් එහෙම ගෙවනවා නම් අපේ මුලු පඩියම දෙනවා.
sarath sigera Friday, 20 August 2021 02:05 PM
මෙ වගේ අයට ඡන්දෙ දෙනවට හොද පාඩම්
Mangala Friday, 20 August 2021 02:09 PM
හරියට හරි.
මැක්ස් Friday, 20 August 2021 02:16 PM
සුපිරි අදහසක්. වහන්න වහන්න කියලා කෑමොර දෙන කිසි කෙනෙක් එහෙම දෙයක් කරන්නෑ.
kumar Friday, 20 August 2021 02:18 PM
ඉතා හොද යෝජනාවක්. අපි කැමතියි. මේ ව්‍යසන අවස්ථාවේදී හැමෝම කැපකීරීම් කරන්න ඕනේ.
රන්ජන් Friday, 20 August 2021 02:20 PM
අසරණ රජයේ සේවකයන්ගෙන් පඩියෙන් බාගයක් ඉල්ලන්නේ ඔබට ලැජ්ජ නැද්ද? මේ රටේ දේපල හොරා කාලා රට හා ජනතාව අසරණ දුප්පත් කලේ ඔබ වැනි දේශපාලකයන් නොවේද? විශේෂයෙන් රාජපක්ෂලා . මේ මැරෙන සෑම ජිවිතයක් ගානේ ඔබලා වග කිව යුතුයි. එයින් නිදහස් වීමට ඔබලාට මරණ මන්චකෙදිවත් බැරිය. ඒ පාපය ඔබලාද ඔබලාගේ පරම්පරාද ගෙවිය යුතුමය.
era Friday, 20 August 2021 02:25 PM
සූර සරදියල්
Jcn Friday, 20 August 2021 02:36 PM
නොකියා කියන්නේ වහන්නෙම නෑ කියලනේ... අපි නොදන්න මැටි ඇමැටිලා...!
kamal jayasinghe Friday, 20 August 2021 02:42 PM
එතකොට ඩොක්ටර්ස්ලා, නර්ස්ලා, හමුදාවේ අයත් භාගයක් දෙන්න කියලද මේකේ ප්‍රතිචාර දාන අයට බෙරිහන් දෙන්නේ...?
Pgp thilan Friday, 20 August 2021 02:49 PM
ඡන්ද ගණන නොබලා අවශ්‍යතා වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළාට ඔබටත්, ප්‍රසන්න ඇමැතිතුමාටත් ස්තුතියි...!!!
Prabha Friday, 20 August 2021 05:51 PM
ඡන්ද දිනුවා, පැරදුණා... ඒ අය හම්බ කරන් ඉවරයි.. ණයට කහින ඔබ, අප හැමදාමත් පරාදයි.
නිහාල් Friday, 20 August 2021 02:55 PM
දින 14 ක් රට වසාතැබුවොත්... නැතිබැරි ජනතාවට කන්න බොන්න දෙන්න බැරි රටක්ද මේක...? මෙයට නිදහසෙන් පසු වසර 73 ක් රට පාලනය කළ සියලුම දේශපාලකයින් වගකිව යුතුයි...
Nuwan Friday, 20 August 2021 03:00 PM
කෝටි ගණන් ගසාකාපු අය තමන්ගේ සල්ලි පිටරට බැංකුවලින් ගෙනැල්ලා බෙදුවා නම් හරිනේ...!
සිරිබිරිස් Friday, 20 August 2021 03:03 PM
ඔය සිසිර ඇමැතිගේ දැනුම හැටියට ඔය වගේ දෙයක් තමයි අහන්න තියෙන්නේ... පුදුම වෙන්න දෙයක් නැහැ...
RSP Friday, 20 August 2021 03:05 PM
ඒ එක්කම සියලුම දේශපාලකයින්ගේ වත්කම් ප්‍රකාශ ලබාගත්තොත් හොඳයි. ඔවුන් ජීවත් වෙන්නේ පඩියෙන් නොවේ. ඔවුන් රට වෙනුවෙන් කරඇති කැපකිරීම් මොනවාද (කයිවාරුව ඇරුණාම). අනෙක් අතට රට වහන එකට ජනතාව ගෙවන්න ඕනේ කියන එක වැරැදියි. රජයට තත්වය පාලනය කළ හැකිනම් රට ඇරලා තැබීමේ ඇති වරදක් නැහැ.. තත්වය පාලනය කරනවා කියන්නේ බොරුකීම නොවේ. අපට විදේශ මුදල් නැතේ ඇයි..? එයට වගකිවයුත්තේ ජනතාවද? බදු අඩුකර රජයේ අදායම් නැතිකරගත්තේ රජයද? ජනතාවද?
kamal adhikari Friday, 20 August 2021 03:17 PM
මේ වගේ මැටි ඇමැතියෝ... රජපවුලේ හොරාකාපු සල්ලි ඉල්ලගනිව්... මිනිස්සු කබලෙන් ලිපට ඇදලා දැම්මා මදිවට... මෙයාලාට ගහන්න ඕනේ මඩු වලිගෙන්...
