IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


’රට හදන්න නම් 13 ඕනෑමයි’

(අංජුල මහික වීරරත්න)

රට ඉදිරියට යාමට නම් ජාති, ආගම් කුලභේද අමතක කර සියලු දෙනා එක්වී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය . 

“13 වන සංශෝධනය යටතේ බලය බෙදන විට  ඉන්දියාව අනුගමනය කළ  යුතු බවද  ඉන්දියාව හැම ප්‍රාන්තයකටම එකම විදියකට  බලය දී නැතැයි ද වික්ටර් අයිවන් මහතා පැවසීය. 

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වූ වික්ටර් අයිවන් මහතා:-

ඉන්දියාව සමහර ප්‍රාන්ත වලට වැඩිපුර බලය දීල තියෙනවා. සමහර ඒවට දීල තියෙන්නේ ටිකයි. ඒකෙන් තේරෙන්නෙ  බලය බෙදීම එකම විදියකට වෙන්න ඕන නැහැ කියන එක. 

ඕනනම් අපිට පුලුවන් අවුරුදු කිහිපයකට උතුරට බලය බෙදා දීල කෙහොමද පාලනය වෙන්නෙ කියල බලන්න. හොඳට වැඩ පිළිවෙල යනවනම් අපිට පුලුවන් අනිත් අවශ්‍ය අයටත් ඒ විදියට බලය බෙදල දෙන්න. සමහර දේවල් වලදී අපේ පැත්තෙනුත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. අපි මේ දිහා අලුත් විදියටකට බැලිය යුතුයි.

 දැනට තියෙන තත්වය පදනම් කරගෙන වඩා අලුත් විදියකට බලන්න ඕන. ඒ බලන අලුත් විදිය  රටට යහපත් වුනොත් සුළු ජාතීන්ටත් යහපත් වුනොත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් අපිට ඇඟිලි ගහන්න එන්නේ නැහැ” යැයි වික්ටර් අයිවන්  මහතා පැවසීය. 

 



අදහස් (8)

’රට හදන්න නම් 13 ඕනෑමයි’

mangala Thursday, 27 July 2023 03:37 PM

මෙයාගේ හිටපු නායකයා නම් කිව්වේ බලය බෙදීම නෙවෙයි පරිපාලනය බෙදීම තමයි හොඳ කියලා. අවසාන කතාවේදී මුන් ඔක්කොම ගහන්නේ අමෙරිකන් පදේ නටන්නේ ඉන්දියන් නැටුම. අඩුගානේ කටවහගෙන රට නොකා ඉන්නවනම් පින්සිද්ධ වෙයි.

:       0       3

කිරිපුතා Thursday, 27 July 2023 03:49 PM

මේ ඇවිත් ඉන්නෙ සිංහල කතා කරන කොටියෙක් ආයෙමත් එළියට.

:       0       2

කෝරළේගෙ Thursday, 27 July 2023 04:02 PM

රට හදන්න ඕන නමි... මේ හොරු රැල එලවල දාල ඉන්න ඉස්සෙල්ලම.එතකොට රට නිකම්ම හැදෙයි.

:       0       4

sam Thursday, 27 July 2023 04:25 PM

රට ඉදිරියට යාමට නම් ජාති, ආගම් කුලභේද අමතක කර සියලු දෙනා එක්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කලයුතුවේ. 13න වන ආණ්ඩුක්‍රම වියවසත්ව ලංකාවේ පුරවැසියන් විසින් ඉල්ලා සිටි විසදුමක් නොවේ. පලත්සබා ක්‍රමය ලංකාවට හදුන්වා දුන් පසු මෙතෙක් ලංකාවට ලැබුණු සාදනිය දනාත්මක විසදුමටක් නැත. උතුරු නැගෙනහිර ජනතව වනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන දේශපාලකයන් විපක්ෂයේ සිට බලය වෙනුවෙන් සටන් කරනවා මිස ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කල පුරවැසියන් වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. උතුරු නැගෙන හිර දේශපාලකයන් පවතින රජය සමග එක්ව ඔවුන්ගේ ජනතවගේ ගැටළු විසදීම වෙනුවෙන් පෙනීසිටින්නේ ද නැත. උතුරු නැගෙනහිර පුරවැසියන් ඉල්ලා සිටින්නේ බලය බෙදීමක් නොවේ ඔවුන්ගේ මුලික අවශ්‍ය තත්වයන් ලබා දෙන මෙන්ය. ඉන්දියාව විසින් ලංකාවේ බලය බෙදාහැරිම සදහා ලබාදුන් විසදුමකි.

