IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රට හදන හැටි උවිඳු කියයි

(කාංචන කුමාර ආරියදාස)

ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත්‍ උවිදු විජේවීර මහතා පවසයි.

මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තම පාලනයක් යටතේ සම්පූර්ණයෙන් වෙනස් කිරීම්ට අදහස් කරන බව ද විජේවීර මහතා කියයි.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි.

රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවය අවසන් කොට වීශ්‍රාම යද්දී එම පිරිස් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්කරනවා.

මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙන්ම කොටසක් වෙනවා.

එම කොටස් කුමන තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ලබා ගත්තද ඉහළ සිටින බුද්ධි මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව රට තුළ ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.‍

දෙවන පරපුර සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන නාවුල නගරයේ නිවසක සූදානම් කර තිබිණි.

 



අදහස් (51)

රට හදන හැටි උවිඳු කියයි

ajith Saturday, 08 January 2022 08:53 AM

උවිඳු ඔබගේ පියා රෝහණ විජේවීර මෙන් නොව රැවුල කපා cap එක ගලවා දමන්න. රටට වෙනසක් කිරීමට පෙර ඔබට වෙනස් වීමට හැකි බව පළමුව පෙන්වන්න..

:       3       48

kamalSaturday, 08 January 2022 04:41 PM

කැප් එක ගැලෙව්වොත් මොලේ පෙනෙයිද දන්නේ නැහැ...

:       1       30

සිරිපාල විතාරණ​Saturday, 08 January 2022 05:03 PM

එදා ඔවැනි කතා මගින් තරුණ ප්‍රජාව මහත් අමන්දානන්දයට පත්කළ කථිකවිරුවන්‍ සමහරක් අද කැබිනට් ඇමතිවරුය. ඔවුන්ගේ වර්තමානය දෙස බැලූවිට සත්‍යා වටහාගත හැක​. ඔවුන්ගේ ලණු කෑ දේශප්‍රේමී තරුණ හදවත් තම තමන්ගේ දෙමාපියන් දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල්, ​රන් රිදී, මුදු කරාබු පමණක් නොව සහජයෙන් උරුම වූ නිර්මාණ ශීලීත්වයද මොවුන්ට දන් දී වධකාගාර පාලනය කළ රාජ්‍ය අලුගෝසුවන්ගේ නොමද දයාවෙන් ටයර් සෑ වල සමුගත්තේය​​... නැවත මෙවැනි රැවටීම් වලට ගොදුරුවන ජාන සම්පතක් ලංකාව සතුව නැත​... අද තාරුණ්‍යය බුද්ධිමත් හා ඉවසිලිවන්තයි​. මේ පක්‍ෂ විපක්‍ෂ සියළුම දෙබස් උප්පරවැට්ටි සහ ප්‍රෝඩාවන් පමණක් බව තාරුණ්‍යය​ දනී. මොවුන් සියල්ලෝම උඩින් "ධන" "රින​" ලෙස විවිධ බල්බ දැල්වූවද​ යටින් එකම එක දූෂිත​ පරිපථයක අංගෝපාංගයි​. සමහරක් පරණය.. සමහරක් නැවුම් සහ අළුත්ය​. එබැවින් කලයුතුදේ තාරුණ්‍යය අනාගතයේදී කරනු ඇත​.

:       1       20

Eranga Saturday, 08 January 2022 08:54 AM

තවත් එක් කෙනෙක්...!

:       2       41

Siri Saturday, 08 January 2022 09:00 AM

නායකත්වයට කෙනෙක් නැහැ කිව්වනේ... බයියොයි- වහල්ලුයි ඔන්න අහගනිල්ලා...!!

:       22       24

චන්දිම Saturday, 08 January 2022 09:16 AM

ඔන්න දැන් කට්ටිය පටන් ගනීවි එයාව මඩවලින් නාවන්න. මම නම් හිතන්නේ අඩු තරමින් මේ ළමයා කියන දේ බනින්න, ගරහන්න කලින් පොඩ්ඩක්වත් හිතලා බලන්න. මොකද අද ඉන්න දේශපාලකයින් හැමදාම රට කන්න විතරයි දන්නේ...