මහජනයා Friday, 20 August 2021 03:17 PM
වැටුප් ගෙවන්නේ නම් සේවකයාගෙන් අදාල සේවය ලබාගැනීම සේවා යෝජකයාගේ කාර්යකි. වැටුප් පමණක් කලට වේලාවට ගෙවා සේවකයා කරන සේවය ක්‍රමවත්ව නියාමනය නොකිරීමේ පලවිපාක ගෙවමින් සිටියි. පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා ආදායම හම්බකරගත් අයට කිසිඳු ආදායමක් නැතිවිය. නමුත් රජයේ සේවක වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ගෙවමින් ඔවුන්ගේ සේවය නිසි අයුරින් නියාමනය නොකරන ලදී. මෙවන් දීර්ඝ කාලීන ආපදාවකදී සෑම අංශයක්ම හැකි අයුරින් මාර්ගගතව ක්‍රියාත්මක කිරීමට, නියාමනය කිරීමට පියවර ගත යුතුයි. වැටුපක් ලබාගන්නා අයෙකුගෙන් ස්වේච්ඡා සේවයක් පමණක් නොසෑහේ...
පූගොඩ Friday, 20 August 2021 03:18 PM
අගුලු දාන කාලය තුළ නිවාඩු ලැබෙන රජයේ සහ පුද්ගලික ආයතනවල රුපියල් ලක්ෂයට වඩා අයගේ පඩියෙන් පූජාකළාට අවුලක් නෑ...
අබිලින් Friday, 20 August 2021 04:11 PM
ලිට්‍රො සභාපතිගේ මාසික වැටුප මිලියන දෙක හමාරක්ලු... මෙයා හිතනවා ඇත්තේ රජයේ සේවකයින් එයාටත් වැඩියෙන් ගන්නවා කියලා.. නැත්නම් රජයේ සේවකයින්ට ආර්ථික ඇදුරා කිව්වා වගේ 2500න් කන්න පුලුවන් කියලා..
chandana Friday, 20 August 2021 03:19 PM
සේවයට නොපැමිණ නිවෙස්වලට වී සුපිරි වැඩ්ඩන් සේ දඟලන අයට මේ නීතිය අදාළ කළොත් නියමයි. මේ දුෂ්කර කාලෙදීත් සියල්ල කැප කරමින් සේවයේ යෙදෙන හමුදාව, පොලිසිය, සෞඛ්‍යය, තවත් බොහෝ අත්‍යාවශ්‍ය සේවා වලට මේක අදාල කළයුතු නැහැ. විශේෂයෙන් තමන් තරම් සියල්ල දත්ලා... නැහැයි කියලා හිතන අර ඔන්ලයින් අධ්‍යාපන අමාරුකාරයන්ටයි, පාරවල කෑ මොර දෙන අයටයි අදාල විය යුතුමයි. කිසිම ඵලදායී සේවයක නොයෙදෙන සියල්ලන්ටම අදාල කළ යුතුයි. අඩුම ගානේ පඩියෙන් භාගයක් නැතත් වැටුප් ගැන කතා කරනකොට කවදාවත් කියන්නේ නැති දීමනා සියල්ල නවතා දමා ඒ මුදල් එදා වේල හම්බ කරගන්න දුප්පත් අයට ආහාරපාන ලබාදීමට යොදවන්න. ශක්තිමත් පනතකින්ම ඕක කරන්න. නැත්නම් උසාවි ගානේ යන්න ගියාම එතැනදීත් කෝවිඩ් තමයි පැතිරෙන්නේ....
