IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘රටක් එක තැන පල්විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි‘‘

රටේ භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරකරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය එකතැන පල් නොවී රටක් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු යැයි අවධාරණය කළහ.

ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේ වරාය නගර ව්‍යාපෘතියෙන් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරැව මහා සංඝරත්නය එලෙස අවධාරණය කළහ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදී එම ව්‍යාපෘතිය සදහා ජනතා සහය ලබාගත යුතු යැයිද උන්වහන්සේලා අවධාරණය කළහ.

බෞද්ධ උපදේශක සභාව 10 වැනි වතාවටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කරමින් කරැණු ඉදිරිපත් කලහ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම ව්‍යාපෘතියෙන් ශී ලංකාවේ ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්නේය.

එම කරැණු දැක්වීම් වලින් අනතුරැව ශී ලංකාවේ භූමි ප්‍රමාණය පුළුල් කර රටට නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඒ සදහා ජනතා සහය ගත යුතු යැයිද අවධාරණය කළහ.

ඉන් අනතුරැව ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා කොවිඩ් 19 නව ප්‍රභේදය පිළිබදව හා සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.

බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයින් පිළිබදව මෙන්ම ඒ සදහා ගතයුතු කියාමාර්ග පිළිබදව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන් අතර ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරි සභා වාරයේ දී ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.

 



අදහස් (31)

‘‘රටක් එක තැන පල්විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි‘‘

Perera Saturday, 24 April 2021 06:02 AM

ලංකාව යන්නේ ආපස්සට යටත්විජිත වාදයට

:       0       0

Rata Perata Saturday, 24 April 2021 06:52 AM

ඒක නම් හරි ඇති. කබ්රාල් කියන්නේ නියම අතීතයක් තියෙන කෙනෙක්නේ... හාමුදුරුවන්ටත් මේවායේ පව් කරගහගන්න වුණේ නැතිනම් තමයි පුදුමේ....

:       71       39

sena Saturday, 24 April 2021 06:59 AM

ආර්ථික ප්‍රතිලාභ අත්කරගන්නවා කියලා රට මහ බලවතුන්ගේ යුදමය අවස්ථාවන්ට බිලිකිරීමද? අනික ඔය ලැබෙනවා කියන ආර්ථික ප්‍රතිලාභ මොනවද? ලාභයෙන් 1% කියන්නේ කොච්චර සොච්චම් මුදලක්ද? අනික කබ්රාල් මහත්තයාගේ අතීතය බැලුවාම අපිටනම් එයා කොහොමත් විශ්වාස නැහැ.

:       95       83

nmSaturday, 24 April 2021 01:40 PM

එකතැන පල් නොවී රටක් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු වේ. මෙම වැදගත් වටිනා අදහස මහනායක ස්වාමීන් වහන්සේලාගෙන්ම ඉදිරිපත් වීම පිළිබඳව අප සතුටුවෙමු. රටක් වශයෙන් රටේ ජීවත්වන ජනතාව දියුණුවට පත්කිරීමට නම් රජයේ පළමු වගකීම විය යුත්තේ රට තුළ විදේශ ආයෝජන සඳහා දේශපාලනික සහ ප්‍රජාතාන්ත්‍රික, සහ ශක්තිමත් නීතිමය පසුබිමක් සඳහා පරිසරය සකස් කිරීම වේ. ලෝකයේ දියුණු රටවල මෙන්ම ආසියාවේ තිබෙන්නා වූ වරායන් සියල්ලක්ම වගේ පුද්ගලික අංශය මගින් ක්‍රියාත්මක වේ. ජපානය, දකුණු කොරියාව මේ වනවිට විශාල දියුණුවක් ලබා තිබෙනුයේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු සමාගම් එම රටවල් තුළ විශාල යෝජනා කළ නිසාවෙනි. ලංකාවේ ඉතාම සීමිත කණඩායමක් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්ම ගෙන යනු ලබන රටට අහිතකර වූ බොරු දේශප්‍රේමි ප්‍රෝඩාව සහ රට තුළ පවතින්නා වූ දේශපාලනික අනාරක්ෂිත බව රට දියුණු කිරීම බාධාවන් වේ. දෙවනුව විදේශ ආයෝජන රටට ගෙනඒමට ගෝලීය දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තිබෙන්නා වූ අවංක, උගත්, බුද්ධිමත් කණඩායම් රට තුළ නොවීම රටට විශාල පාඩුවකි. එදා ජේ.ආර් රටට ආයෝජන ගෙන ඒමට පෙර රට තුළ ශක්තිමත් දේශපාලන පසුබිමක් නිර්මාණය කළේය.