:       52       277

kamalSaturday, 08 January 2022 10:21 AM

කොමියුනිකේෂන් එකක හරි, තේ කඩයක් වත් කරපු නැති දවල් හීන කුමාරයෙක්... මොන දැනීමක්ද මෙයාට තියෙන්නේ. දැන් ඉතින් තණකොලේවත් එල්ලිලා ගොඩ එන්න බලන්න. රජයේ සේවය අවසන් කළ කිසි කෙනෙකුට මේ රට දියුණු කරන්න බැහැ. හේතුව තමයි ‘‘රෝයි‘‘ කියන කෙනා නොදැනීමයි. ඔන්න කිව්වා..

:       89       45

rasikaSaturday, 08 January 2022 01:46 PM

දැන් ඔය කමියුනිකේෂනුත් කරපු, ගම්සභා, නගරසභා, ඔක්කොගේම හිටපු උන්දැලා අවුරුදු ගාණක් රට කරලා ගොඩ දැම්මද? වෙලා තියෙන දේ පේනවා නේද? මේවා කරන්න පුළුවන් අලුති විදිහට හිතන අයට පමණි. අඩුම ගානේ ඔහු කරන දේ හරි කිව්වා.. ජවිපය අරූ හොරා, මූ හොරා කියනවා ඇරෙන්න, විසඳුමක් කියලා තියෙනවද? අපේ රටට ගැලපෙන ආර්ථික සැකැස්ම මොකක්ද කියලා මුලින්ම හඳුනාගන්න ඕනේ. අපේ රට ICT වලින් විතරක්ම ගොඩදාන්න වුණත් පුළුවන් හරියට කළොත්...!!!

:       9       30

chanakaSaturday, 08 January 2022 11:05 AM

මෙයා පොහොට්ටුවේ රූකඩයක්. මිනිස්සු ජවිපෙ පැත්තට හැරෙන එක නවත්වන්න ගෙනත් දැම්මේ පොහොට්ටුවේම ප්ලෑන් එකක්...

:       17       81

සකල බුජංSaturday, 08 January 2022 12:55 PM

මමත් මේ දරුවගේ කතාවක් ඇහුවා... ඇත්තටම දේශපාලනය කරන කෙනෙකුට තිබියයුතු දැක්මක් එහි තිබුණා.. වර්තමානයේ සාකච්ඡා වෙන තෙල් ටැංකි කතාවම උදාහරණයකට ගන්න පුළුවන්... කවුරු හෝ එහෙම දැක්මක් ඇතිව 1971 හා 1989 වගේ නොකර ජනතා හිත් දිනාගැනීමට උත්සාහ කළොත් ජයක් ලබන්නට පුළුවන් වේවි...!!! 

:       22       17

පෙරේරාSunday, 09 January 2022 02:24 PM

ඔන්න තවත් සීනිබෝල කතා කියන කෙනෙක් ඇවිල්ලා... අවුරුදු හැත්තෑ තුනක්ම අපි ඕවා අහලා ඇතිවෙලා තියෙන්නේ.... දැන් අපි ජනතා ජන බලවේගයට ඡන්දය දීලා බලමු..

:       2       10

Sadis Saturday, 08 January 2022 09:20 AM

සිහින කුමාරයා. උපදෙස් දෙන මොලහතාණෝ තමයි ආරංචියේ හැටියට බරපැන සපයන්නේ...

:       76       811

Bamunuarachchi Saturday, 08 January 2022 10:02 AM

හලෝ අපිට පව් නොදී නොසරුප්බස් අසා ගන්නේ නැතුව ඉන්නවද? ඔහේගේ තාත්තා තමයි ජෙප්පෝ කියලා ජාතියක් ඇතිකළේ...

:       137       75

BamunuarachchiMonday, 10 January 2022 08:32 AM

රට කාබාසිනියා කළේ කවුද?