JAYASEKARA Friday, 20 August 2021 03:35 PM
රජයේ සේවකයොත් එදා වේල කන්නේ බොන්නේ හරි අමාරුවෙන්... නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩියෙන් ගහයි. ඒ ගොල්ලන්ට දෙන වරප්‍රසාද? කෑම බීම වලට යන වියහියදම් එහෙම් පිටින්ම කප්පාදු කළොත් ඔය වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් ඇමැතිතුමෝ... කරුමෙකට සියලු පක්ෂ මේ ගැන නිකමටවත් යෝජනාවක් විදිහට ගේන්නේ නැහැනේ...
ranjan Friday, 20 August 2021 03:46 PM
පැණිය ඉවරද? මේ වගේ අය පාර්ලිමේන්තු මොකට එවනවද?
lal Friday, 20 August 2021 03:46 PM
මාසෙට 50,000ට වඩා පඩි ගන්න අයගෙන් මේක අය කරන්න. මොකද අනිත් අයට කන්නත් සල්ලි නැහැ. එ් මිනිස්සු අතපාන්න යන්නෙත් නැහැ. ඒ නිසා අනුන්ගෙන් ඉල්ලා දන්දෙන එක නවත්තලා තමන් කැමති අය පමණක් දන් දීපල්ලා...
duminda Friday, 20 August 2021 03:47 PM
එහෙම නෙවෙයි... ඇමැතිලාගේ සැප වාහන, අයිතිකාරයින් නැති ගෙවල්, මධූෂ්ගේ සල්ලි, කේපී ගේ රත්තරන්.. ඒවා ටික වෙන්දේසි කරලා එන සල්ලි වලින් මිනිස්සුන්ට කන්න දෙමු. ආ... පාර්ලිමේන්තුවේ කැනිට්මත් වහලා දාමු..කෝටි ගාණක් යන තැනක්නේ. ගෙදරින් කෑම ගේන්න.. හරිම සරළයි...
wimal Friday, 20 August 2021 03:57 PM
225 අතරේ යන්තම් ඔලුව තිබිච්ච කෙනෙක් ඉඳලා තියෙනවා. ඔය වහන්න කියලා දඟලන මහත් හොරු අත දිගෑරලා දේවි ගන්න කියලා. ගෙදර නිකන් ඉඳලා ලැබෙන වැටුප මදියි කියලා පෙළපාලි යන අය ඉන්න රටකට ඕවා වැඩක් නෑ. ජනාධිපති කිව්වොත් රට වහනවා.., වැටුප දෙන්න බැහැ කියලා. හෙට උදේ ඔය ටයි, කෝට් අඳින අය සහ ඔය සේරම කෙළිකාරයෝ ටික හෙට උදේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට රෙද්ද කරේ තියන් පෙළපාලි යාවි.. මේ රටේ අහිංසක එදාවේල හම්බකරගනිපු මිනිහාට දෙයියන්ගේම පිහිටයි.
era Friday, 20 August 2021 04:03 PM
කවුරුවත්, කාගේවත්... දේවල් බලෙන් ගත යුතු නැත. ඕනම මිනිසෙකුගේ ජීවිත කාලය අවුරුදු 60ක් 80ක් පමණ වේ. එම කාලය තුළ ඇතිවන අභියෝග පුද්ගලයන් වශයෙනුත්, රටක් වශයෙනුත් ජය ගැනීමට, මිනිසුන් එකතු වීමට තරම් මිනිසුන් බුද්ධිමත් විය යුතුය. මිනිස්සු තමන්ට ආදරය කරන නායකයන් සැබෑ ලෙසින් හඳුනා ගන්නාතුරු, සරදියල්ලා ඉදිරියටත් බලයට පත්වනු ඇත. ඔවුන් කියන දේ නිවැරැදිව අසන්න. නිවැරැදිව තේරුම් ගන්න. නැවත නැවතත් ඉතිහාසයේ සිදුවූ වරද සිදු වන්නට ඉඩනොතැබීමට කටයුතු කරන්න. මේ අප කාලය ගත කරන්නේ රාජාණ්ඩුවක නොවේ. ඡන්ද බලයක් ඇති යුගයකයි. නිවැරැදි පුද්ගලයින් නිවැරැදිව තෝරමු... එදිනට මේ රට නිවැරැදි මාවතකට පිවිසෙනු ඇත.. අද පවතින තත්වයට ඔබද, මමද, අප සියල්ලෝම වගකිව යුතු වන්නෝය. මිනිස්සු හැමදාමත් තමන්ගේ නායකයින්ට ආදරය කරති. එසේම මිනිසුන්, සැබෑ නායකයන් නොහඳුනති. මිනිසුන් සැබෑ නායකයන් තෝරාගන්නා තුරු රැවටෙති..