:       14       36

siripala Saturday, 24 April 2021 06:17 PM

ලංකාවේ අපි බය වුනාට ජපනා සහ කොරියන් කාරයා ඇමෙරිකාවට බයවී නැහැ. දැනට වසර ගණනාවක ඉදල ජපානේ සහ කොරියාවේ ඇමෙරිකානු හමුදා අනුකණ්ඩ පවා තියෙන දන්නේ නැතිද ? අපේ ලංකවේ ලොක්කෝ කෙල්ලොත් ජපානේ කොරියාවේ ඉන්නවා රැකියවක් කරනවා . ලංකාවේ හාමුදුරුවරු ඉන්න පන්සල් පවා තිබෙනවා. අපි කවදාවත් අහල නැහැ ඇමෙරිකන් කාරයෝ කොරියාව දෙකට කඩන්න උත්සහකරනවා ජපානය දෙකට කඩන්න උත්සහකරනවා කියල. චීනා ලෝකෙට කරන දේවල් අපේ ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ

:       0       0

asankaSaturday, 24 April 2021 04:33 PM

වර්තමානයේ ඔය කියන ලෝක බලවතුන් සතුව එකවර සැතපුම් දහස් ගණනක් දුර ගමන් කළ හැකි යුද නැව්, ගුවන් යානා සහ අන්තර් මහද්වීපික මිසයිල ඇත. අද ඇති බොහෝ වාණිජ නාවික යාත්‍රාවලට ලෝක ගෝලයෙන් අර්ධයක් පමණ දුර එකවර ගමන් කල හැකියි. මෙවැනි පසුබිමක් තුළ යුද්ධයකදී ඔය බලවතුන්ට ලංකාව වැනි කුඩා අතරමැදි රටක අවශ්‍යතාවක් නැහැ. එබැවින් "රට මහ බලවතුන්ගේ යුදමය අවස්ථාවන්ට බිලිකිරීම" යන අදහස දුපත් මානසිකත්වය නිසා ඇතිවූ බිල්ලෙක් මැවීම පමණි.

:       1       1

senevi Saturday, 24 April 2021 07:53 AM

චීනෙට දීලා ගොඩයන්න පුලුවන් වෙයි කියලා හිතන්නත් හොඳ නෑ. දැන් වරාය නගරයේ සිරි නරඹන්න ආරාධිත අමුත්තන් එකතුකරගෙන යන්න ආරාධනා පත්‍ර යවන්නේ කොළඹ-චීන තානාපතිතුමා කියලා ආරංචි වුණා. ඇත්තද දන්නේ නෑ.

:       115       59

ලුම්බිණි Saturday, 24 April 2021 08:09 AM

මහා සංඝරත්නය උපදෙස් දිය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනය ගැනද?

:       153       66

nnasmSaturday, 24 April 2021 08:23 AM

විකට රටක්.., හාමුදුරුවෝ දන්න කෙහෙල් මලක් නැහැ. ජාතිවාදයට උඩගෙඩි දීලා. බුද්ධාගම විනාශ කරලා. ලෝකයා ඉදිරියේ විහිළිවක් කරන රටක්...

:       90       61

අනුලා Saturday, 24 April 2021 08:41 AM

නැතුව නැතුව.. ඔතන වැඩඉන්න සමහරු තරම් තමන්ගේ ආර්ථිකය නිසිපරිදි කළමනාකරණය කරගෙන සිටුවරුන්ගේ තැනට පත් වුණු තව කවුරුන්ද ඉන්නේ? නාගලෝකෙන් මහාර්ඝ සම්පත් ලබාගත්ත අයත් ඔතන වැඩ ඉන්නවනේ...

:       75       56

විජිත්Saturday, 24 April 2021 10:12 AM

ඔබට යමක් වැටහී ඇති බව පෙනේ. රැවටෙන්න එපා...!!! මේ සංඝරත්නය නොවෙයි. රජයට කඩේ යන කහකඩයින් රැලක්... උතුම් වූ සංඝ රත්නය මේ ලෞකික වැඩවලට වඩින්නේ නැහැ. උන්වහන්සේලා රටේ, ලෝකයේ ජනතාවගේ අධ්‍යාත්මික සුවය පතා උපදෙස් දෙමින්, බණ, භාවනා කරමින් උතුම් වූ බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදිමින් වෙසෙති.

:       77       54

Hafeel Saturday, 24 April 2021 08:10 AM

අජිත් කබ්රාල්ගෙන් උපදෙස් නොවේ ගන්න පුළුවන්. ලණු තමයි දෙන්නේ. ඔහුත් අර්ජුන් මහේන්ද්‍රනුත් එකයි. වෙනසක් නැහැ. ඔවුන් රටට කළ හානිය සුළු පටු නොවේ.

