IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


’’රට හිතෙන හැටි’’ නවතම ප්‍රතිඵල

(විමුක්ති එස් රුද්‍රිගු)

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව රට හිතෙන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පෙබරවාරි මාසයේදී සියයට 7 ක්වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ජූලි මාසය වනවිට සියයට 24 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එසේම වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. පෙබරවාරි මාසයේදී වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 9 ක ප්‍රමාණයක් විශ්වාස කළ බවත් එය ජූලි මාසයේදී සියයට 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

රටේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිසද තුන්ගුණයකින් ඉහළ ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය. පෙබරවාරි මාසයේදී ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ සියයට 9 ක පිරිස ජූලි මාසය වනවිට සියයට 30 දක්වා වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.



අදහස් (13)

’’රට හිතෙන හැටි’’ නවතම ප්‍රතිඵල

Priyanga Monday, 15 July 2024 02:50 PM

ඔය තරම් අඩු මට්ටමකින් පටන් ගන්න කොට නිකමට හිතුන වෙන්න යන දේ. හොඳ හොඳ සෙල්ලං එළිවෙන කොටලුනේ.

:       17       62

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 02:50 PM

ඇත්ත වුණත් බොරු වුණත් ඔය වගේ සමීක්ෂණයවල ප්‍රතිඵල රනිල්ට පෙන්වන එක හොදා, එතකොටවත් උසාවියට තව තව කරදර කරන්නේ නැතිව ජනාධිපතිවරණය තියන්න හිත හදා ගන්න එයාට පුළුවන් වෙයි

:       26       89

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 15 July 2024 03:42 PM

මාලිමාව අනිවාර්යෙන් දිනනවා... නැත්නම් ඉතින් මම අංගොඩ තමයි...

:       32       69

WijekonTuesday, 16 July 2024 06:57 AM

අංගොඩ යන්න අවශ්‍ය අය මිස යහපත් මානසික තත්වයක් තියෙන කිසිවෙකුට මාලිමාව ජයග්‍රහණය කිරීමට ඉදිරිපත් වෙන්න බැහැ ජෙප්පො 1971 සිට අද දක්වාම කරන්නෙ රටේ විනාශය බව නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ විශේෂයෙන් 1988-89 කාලයේ රටේ සිදුකල විනාශ කිරීම් නොවුනානම් ලංකාව මේ වනවිට සංවර්ධනය වෙච්ච රටක් කියන්න පුළුවන් දැන් බලන්න දරුවන්ගේ අධ්‍යාපනයට ඔවුන් සිදුකරන හානිය කොතරම්ද කියලා .තමන්ගෙ දරුවන්ට දරුවන්ගේ අනාගතයට කරන හානියට අමතරව රටේ සංවර්ධනය අඩපණ කරන මාලිමාව ගැන කියන අය කරන්නෙ තමන්ගෙ අතින්ම තමන්ගෙ බෙල්ල කපා ගැනීමේ උත්සාහයක් කියන්න පුළුවන්

:       13       8

kapila Monday, 15 July 2024 03:08 PM

නියම ජනතා සමීක්ෂණය මහජන ඡන්දය බව මතක තබාගන්ට.

:       12       91

nirmal Monday, 15 July 2024 03:16 PM

ඕක නොවැම්බර් වෙනකොට 50% පනිනවා. නැද්ද මං අහන්නේ වෙරිටේ ?

:       14       61

kandambi Monday, 15 July 2024 03:31 PM

ඉදිරි මාස කිහිපය තුළ සීග්‍ර වැඩි වීමක් බලා පොරොත්තු වන්න. වෙරිටේ ප්‍රසංසනීයයි.

:       0       1

J R Randeniya Monday, 15 July 2024 03:33 PM

සමීක්ෂණයට ආණ්ඩුවෙන් ද මූල්‍ය අනුග්‍රහය...! 

