IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


රට වැසීමේ ප්‍රතිඵල එන්නේ තව සති දෙකකින්

(සුජිත් හේවාජුලිගේ)

නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එකවර අඩු නොවීම ගැන කිසිවකු කලබල විය යුතු හෝ මානසික වශයෙන් ඇද වැටිය යුතු හෝ නැති බවත් රට වැසීමේ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට අඩු තරමින් තව සති දෙකක්වත් ගත වනූ ඇති බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

රට වැසීමේ ප්‍රතිඵල අද හෙටම බලාපොරොත්තු විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී ජනතාව අනවශ්‍ය සංචරණවලින් වැළකී නිවෙස්වලටම වී කාලය ගත කරන්නැයි තමා ඉල්ලා සිටින බව කී මහාචාර්යවරයා කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සියලු දෙනා මේ අවස්ථාවේදී එම එන්නත ලබා ගැනීමට උනන්දු විය යුතු බවද පැවසුවේය.

විශේෂයෙන් වයස 60ට වැඩි සියලු දෙනා ඉතාම කඩිනමින් එන්නත ලබා ගැනීම වැදගත් බවත් කොවිඩ්වලින් ගැලවීමට තිබෙන ප්‍රධානම විසඳුම එන්නත්කරණය බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ දැනට භාවිතා කෙරෙන සියලුම එන්නත් සෞඛ්‍ය අංශ අනුමත කර ඇති ඒවා හෙයින් තෝර තෝරා නො සිට කුමන හෝ එන්නතක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

ළඟම එන්නත හොඳම එන්නත බවද මහාචාර්යවරයා කීවේය.

වයස 60ට වැඩි පුද්ගලයන්ට එන්නත නිවසටම ගොස් ලබාදීමේ වැඩපිළිවෙළ ඉතාම හොඳ ප්‍රායෝගික එකක් බවත් එය තවදුරටත් වේගවත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ දිනවල වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව මීට සති දෙකකට පෙර සංචරණවල ප්‍රතිඵල බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (6)

රට වැසීමේ ප්‍රතිඵල එන්නේ තව සති දෙකකින්

kasun Monday, 23 August 2021 01:37 PM

අනේ දැන්ද එන්නත්කරණය තමයි වැදගත්ම කියලා මතක් වුණේ.. ? කළින් නම් කිව්වේ රට වහන එක විතරයි විසඳුම කියලා නේද? පඩි කපන්න කියලා පොඩි ඉඟියක් දුන්නා විතරයි... කට්ටියට දැන් එන්නත් කරන එකේ වැදගත්කම පෙනිලා...

:       13       4

samanMonday, 23 August 2021 02:43 PM

මේ වගේ කමෙන්ට් දාන මිනිස්සු ඉන්න රටකට මොලයක් තමයි දෙන්න ඕනෑ මිනිස්සුන්ට. ඒක එන්නත් කරන්න බැරි නිසා රට වලපල්ලට යනඑක නවත්වන්න බැහැ...

:       0       5

jayasekara Monday, 23 August 2021 02:17 PM

ළමයින්ගේ (O/L) ප්‍රතිපල තව සති කියියකින් එයිද.?

:       0       0

Chandima Monday, 23 August 2021 02:45 PM

මේ වෙද්දී රටේ සියයට 55 කටත් වැඩියෙන් එන්නත ලබාදීලා.. එව්වගේ ප්‍රතිඵලත් තව සති 02කින් විතර එනවා. දැන් මේ කියන ප්‍රතිඵල හරියට තෝරාබේරාගන්නත් බැරිවෙනවා අපිට...

:       0       2

pakeerMonday, 23 August 2021 03:43 PM

එන්නතේ ප්‍රතිඵල බලන්න හිටියා නම්, ප්‍රතිඵල බලන්න කෙනෙක් නැති වෙනවා.

:       0       0

Sri Lanka Monday, 23 August 2021 03:33 PM

ඔව් ඒකෙ ප්‍රතිඵලය අහිංසක ජනතාව හිටියටත් වඩා පහතට වැටෙනවා. කොරෝනා ව්‍යාපාරයට සම්බන්ධ අය ගොඩ යනවා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1252 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 329 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 458 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 592 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1379 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site