:       90       66

Ashan Saturday, 24 April 2021 08:31 AM

සංඝරත්නය නොදන්න දේ ගැන කතා නොකරනවා නම් හොදයි. කබ්‍රාල් කියන්නේ ඔය වගේම බොරු කියලා ග්‍රීක බොන්ඩ් වලිනුයි හෙජින් ගනුදෙනුවෙනුයි කෝටි ගණන් ලංකාවට නැතිකල කෙනෙක්. චීනය ලෝකයේ පොඩි රටවලට කරපු දේ ගැන ඕනතරම් උදාහරණ ලෝකයේ තියෙනවා. හාමුදුරුවනේ ධර්මය දේශනා කරන්න

:       64       45

විජිත් Saturday, 24 April 2021 10:04 AM

බුදුන් වහන්සේගේ උතුම් වූ ධර්මය ලේබල් එක ගහගෙන .. මිනීමරු, දුෂ්ඨ, රට පාවාදෙන, චෞර පාලකයින් කරන හැම අසමජ්ජාති පජාති වැඩකටම අවවාද අනුශාසනා කරමින් රටේ මහජනතාව රවට්ටන මේ සංඝ සෙට් එක, දූෂිත පාලකයින්ගෙන් ලැබෙන සල්ලිවලට, ගැහැණුන්ට, වෙනත් වරදානවලට කෙල හලමින් මුළු රටම මුලාකරමින් සිටිති. මේ බුදුසසුනට අයත් නොවන චීවරධාරීන් රටෙන්ම එළවීමට කාලය ඇවිත්...

:       80       38

විපරමා Saturday, 24 April 2021 10:05 AM

රටට කෙසේවෙතත් පවුල් පාලනේ අයට නම් බොහෝ ප්‍රතිලාභ ලැබෙයි. මහ බැංකු සභාපති වෙලා ඉන්න කාලේ පවුල් පාලනේ උදවිය එක්ක ගහපු ගේම් නොදන්නවා නෙවෙයිනේ...

:       79       40

Mr Don Saturday, 24 April 2021 10:29 AM

තව මොනවද දන්නේ..?

:       51       27

sugath Saturday, 24 April 2021 10:56 AM

වරාය නගරය ලංකාවට අලුත් දෙයක් වුවත්, එය ලෝකයේ අනිකුත් රටවලට අලුත් දෙයක් නොවේ. සම්ප්‍රදායෙන් පිට... රටේ අලුත් දෙයක් කරන විට ලාංකිකයින් බොහෝවිට ඊට විරුද්ධ වෙයි. ඒ තමා අපේ මිනිසුන්ගේ හැටි. ඊට හේතුව විය හැක්කේ අපේම ඇති අනාරක්ෂිත භාවය විය හැකියි. '80 දශකයේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කරන විට, බොහෝ දෙනා කිවේ එය සුද්දන්ට ඇඳුම් හදන කර්මාන්තයක් කියායි. නමුත් අද ඒවායේ ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයක් රැකියා කරනවා. දැන් වරාය නගරය ආරම්භ කරන්නට යන විට එය අඩාල කිරීමට බිල්ලන් මවමින්, උසාවි ගානේ පෙත්සම් ගහනවා. මෙවැනි ව්‍යාපෘති වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා බිහිකළ හැකියි. මෙවැනි දේට විරුද්ධ වන උදවියට, රටේ රැකියා බිහි කිරීමට විකල්ප මාර්ග ඉදිරිපත් කළ හැකිද?

:       48       184

suresh Saturday, 24 April 2021 11:19 AM

ආ මේ තවත් බයියෙක්නේ. ලොක්කා කීයක් දුන්නාද? වැසිකිළි පෝච්චියක්? රා කට්ටක්?

:       92       49

sugathSaturday, 24 April 2021 11:36 AM

ඔය එන්නේ හණ මිටි කාරයින් ටික එළියට...

:       36       82

PathiranaSaturday, 24 April 2021 01:04 PM

ඔය මහත්තයාට කියන්න පුළුවන්ද මෙතෙක් කරපු චීන ව්‍යාපෘති වලින් අපේ අයට ලැබිච්ච එක ප්‍රතිලාභයක්..?

:       66       44

sugathSaturday, 24 April 2021 01:52 PM

'50, '60 දශකවල රටේ මිනිසුන්ට කන්න හාල් ආනයන කරන්නට මුදල් නැති වුණාම, චීනය අපේ රබර් අපනයන වෙනුවට අපට හාල් දෙන්ට එකඟ වුණා... කොටි යුද්දේ අවසාන කාලේ ලෝකයේ වෙන කිසිම රටක් යුද්ධය සඳහා අපට ආධාර කරන්නට ඉදිරිපත් නොවෙන කොට, චීනය අපට ඒ සඳහා ණය ලබා දුන්නා. අද මේවාට විරුද්ධ වෙන බොහෝ දෙනා යන කොළඹ උසාවි සංකීර්ණය චීනයෙන් ලැබුණු පරිත්‍යාගයක්. එතකොට චීනේ හොඳයි, හැබැයි දැන් නරකයි!!