:       0       2

CC Monday, 15 July 2024 03:34 PM

මේ මැතිවරණ අභිමුඛ කාලයක් ආණ්ඩුව නියෝජනය කරන පිරිස හැකිතරම් ජනතාවට සහන දෙනවා යැයි පවසමින් සුපුරුදු ජනතා ඇන්දවීම කරමින් සිටියි. මේ රටට වැරදුනේ කොතැනින්ද නිවැරැදි කර ගෙන අභිමානවත් දේශයක් ගොඩනගන්නේ කෙසේද? යන්න ඉදිරි මැතිවරණයක දී තීරණාත්මක සාධකයයි. මේ රටේ යාන්ත්‍රණයේ ගැටළු රාශියක් ඇත. ඒවා විසඳීමට සමත් ප්‍රතිපත්ති සාදන්නේ කවුරුන්දැයි හොඳින් ජනතාව තේරුම් ගතයුතුව ඇත. රට තුළ පාතාලය, කුඩු ජාවාරම අනීතික මත්ද්‍රව්‍ය වැසි වැස ඇත. එය පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ඇත්තේ කාටද? රටේ සම්පත් අවභාවිතය, වරප්‍රසාද ලත් අයට සියළු පහසුකම් වැඩියෙන් ලැබෙන තත්වය තීව්‍ර වී ඇත. පසුගිය වර්ජනය එය හොඳම උදාහරණයයි. බලය ඇත්තෝ බෙදාගෙන කෑම නවතා නැත. සම්පත් අවභාවිතය, හොරකම, වංචාව, දූෂණය නැවැතී නැත. සංවර්ධන ව්‍යාපෘති තේරීම ප්‍රමුඛතාගත කිරීම තම හිතවත්කම පාක්සිකත්වය මත සිදුවේ. ඒය නිසි ප්‍රමිතියෙන් කරනවාද සැකසහිතයි. පවතින තත්වය වංක, දූෂිත, කෛරාටික දේශපාලනයේම තවත් දිගුවක් එය වෙනස් කිරීමට සැමදෙනා එකාවන්ව එකතුවෙමු. නැතිනම් දරුවන්ට අනාගතයක් නැත. අදූෂිත, අවංක දේශපාලන ව්‍යාපාරයක් වේගයෙන් ඉදිරියට එමින් ඇත. සහාය වෙමු. විකල්ප නැත...

:       0       2

Sharm Monday, 15 July 2024 05:54 PM

අනේ ඔව් ඔව්... අපිට මේ සංතෝසෙ උහුලන්න බැරි වෙලා තියෙන්නේ.. සතුට සමරන්න ඡන්දෙ එනකල් ඉවසුමක් නෑ

:       0       7

Ruwan De Silva Monday, 15 July 2024 06:46 PM

වෙරිටේජ් රිසච් ආයතනය මේ සමීකරණ මට පිළිගන්න බෑ ලංකාදීප මගින් කරන සමීක්ෂණයට අනුව ජනතාවගේ 80% කැමති නෑ මේ රජයේ ආර්ථීක ප්‍රතිපත්ති වලට. මිනිස්සුන්ට දැන් ඩොලර් මිලියන ගානේ නිකං දුන්නත් රනිල්ට තියා පොහොට්ටුවටනම් ආයෙත් රජයක් කරන්න බෑ

:       3       13

Waruna Tuesday, 16 July 2024 05:34 PM

හෙළකුරු, ලංකාදීප ආදී ආයතන කරන සමීක්ෂණ වල ප්‍රතිඵල නම් මීට වඩා හාත්පසින්ම වෙනස්. ඒවායේ ප්‍රතිඵල අපිට සමාජයේ අහන්න දකින්න තියෙන අදහස්වල යතාර්තවාදී ප්‍රතිඵල.ඒ අනුව ඉහත ප්‍රතිඵල සත්‍යයක් වන්නේ නැත.

:       0       2

ගාමිණී Wednesday, 17 July 2024 01:26 PM

ඡන්දේ තියමුකෝ... එතකොට නියම ප්‍රතිඵලේ පෙනෙයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3836 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2802 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3577 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3266 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 733 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1413 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36125 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site