IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි



(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ  සන්ධානගත  (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ   මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.

මෙම කාර්යාලයේ සියලුම ගිණුම් සහ වියදම් කාලයක සිට නිශ්චිත විගණනයකට ලක්වී  නොතිබූ  බව කතානායකවරයාට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි සියලු කටයුතු රජයේ විගණකාධිපතිවරයා යටතට පත් කිරීමට කතානායකවරයා පසුගියදා පියවර ගත්තේය.

පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරීන් කීපදෙනකු විදේශ සංචාරවලදී මෙහි විදේශ මුදල්(ඩොලර්) අයථා ලෙස පාවිච්චි කර ඇති බවට ලැබී ඇති තොරතුරක්  සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුවී ඇත.

එසේම එම  අංශයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන්ද චෝදනා  එල්ලවී ඇත. ඒ පිළිබඳවද විගණන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියකුගෙන් ඊයේ  අප කළ විමසුමකදී ඔහු  පැවසුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා  විදේශ සබඳතා අංශයේ  පසුගිය කටයුතු කිහිපයක් ගැන මේ දිනවල පුළුල්ව සොයා බලාගෙන යන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් අක්‍රමිකතා ඇති වීමට ඉඩ ඇති මාර්ග වසා දැමීමට කතානායකවරයා උපදෙස්දී ඇත.



අදහස් (4)

රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි

හසක Thursday, 20 March 2025 10:45 AM

මේ වරප්‍රසාද නැතිවෙනවට මේ අවභාවිතා කාරයෝ අකමැතියි. ඉතින් උන්ට පුළුවන් හැමදේම කරනවා මේ තියෙන ක්‍රමය රැකගන්න.

:       2       30

ddsThursday, 20 March 2025 12:07 PM

ඔය දේවල් මොනතරම් පෞද්ගලික මත (opinions) නැතුව කරුණු (facts) එක්ක කිව්වත් පිලිගන්න අකමැති, නැත්නම් නොතේරෙන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ දේවල් කියලා, වාදකරගෙන වැඩක් නැහැ, ඒ අයටම අවබෝධ වෙනකන්.

:       2       12

බකල ජයා Thursday, 20 March 2025 10:54 AM

මූල්‍ය අධ්‍යක්‍ෂක නොදැනුවත්ව මේක වෙන්න පුළුවන් කියන එක උපරිම හොඳටම පිලිගන්න වෙනවා. මම පුදුම මෝඩයෙක්. පරීක්ෂණය කරන්නෙත් එයාමයි. තවත් හොඳයි. හරිම සාධාරණව, අපක්ෂපාතීව වැඩේ වෙයි. අනේ මං වගේ මෝඩයෙක්.

:       2       15

maalaka Friday, 21 March 2025 06:40 AM

මේ මුළු කාර්ය මණ්ඩලයම මාරු කරන්න .අලුතෙන් හිතන්න මේවා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්
2025 මාර්තු මස 23 9 0

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක
2025 මාර්තු මස 23 491 0

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු


ගංජා බී බස් එළවලා
2025 මාර්තු මස 23 294 0

අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්


පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි
2025 මාර්තු මස 23 114 0

පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.


රනිල්ගේ උපන් දිනයට චීනය කලින්ම පාටියක් දෙයි
2025 මාර්තු මස 23 76 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝ


ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්
2025 මාර්තු මස 23 119 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 118 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 517 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1123 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site