:       30       95

දිනේශ්Saturday, 24 April 2021 08:14 PM

50 60 දශක වල අපි හාල් ආනයනය කලේ නෑ අපනයනය කලා.

:       1       1

sureshSaturday, 24 April 2021 01:27 PM

එක එක හොරුන්ගේ ඉඳුල් කනවාට වඩා හණමිටි කාරයෙක් වීම ගැන බොහොම ආඩම්බර වෙමි. මම උපන් රට හොර චීන්නුන්ට විකිණීමට මම දායක වුනේ නැහැ " කියන ආත්ම අභිමානය මටත්, මගේ දරුවන්ටත් තියෙනවා. මට ඒ ඇති...

:       77       36

pathiranaSaturday, 24 April 2021 04:18 PM

මහත්තයෝ ඔය කියන 50, 60 දශකවල තිබිච්ච චීනය දැනට නැහැ. මෑතකාලයේ චීනයේ උගුල් වලට අහුවෙච්ච කිසිම රටක් ගොඩගියේ නැහැ. එයාලට ඕනේ ලෝක බලවතෙක් වෙන්න... ඒකට අපේ භූමිය පාවිච්චි කරන්න. ඔය බල අරගල වලට අපි මැදිහත් වෙන්න ගියාම අපිට වෙන්නේ අර වඳුරා වූ දේම තමයි..

:       1       1

දොලේවත්තSaturday, 24 April 2021 05:01 PM

වර්ග කිලෝමීටර් 65000 කින් ගොඩ නොගිය උන් තමයි කිලෝමීටර් දෙකකින් ගොඩයන්නෙ ඕව ගිහින් කියන්න මහත්තයා පොර්ට් සිටියට ගිහින් කොන්ඩෙ බැඳපු චීනෙකුට

:       1       1

SAMAN Saturday, 24 April 2021 02:16 PM

චීන සල්ලි වලට කඩේ යන අපේ මහා සංඝරත්නය...

:       57       33

Ramendra Saturday, 24 April 2021 02:24 PM

මැදගොඩ, නමේම තියෙනවා...

:       61       35

saman Saturday, 24 April 2021 05:45 PM

ප්‍රාග් ධනය හිඟ ලංකාව වැනි රටක් පොහොසත් රටක් කරන්නට නම් විදේශීය ආයෝජන අවශ්‍යයි. නමුත් අද ලංකාව විදේශීය ආයෝජන දර්ශකයේ සිටින්නේ 100 වැනි ස්ථානයේ, අප්‍රිකාවේ රටවලට පමණක් ඉහලින්. අද ආසියානු කලාපයේ ලංකාව හැරුණු කොට ආයෝජකයන්ට හිතකර රටවල් රාශියක් බිහිවී තිබෙනවා. ලංකාව වැනි රටකට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම්, ඔවුන්ට ඒ සඳහා බදු සහන වැනි දිරි දීම් දිය යුතුමයි. විදේශීය ආයෝජන වලින් රටට සිදුවන යහපත නම්, අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහි වීමයි. මෙවැනි ව්‍යාපෘති වලට විරුද්ධ වන බොහෝ දෙනාට රටේ රැකියා ජනනය කිරීම සඳහා විකල්ප යෝජනා නොමැති අතර, ඔවුන්ගේ අදහස සදාකාලිකව රට දුප්පත් කමේ සිර කර තැබීමයි.

:       1       2

SenaWednesday, 28 April 2021 09:27 AM

බදු සහන දීම රටේ සාමාන්‍ය පාලනයෙන් ඉවත් කිරිම කියන්නේ දෙකක්

:       1       0

බද්රානි Saturday, 24 April 2021 10:45 PM

පල් ගඳ උහුලා ගන්න බැරිව නහය වහගෙන තමයි දැනුත් අපි මේ රටේ ජීවත් වෙන්නේ. ගඳ ගස්සපු එවුන්ම ගඳ ගැන කතා කරන එකනේ මෙතන තියන පුදුමේ කියන්නේ??

:       0       4

krishantha gamage Sunday, 25 April 2021 04:53 AM

ජනතාවගේ පරමාදිපත්‍ය කියන්නේ මේ ගැන කිහිප දෙනා නොවෙයි. ඒ් නිසා මේවා කරන්න ජනමත විචාරණයක් පවත්වන්න මේ ගැන දන්න දෙයක් නැ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1442 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1914 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 465 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3061 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2482 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1813 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34717 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site