Sunil Friday, 20 August 2021 04:16 PM
කිසිම වැදගත් කමකට නැති පැණියක් ප්‍රවර්ධනය කරලා, හොයාගත්තු සල්ලි කන්දරාව මේ අයට බෙදලා දෙන්න අහිංසක රජයේ සේවකයන්ගේ සොච්චම් වැටුපට අනින්නේ නැතිව... නමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය... නමුත් කිසිම සායනික පරීක්ෂාවකට ලක් නොවූ ජරාවක් කෝවිඩ් වලට හොඳ බෙහෙතක් කිව්වා... ඒ කිව්වේ සෞඛ්‍ය ගැන මොනවා දැනගෙනද?
mp Friday, 20 August 2021 04:20 PM
පිස්සු වැඩක්...
lakvidu Friday, 20 August 2021 07:33 PM
අනේ පැණියා...!! ආයුර්වේද රෝහල්වල සිටි පණ අදින කෝවිඩ් ලෙඩ්ඩු බටහිර වෛද්‍ය රෝහල් වලට මාරු කර යවලා, “ආයුර්වේද ප්‍රතිකාර ගත් කිසිඳු රෝගියෙක් මියගියේ නැහැ” කියා මහජනතාව මුලාවෙන ප්‍රකාශයක් නිකුත් කළේත් මේ පැණියාම තමයි...!
Sri Lanka Friday, 20 August 2021 07:48 PM
හොඳ අදහසක්... එකතු වෙලා එදාවේල හොයාගන්න ජනතාවට දෙන්න... බලමුකෝ ප්‍රතිචාර...?
Prase Friday, 20 August 2021 09:14 PM
හොඳ අදහසක්... ජොබ් එකට ගියාම පඩියෙන් භාගයක් වියදම් වෙනවා. බස්ගාස්තු, ලන්ච්, මේකප්, සුවඳවිලවුන්, සැලූන් වලට... ඒ නිසා භාගයක් ගත්තට කමක් නැහැ.
විපරමා Friday, 20 August 2021 09:14 PM
හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය ගිණුම තියෙන්නේ ඉල්ල ගන්න බැරියෑ... දුශිත දේශපාලුවන් හොරකම්, වංචා, දූෂණ වලින් පරම්පරා ගාණකට ඇති වෙන්න හරිහම්බ කරගත්තා. ඡන්දෙ දීලා පත්කෙරුවාට ජනතාවට සලකන එකනේ කරන්න ඕනේ...!!!
ගුණසේකර Friday, 20 August 2021 09:26 PM
ඔව්, ඔබතුමා වැනි මාසිකව ලක්ෂයට වඩා වැටුප් ගන්න අයගෙන් භාගයක් කපාගෙන ඒක කරන්න...
bandara Friday, 20 August 2021 10:25 PM
මාගේ වැටුපෙන් භාගයකටත් වඩා බැංකු ණය සඳහා අය වෙනවා. ඉතිරි කොටසත් කැපුවොත් පස් තමයි කන්න වෙන්නේ... පාලකයින් වගකීම් විරහිතව කටයුතු කරලා එ්ක සාමාන්‍ය ජනතාව පිට පටවන්න හදනවා..
swene Saturday, 21 August 2021 05:20 AM
බලයට පත් වුනාම වෙස්සන්තරල වගේ රාජ්‍ය දේපොළ හා තනතුරු ඥාති මිත්‍රාදීන්ට බෙදාගෙන. ලක්ෂ ගණන් ගෙවන එම තනතුරු අවලංගු කොට ඒ මුදල සාමාන්‍ය ජනතාවගේ යහපත ට යොදවන්න. මන්ත්‍රි , ඇමති අගමැති යන ඔක්කොමගේ පඩි සහ වරදාන වෙනුවෙන් කියක් ගෙවනවද ? ඒවත් ජනතාවට ගෙවන්න.
Ruch Saturday, 21 August 2021 07:43 AM
ලොක්ඩවුන් කාලසීමාවේ සේවයට කැදවන සේවකයන්ට වැඩකරන දින වලට පමණක් වැටුප් ගෙවිය යුතු චක්‍රලේඛයක් හදන්න. සුලු ව්‍යාපාරිකයො වශයෙන් වැඩ නොකර පඩි ගෙවන්න අපට අපහසුයි.
de silva Saturday, 21 August 2021 07:41 PM
මෙයා නේද අර ධම්මික පැණිය හොදයි කියලා ලනුවක් දීලා ජනතාව අමාරුවේ දැම්මේ.?