IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රට හරි පාරේ ගෙන යන්න ඉඩ නොදුන්නොත් යළි නැගිටීමක් නෑ

(අංජුල මහික වීරරත්න)

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ගොඩනැඟෙන  ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි. 

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ "කුරුඳු අත් පොත" තාක්ෂණික ප්‍රකාශනය  ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය. 

තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI  සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 

 



අදහස් (20)

රට හරි පාරේ ගෙන යන්න ඉඩ නොදුන්නොත් යළි නැගිටීමක් නෑ

Dharmatileke Wednesday, 10 July 2024 08:13 PM

රට වැරැදි පාරේ යැව්වේ මහජනතාවද?

:       13       87

karolisWednesday, 10 July 2024 09:19 PM

රටේ බහුතර මහජනතාවත් කරන දේවල් හරි ද? හිතන්නේ තමන් ගැන විතරයි නේද?

:       1       9

K PereraWednesday, 10 July 2024 10:54 PM

ඔව්.69 ලක්ෂය

:       1       7

WAsanthaThursday, 11 July 2024 05:40 AM

අනේ නෑ මහජනයා නිවැරිදි පාරේම යනවා එකලෙසටම.

:       3       10

karaunathilakaThursday, 11 July 2024 05:57 AM

ධර්මතිලක උන්නැහේ බත් පැකට් එකටයි අරක්කු කාලටයි චන්දෙ දුන්නු අය , ඒ වගේම ඉඩ ලැබුණු හැම තත්පරේම රජයට වංචා කල බොහොමයක් රජයේ සේවකයින් , ගෙදරට හොරෙන් ලයිට් හෝ වතුර ගත්තු අය , බස් එකේ කෝච්චියේ හොරෙන් ගිය අය ,ආත්මාර්ථ කාමී වැඩවර්ජන කරමින් අදාළ දින වලදීත් වැටුප් ගත් අය , වී විද්‍යාල තුල ළමුන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඉඩ නොදී සුළුතරය බහුතරය කිරීම සඳහා කඩාකප්පල් කරන අය ඇතුළු මෙකි නොකී හැම දෙනාම මේ කඩාවැටීමට වගකිව යුතුයි .

:       1       13

PATTA hora Wednesday, 10 July 2024 08:38 PM

අනේ පලයන් බං යන්න, කුඹුරු ගොඩ කරලා කෙසෙල් හිටවන්න කියපු ගොබිලා නේද දැන් වගාව ගැන දෙසන්නේ? දන්නේ කටින් බතල කොළ සිටුවන්න. මෙයාට ඕනෑ නම් මහ බැංකුව කොල්ලකන හැටි උගන්වන්න පුලුවන්. කතාව අද ඊයේ පාර්ලිමේන්තුවට ආවා වගේ.

:       2       12

chandrima Wednesday, 10 July 2024 08:52 PM

ඒක අපි දන්නවා .ඒක නිසා තමයි හොරු ගැන්සියත් එක්කලා ගෙදර යන්න කියන්නේ තවත් රට විනාශ නොකර

:       1       14

ගමේ එකාලා Wednesday, 10 July 2024 09:07 PM

අමුතුවෙන් හරි පාරේ යන්ඩ කියලා කියන්නේ මෙච්චර කල් ගියේ මොන පාරේද කියලවත් හරියට නොදන්න පින් ජනපතියා.නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,හොඳට තිබුනු අපේ රට වලපල්ලටම ඇදලා දැම්මා .දූෂිත දේශපාලුවෝ කෙරුවේ මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු එක. අපේ රට හිඟාකන තත්ත්වයකට පත් කරලා හමාරයි .

:       1       10

මල් මාමා Wednesday, 10 July 2024 09:11 PM

අනේ පිනෝ හැදිගෑවිලාම පල

:       1       12

Nimesh Wednesday, 10 July 2024 09:21 PM

පිනා හැමදාම දේශනා තියන්නේ හරියට අපි රට බංකොලොත් කරා වගේ ,

:       2       13

Rata Perata Wednesday, 10 July 2024 10:04 PM

රට හරි මගට ගන්න තමයි මනුස්සයෝ ඡන්දය තියන්න කියන්නේ. දැන් ඕක වැරදි මගට දැම්මේ අපිද? තමුන්ලම නේද? අනිත් එක ණය ගෙවන්නේ නැතුව අනිත් වියදම් කරන එක මහලොකු දෙයක් නෙවෙයි. පිස්සෙක් වගේ ඕකම කියවනවා.