:       1       1

MO77 Saturday, 08 January 2022 10:36 AM

ශ්‍රී ලංකාව වගේ පොඩි රටකට පාර්ලිමේන්තු මන්ත්‍රී කොල්ලන් 225ක් හරිම වැඩියි. ඒ මදිවාට පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පැටව් ගහලා. ශ්‍රී ලංකාව කළ යුත්තේ මෙම ගණන් 50% කින් අඩු කිරීමයි. ඇමතිවරු 20කට අඩු කිරීම හා නියෝජ්‍ය ඇමතිවරු ගණන 10කට අඩු කිරීමයි. කවුද කියන්නේ විශ්‍රාමික රජයේ සේවකයින් හරි දැනුවත් කියලා... ඒ ගොල්ලන් මේ මේ කාලයට නොගැලපෙන යල්පැන ගිය පරම්පරාවක්...

:       2       26

ජයන්ත Saturday, 08 January 2022 11:04 AM

මොළ හතාණෝ සමාදර දායකත්වයෙන් නැවත වරක්, වෙනසක් හෝ විකල්පයක් හොයන ඡන්ද දියකර හැරීමේ මෙහෙයුම ක්‍රියාත්මකයි. ඡන්දය කිට්ටු වෙනකොට තවතව පොදු අපේක්ෂකයින් පහළ වෙයි. ඡන්දෙ ඉවර වෙනකොටම එයාලා රටෙත් නෑ...

:       6       396

gunarathna Saturday, 08 January 2022 11:33 AM

ඔබතුමා හිතන විදිහේ පාර්ලිමේන්තුවක් හදනවා නම් රුසියාවෙන් කට්ටිය අරන් ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ. මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවට ආවත් බලාපොරොත්තු වෙන්නේ හොරකම් කරන්න. නිකන් බයිලා නොගහ අනුර කුමාරත් එක්ක එකතු වෙලා ජවිපය ගොඩගන්න බලන්න.

:       20       29

JagathSaturday, 08 January 2022 03:28 PM

මෙයා පොහොට්ටුවේ සීනි කිරන්න ආපු එක්කෙනෙක්. මොල හත උඩ වාඩිවෙනවයි කියන එක්කෙනා තමයි මෙයාට උදව් කරන්නේ...

:       21       28

ගජමිතුරු Saturday, 08 January 2022 04:32 PM

වැඩි දෙනෙක් කියන්නේ උවිඳු පැමිණ ඇත්තේ මොළ හතාගේ සැලසුමක් අනුව නම් උවිදුටත් අනාගතයක් නැත්තටම නැහැ කියන්න වෙනවා. උවිදු ජවිපෙ සමග එක්වී ආවොත් කවදා නමුත් පියාගේ බලාපොරොත්තුව ඉටුකළ හැකියි.. එසේ නොකර මොළ හතේ වැඩ කළොත් රටත් විනාශ වෙලා ඔබේ අනාගතයක් අසාර්ථක වේවි..!!!

:       16       18

ජගත් ලියනගේ Saturday, 08 January 2022 12:04 PM

කවුද ඔයාට ඔය වැඩ වලට උදව් කරන්නේ..?. සල්ලි එහෙම ඕන ඇතිනේ ඔය කොන්ත්‍රාත් එක කරන්න... බැසිල්ද?

:       33       385

udayaSaturday, 08 January 2022 02:06 PM

උදව් කරන්නේ මුහුදු කොල්ලකාරයෙක් කියලා තමයි ආරංචිය. එයාමනේ ජවිපෙට මිලියන ගාණක් වියදම් කළේ...!

:       12       28

kamal Saturday, 08 January 2022 01:01 PM

ඔක්කොටම ඉස්සෙල්ලා උසිගැන්වීම් වලින් දිවි පිදූ අයගේ පවුල් වලින් සමාව ඉල්ලන්න. රට හදන්න කළින් තමන් හැදිලා පෙන්වන්න.