:       0       1

sam Thursday, 27 July 2023 04:30 PM

එයට ශ්‍රී ලංකව සහ ඉන්දියාව දැනට වසරව 36කට පෙර අත්සක් කර ඇති නමුත් මෙතෙක් අසාර්ථකව ක්‍රියාත්මක වන මහජන මුදල් බිලියන ගණනක් දේශපාලකයන් වෙනුවෙන් වැය කරමින්, සුදු අලියකු නඩත්තු කිරීම වෙනුවෙට වසර 36කට පසුවත් අසාර්ථක ක්‍රමයක් විසදුමක් වසයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම නවත්වා නුතන ලෝකයට ගැලපෙන සියලු ජාතින් වෙනුවෙන් ක්‍රියාත්මක වනාවූ ශ්‍රී ලංකිකයන්ගේ අවශ්‍ය තත්වයන් ඉටුකර ගැනීමට විසදුමක් මිස දේශපාලකයන්ගේ අවශ්‍ය තත්වයන් මත ඔවුන් නඩත්තු කරනාවූ විසදුමක් නැවත ශ්‍රී ලංකා දේශයේ බිහි නොවනු ඇත. උතුරු නැගෙන හිර ජනතවගේ සියලු අවශ්‍ය තාවයන් පළාත් සබා දේශපාලකයන් නොමැතිව මේ වනවිට සිදුවෙමින් පවතී. එය පුළුල් කර මහජනත්ව සමග සමීපව කට යුතු කරනාවූ දේශපාලන ආයතනයක් වසයෙන් පවත්වාගෙන යාමට කට යුතු කල යුතුවේ

:       0       0

Chathuri Thursday, 27 July 2023 08:49 PM

තුනවත්. නැති උන් රට පාලනය කරනකොට. 13 ගැන කියනවා. රට හදන්නනම් මේ කට්ටිය අයින් කරලා කකුල් දෙකෙන් පන ඇතිව හිටගන කොන්ද කෙලින් තියන් වැඩ් කරන්න පුලුවන් නිති ගරුක. උගත් බුද්දිමත්. ඇති කට්ටිය හොයා ගන්න ඕන. පිටරටින් ගේන්න ඕන අපේම ජාතිය. ජාති බේද නැතිව. මේ නිවට රැල එලවන්න ඕන. මුන්ට දන්නෙ රටේ දේපල විකුන්නන්නන්‍යි. ලෝකවටේ ගිහින් හිගා කන්නයි රනිල් රට ගොඩ ගත්තලු ඒක කියන්නෙත් මේ තුන නැති ගොබ්බ රැල මොකද. ජනතාව පෙන්නලා හිගා කාලා ඒ මුදල් වලින් රජ සැපවිදින්නෙ. මේ හැතිකරේ. උන්ගෙ බල්ලන්ටත්. වායුසමිකරනය කරපු බස් තියේනේ. බඩ යන කොට බෙහෙත් ගන්න යන්න මහන්සි වෙලා වැඩ කරන ජනතාවට. ගෙදර යන්න බස් එකක් නැහැ. මුන්ට තමයි කියන්නෙ තුනවත් නැති උන් ගෙදර අරින්න කියලා ෆ්

:       0       2

Bamunuarachchi Thursday, 27 July 2023 10:37 PM

ඈ ලොක්කො උඹ අඟහරු ලෝකෙන්ද මෙහාට ආවේ? ලංකාව බොහොම පුංච් රටක් මේකේ මොකටද මිනිහෝ බලය බෙදන්නේ. උතුරේ පාලනය දෙමලාට දීල නැගෙනහිර හම්බයටයි රට මැද වතුදෙමලුන්ටයි ගියාම රටේ ප්‍රධාන ජාතියවෙන සිංහලයින්ට මොනාද ඉතුරු වෙන්නේ. රටේ බොහොමයක් ඉඩම් ඉතුරු වෙලා තිබෙන්නේ උතුරේ. ඒවායේ බලතල දෙමළුන්ට දෙන්න කියලාද කියන්නේ. මෙයා රනිල්ගේ ඥාතියෙක් වගේ.

:       0       5

Kule Friday, 28 July 2023 11:36 AM

කාලෙකට පස්සේ එන් ජී ඕ කුට්ටියක් හම්බවෙලා වගේ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 78 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 341 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 35 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 997 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 633 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 130 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 460 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1448 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site