:       2       14

Chathuri Thursday, 11 July 2024 02:32 AM

තමුන් ඇතුලු හොර නඩේ විතරයි කියන්නෙ රට යන්නෙ හරි පාරෙ රට ගොඩ කියලා .තව කූඩැල්ලො ටිකකුත් ඉන්නවා මුන්ට හුරේ දාන. ආගමික නායකයින් ඇතුලු මහ ජනතාව කියන්නෙ රට විකුණන් කන්නෙ නැතිව, ජනතාවට බඩු පටවන්නෙ නැතිව මොලේ තියෙන නායකයෙක්ට, රට භාර දීලා යන්න කියලා. යකෝ මේක රට ගොඩ දානවා නෙමේ ,රට විකුනනවා .ආයතන විකුනන්නවා .ඊටපස්සෙ හිගා කනවා. නඩේට සුර සැප දෙනවා , ජනතාව ණය ගෙවනවා. බදු ගෙවනවා. මුන්ට ලෑජ්ජ නැත්ද. වැඩිය ඕන නැහැ, ඉන්දීයාව එක බිම් අඟලක් විකුනලද .එක ආයතනයක් විකුනලා තියෙ නවද. සතයක් හරි ණයට අරන් තියෙනවද. ඒකට මේ කාල කන්නි නඩේ. පැරදිලා ගෙදර ඉන්න නාකි හොරුයි. මුලු ජනතාවම වහල්ලු කෙරුවා. මිනිසුන්ගෙ. වාලම්පුරි රාජසන්තක කරනවා රත්තරන්. මුදල් සුඛෝප භෝගී බඩු. ඒ මදිවට රටේ මුදල් මේවට මොකද වෙන්නෙ. කෝ මේවා. කොහෙද තියෙන්නෙ. මුන්වනම් පොල්ලෙන් ගහලා එලවන්න ඕන.

:       3       10

C.K.Lankaputhra Thursday, 11 July 2024 05:51 AM

හොරැ එක්ක හෙලුවෙන් ඉඳගෙන හරි පාරේ යන්න ඔබට පුලුවන්ද?

:       2       12

Perera Thursday, 11 July 2024 06:57 AM

අපි නම් දැන් මහ පාරේ

:       2       13

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 07:05 AM

රට තව තවත් වලට ඇද දාන එකටද හරි පාරේ යනවා කියන්නේ, ඕවා කියපන් පිනෝ කොන්ඩය බැදපූ චීනුන්ට.

:       5       18

Nimal 1 Thursday, 11 July 2024 07:37 AM

පිනාට පාර වැරදිලා .රට තවමත් වැරදි පාරේ.දැන් කරන වැඩ වල බර දරන්න වෙන්නේ නූපන් පරම්පරාවටයි .මේ හැතිකරේම මීළඟ මැතිවරණයේදී එළවලා දාමු

:       3       17

Dilshan Thursday, 11 July 2024 08:31 AM

ඇයි ඔබ මෙලෙස නහයෙන් අඬන්නේ? පසුගිය වතාවන් වගේ නෙමෙයි මෙදා සැරේ ළඟ එන ඡන්දයෙන් අපි නිවැරදි තීරණය ගන්නවා. ඉතින් මෙහෙම අඬන්න එපා

:       2       3

Bunny Preena Thursday, 11 July 2024 09:00 AM

ඔබ වැනි බල ලෝභී මිනිස්සුන්ගේ දුක හදුනන්නේ නැති කපටි වංචනිකයන් මහ පුටුවලින් නැගිට්ටවලා ගිය දවසකයි රටට නැගිටින්න පුළුවන් වෙන්නේ.

:       2       2

Janaka Thursday, 11 July 2024 11:59 AM

මේ ෆොටෝ එකේ ඉන්න දේශපාලන ට්‍රිබල දැක්කම ඉතිං කියන මේ කකතාවට හිනා යනවා...

:       1       1

Chandima Thursday, 11 July 2024 02:56 PM

පාර හරි උනත් වැරදි උනත් ජනතා අනුමැතිය අවශ්‍යයි .ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ .හන්දියේ වේලි වේලි ඉන්න කෙනෙක් ගැනත් පුටුවේ ඉඳලා බලහත්කාරයෙන් දිගටම ඉන්න දෙන එක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි .රට පාලනය කරන ක්‍රමය හරිනම් ජනතාව චන්දෙ දෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 133 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 370 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 761 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 861 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13594 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36701 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24270 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site