:       1       22

හීන්බණ්ඩා Saturday, 08 January 2022 01:02 PM

පටන්ගන්න කොටම ලොකු කථා කියන්න යන්න එපා. ඕවා ඔය කට්ටිය කොපි කරයි. මුල ඉඳලා පටන් ගන්න. අහසින් පාත් වුණු අය ගැන දැන් අපිට හොඳ අද්දැකීම් තියෙනවානේ... ප්‍රාදේශීය සභාවකින් පටන්ගන්න. ලොකු ගමනක් යන්න පුළුවන්... දැන් බලන්න මෛත්‍රී මහත්තයා පොළොවේ පයගහලා ප්‍රශ්න ගැන හිතන නායකයෙක්... ඔබ‍ට සුබ අනාගතයක්... තෙරුවන් සරණයි....

:       15       13

nimelen Saturday, 08 January 2022 01:36 PM

මෙයාව හොඳට මාර්කට් කරයි ආණ්ඩුව දැන්... ජවිපෙට කියන 88/89 මඩ මෙයාට නැති වෙයි. බර පැන ආණ්ඩුවෙන්ම සහ සජබෙන් එක්කහුවෙලා සපයයි...අපි නොදන්න චෙස්...

:       6       379

Prabha Saturday, 08 January 2022 02:29 PM

ජවිපයට විරුද්ධව සියලු පක්ෂ පෙළගැසෙන හැඩයි..!

:       25       15

saman Saturday, 08 January 2022 02:41 PM

හදන හැටි නම් අපිට වුණත් කිව්ව හැකියි. ඒත් ළමයෝ කරන එක තමයි අමාරු...

:       1       18

Lal Saturday, 08 January 2022 02:49 PM

මෙයාට රැවටෙන්න එපා... මේ සමහරු දාලා තියන කමෙන්ට්ස් බැලුවාම අපේ රටේ මිනිස්සු කොච්චර බොලඳයිද කියලා හිතෙනවා. මෙයාව ඉස්සරහට දාලා දේශපාලන ගේම් එක ගහන්න හදන අය ගැන ලඟදීම දැනගන්න ලැබෙයි...

:       30       383

Rexi Saturday, 08 January 2022 02:56 PM

තාත්තගේ සින්දු කියන පොඩි බබෙක්.. අලුත් ඒවා දන්නේ නැහැ. හරියට අපේ හිතගත් කලා කාරයන්ගේ පුතාලා වගේ... තාත්තා කරපු දේවල් වලින් ප්‍රසිද්ධ වෙලා, ඊට පස්සේ ප්‍රබුද්ධ වෙනවා. හැබැයි අලුත් කිසිම දෙයක් කරන්න බැහැ. අලුත්ම උදාහරණය රාජකීය කුමාරවරු...

:       3       21

Kumara Saturday, 08 January 2022 03:25 PM

විමල්ගේ අනුශාසනා පිළිගත්තොත් වහලෙක් තමයි වෙන්නේ පුතේ... !

:       19       16

Perera Saturday, 08 January 2022 03:42 PM

ලංකාව වැටිලා තියෙන දරුණු තත්වයෙන් ගොඩ දාන්න ලංකාවේ කිසිම ක්‍රියාකාරී දේශපාලන පක්ෂයකට සැලැස්මක්වත්, ක්‍රමයක්වත් නැහැ. ඇත්ත තත්වය එයයි.

:       19       6

ranjith Saturday, 08 January 2022 03:55 PM

වලපයයි, ගොඩපයයි තියන් ඉන්න ලොක්කෝ මේ රට පාලනය කරලා කරපු ටික පේනවනේ.. දැන් තරුණයින්ට රට බාරදෙන්න ඕනෙ කාලේ ඇවිත් නැතිනම් මේ වයසක ලොක්කෝ ටික රටේ ඔක්කොම සම්පත් ටික විකුණනවා. අනාගත දරුවන්ට මොකුත් ඉතුරු කරන්නේ නැහැ.

:       1       6

sampath Saturday, 08 January 2022 04:43 PM

තාත්තාට තිබුණු ගෞරවය නැති කරන්න එපා. තාත්තාගෙන් පුතාට දේශපාලනය කරන්න තාත්තාවත් පිළිගත්තේ නැහැ... දේශපාලනය කරන්න තියෙන සුදුසුකම කියන්න. මෙයා හරියට ජනාධිපති වෙන්න වගේ කතාව.. කවදා හරි වෙන්නත් පුළුවන්... නමුත් පුදනකොටම කාපි යකා කිව්වා වගේ...

:       11       10

Suresh De Silva Saturday, 08 January 2022 04:44 PM

ඉන්නේ මොන පැත්තෙද කියලා පුතාගේ අතේ පිරිත් නූල් ටිකෙන්ම හිතාගන්න පුළුවන්... මිනිස්සුන්ට දැන් හොඳට මොළේ පෑදීගෙන එනවා... ඔයාලගේ ඩ්‍රාමා තවදුරටත් වලංගු නෑ...

:       27       369

Samitha Saturday, 08 January 2022 04:49 PM

නියමයි නියමයි... කැලණියේ නයින්ට රැවටුණු අයට පුලුවන් මෙයාව දියසේන කුමාරයෙක් කියලා හිතන් අදහන්න.. රැවුලයි, කැප් එකෙනුයි විප්ලව කරන්න හිතන ළදරුවෙක්..

:       33       368

d.upul Saturday, 08 January 2022 04:54 PM

තවමත් බැරි වුණා පොදු සම්මුතියකට එන්න. හැමෝම උත්සාහ කරන්නේ තනිවම බුදුවෙන්න...

:       10       4

සේනක~ඉතාලිය Saturday, 08 January 2022 05:02 PM

ඔබ මේ කරගෙන යන වැඩ පිළිවෙළ ඉදිරියටත් කරගෙන යන්න. නමුත් අමතක කරන්න එපා. අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ කඩේ ගිය වහල්ලුන් තාමත් එයින් මිදිලා නැහැ. මේ අදහස් ප්‍රකාශ කිරීම් වලින් පේනවා. අපි බලමු ඉදිරි අනාගතයේදීවත් වහල්ලු වහල් භාවයෙන් මිදෙයිද කියලා...

:       6       31

Kamal Saturday, 08 January 2022 05:34 PM

පක්ෂෙන් ගෙයක් දුන්නේ නෑ කියලා අඬන බබෙක්ට රට බාරදෙමු...

:       18       366

gamage Saturday, 08 January 2022 06:12 PM

සේනාධිපතිද කිව්වේ එහෙම කියන්න කියලා...?

:       12       12

kamal Sunday, 09 January 2022 09:07 AM

මෙයාට මොළ කියියක් තියෙනවා කියලද කියන්නේ.?

:       0       4

වසන්ත කුමාර Sunday, 09 January 2022 10:18 AM

උවිඳු දරුවා, පේනවා නේද රටේ බොහෝ දෙනෙකු තුළ තියෙන කුහකත්වය...? පරණ දේශපාලුවන් රට කොච්චර කාලා කාලා විනාශ කළත් ඔය මිනිස්සුන්ට ඕනෑම ඔවුන්වම තමයි. ඔවුන් සිතා සිටින්නේ ඔබත් ඔය ප්‍රාදේශීය දේශපාලනය කරන ඕ.ලෙවල් වත් නැති කබ්බෙක් ගානට. ඔබ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබුවේ ජනතා මුදල් කොල්ලකාලා නෙමෙයි බොහෝ වෙහෙස වී ශිෂ්‍යත්ව ලබාගෙන. ඒත් මේ රටේ මිනිස්සුන්ට හොඳයි කියලා පේන්නේ අර හොර දේශපාලුවන්ගේ ලේබල් උපාධි ගත්තු මොට්ට පුත්‍රයින්ව. ඔවුන් දිගටම රට කාගෙන යන බව බහුතර මිනිස්සුන්ට නොතේරෙන නිසයි හැමදාම විඳවන්නේ... සමහරු දන්නේ නැහැ හිටපු විගණකාධිපතිවරු වගේ ඉතා අවංක කාර්යශුර නිලධාරින් අතළොස්සක් වත් රටේ ඉන්න බව... ජවිපෙ උදවිය හිතා ඔවුන්ගේ ගමනට ඔබ හරහට ඉන්න කෙනෙක් කියලා. මේ සැරේවත් ඒ අයට එන්න පුලුවන්ද කියලා බලන්න ඉඩ හරින්න. නොසැලී ඔබේ ගමන නොහරී... සෙමින් සෙමින් හෝ ඉදිරියට යන්න...

:       7       1

kamalSunday, 09 January 2022 10:55 AM

උවිඳු පුතේ, ඔය ගත්තයි කියන උපාධියෙන් ඉස්සෙල්ලාම රැකියාවක් කරලා පඩියෙන් ජීවත්වෙන හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ රැකියාව කරන ස්ථානය, ලංකාවේ ඉහළම ස්ථානය බවට පත්කරලා.., ඔබ කට විතරක් නෙවෙයි, වැඩත් තියෙන බව ඔප්පු කරලා පෙන්වන්න.

:       1       10

BuntySunday, 09 January 2022 03:21 PM

ඔයා උවිඳු දරුවාට පැහැදිලි කරලා දෙන්න සල්ලි වලට කුලියට කැස්සහාම වෙන දේ... සේනාධිපතිලාගේ සල්ලිවලට ගිජුවෙලා කුලියට කහිනවා. මේවා මොල හතාණෝගේ ප්‍රොඩ්ක්ට්ස් තමයි. මේ වගේ අයට රැවටෙනවා නම් ඉතින් අමුම අමු හරකෙක් වෙන්න ඕනේ ඔයා වගේ..

:       1       6

Buddhi Sunday, 09 January 2022 11:11 AM

මෙන්න තවත් බේබි කෙනෙක්. සජිත් බේබි..., නාමල් බේබි, දැන් උවිඳු බේබි... තව බේබිලා කීයක් එන්න ඉන්නවද?

:       0       5

kamalSunday, 09 January 2022 11:51 AM

ඇයි විමුක්ති බේබි..? තාම ආවේ නැහැනේ. ආයෙත් ඒවි දවසක...

:       0       3

Senaka ඉතාලිය Sunday, 09 January 2022 08:16 PM

හැමෝම කටින්නම් කියයි.

:       0       2

Bunty Sunday, 09 January 2022 03:14 PM

මෙයාට නම් අහු වෙන්න එපා...

:       0       1

ගමේ එකාලා Sunday, 09 January 2022 07:06 PM

කටින් බතල හිටවනවා වගේ කියන්ඩ ලෙහෙසි. කරන්ඩ තමා බැරි. ආසියාවේ ආස්චර්ය ,දැනුමේ කේන්ද්‍රස්ථානය , ධර්මිස්ඪ රාජ්‍ය ,යහපාලනය, සෞභාග්‍ය දැක්ම ඔහොම කියාගෙන ආපු අය අද කරලා තියෙන හරිය පේනවනේ.. බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .ජනතාව රවට්ටපු එකයි, අපි ඔවුන්ගේ මුසාවාද වලට අහුවෙච්චි එකයි විතරයි සිද්ද උනේ ?

:       0       2

හිටං Sunday, 09 January 2022 07:11 PM

අනේ මේ ගෙදරට වෙලා ඉන්න. මිනිහෙකුට තියෙනවා කරන්න බැරි දේවල් සහ කරන්න පුලුවන් දේවල් කියලා දෙකක්. අන්න ඒකෙන් කරන්න බැරි දේවල් නොකර පුලුවන් දෙයක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු ජෝක් එකකට ගත්තාද.?

:       1       1

විපරමා Sunday, 09 January 2022 07:45 PM

මෙයාගේ තාත්තත් මුල් කාලේ ඔහොම තමා. පහු වෙනකොට කරපු හරිය රටම දන්නවා.. නොට්ටියාගේ පුතා කියලා ජනවහරේ තියන කතාව මතක් වෙනවා .

:       0       1

sharm warn Monday, 10 January 2022 09:26 AM

අවංකව තමන්ගේ විහින් දේශපාලනයට ඇවිල්ලා නෙමෙයි නේ.අනේ ළමයෝ.කාගෙවත් ඉත්තෙක් වෙන්න එපා කල වයස ගෙවෙන්නත් කලින්

:       1       2

බණ්ඩා Monday, 10 January 2022 09:22 PM

පිස්සු තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1197 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 451 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 824 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 768 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 602 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1915 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site