IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රටට ගැලපෙන අලුත් හරක් සහ එළුවෝ එති

(අංජුල මහික වීරරත්න)

කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා  රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දැනට  කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද  රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වන බව නිරීක්ෂණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවැසූයේ සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බවයි. දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව ද එම නිලධාරීහු සඳහන් කළහ.

කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව  කොට්ටුකච්චිය ගොවිපළේ තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද ඔවුහු පැවැසූහ.



අදහස් (14)

රටට ගැලපෙන අලුත් හරක් සහ එළුවෝ එති

sam Friday, 29 September 2023 12:16 PM

ඔය ගවයෝ ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඕක විසඳන එක එච්චර දෙයක් නෙවෙයි.

:       0       0

කිරිපුතා Friday, 29 September 2023 01:08 PM

මැලේසියන් ගස්ලබු සහ ඉරිඟු ගෙනාපු කෘෂිකර්ම උගතුන් ඉන්නේ රටේ. මේ වැඩේ කොහොම කරයිද කියලා බලමු...

:       0       0

Kazi Shajahan Friday, 29 September 2023 01:18 PM

වැඩිය ගෙවන්න එපා... මොකද පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ඔය කියන සත්තු කීපදෙනෙක්. හම්බන්තොට, ගම්පහ, බදුල්ල, නුවර, පුත්තලමෙන් ආපු අය වගේ...

:       0       1

Nimal Friday, 29 September 2023 01:32 PM

ඇයි අර 225 ඉන්නේ? ඔවුන් ටික නම් හරි නෑ..

:       0       1

චන්දිම ෆොන්සේකා Friday, 29 September 2023 01:58 PM

ගන්නෝරුව පශු පර්යේෂනායතනයේ සත්ව අභිජනන අංශයක් දැනට වසර විස්සක් තිහක් විතර කාලයක් තිස්සේ පවතිනවා. මෙච්චර කාලයකටත් තවම මේ වගේ ඉහළ ඵලධාරිතාව තියෙන්නේ සතුන් බිහි නොවුණා නම් එහෙම වුනේ ඇයි කියන ඒක ඉස්සෙල්ලා හොයලා අහලා බලන්න ඕනෑ ඔය ඕඩර් දෙන්න කලින්. යහපාලන කාලේ ඕස්ට්‍රේලියාවෙන් මිලියන ගණන් රට ණය කරලා ගෙනාපු හරක් වැඩේනම් මහම මහා අපරාධයක්. එකෙන් කීප දෙනෙකුට හොඳ වාසි වුණාලු. හැබැයි වැඩේට හවුල් අය සුපිරි කට්ටියක් නිසා වගේ වංචා හොයන්නේ නැහැ. මේ රටේ ඒවා වංචා කිරීමට වරප්‍රසාද තියෙන පිරිසකගේ අයිතියක් වෙලා. ජනතාව තමයි බදු ගෙවමින් ඒ ණය ගෙවිය යුතු වන්නේ...!

:       0       0

පැරකුම් Friday, 29 September 2023 02:14 PM

ඇයි රටින් ගෙන්නන්නේ දියවන්නාවේ ඉන්න ටික මදිද?

:       0       0

සේනක ඉතාලිය Friday, 29 September 2023 02:21 PM

එතකොට මහත්තයෝ, අර පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මොකද කරන්නේ...?

:       0       1

පියනන්ද Friday, 29 September 2023 02:36 PM

ඉන්න අය එච්චරටම නරකයිද ආයුබෝවන්?

:       0       1

Deshapriyadwn Friday, 29 September 2023 03:27 PM

දියවන්නා ගාලේ ඉන්න රටට නොගැලපෙන අම්බරුවන්ට මොකද කරන්නේ...?

:       0       1

ගමේ එකාලා Friday, 29 September 2023 03:34 PM

ඔය කියන ජාතියේ හරක්, එලුවෝ දියවන්නාවේත් ඉන්නවා...

:       0       1

විජිත් Friday, 29 September 2023 11:05 PM

රටට ගැලපෙන්නේ නැති ගවයින් සහ එළුවන් 225 ක් සිටින්නේ දියවන්නාවේ "නාකි මඩමේ" පමණයි. මේ නාකි මෝඩ, අසික්කිත සත්තු 225 මසටවත් විකුණන්න නොහැකි වී ඇත්තේ මොවුන්ගේ මස් විෂ නිසයි. මිනිස්සුන්ට පමණක් නොව බල්ලෙක්වත් මොවුන්ගේ මස් කෑමෙන් වළකින්නේ ඒ විෂ නිසයි...

:       0       2

චතුරි Saturday, 30 September 2023 01:00 AM

මොන විදියට..., හදලා ගත්තත් අපේ නායක 250ට ළංවෙන්න වත් බැරිවෙයි. ඒ තරම් ගොන්නු හරක් එලුවෝ ලෝකෙ කොහේවත් නැහැ. වුවමනාම දේ නැති වුනාට ඇඟිල්ලක් කැපුවත් මස් රාත්තලක් ගන්න පුලුවන්. ඉතින් මේ වගේ කට්ටිය ඉන්නෙ ලන්කාවේ විතරයි.

:       0       1

පැරකුම් Saturday, 30 September 2023 09:01 AM

ඇයි දියවන්නාවේ ඉන්න කට්ටිය මදිද?

:       0       1

සල්ලි Saturday, 30 September 2023 09:26 AM

ඔයා නම් සිරා ඩයල් එකක් මහින්ද...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියේ ගැටී දෙකක් මරුට කුඩා ළමයෙකු රෝහලට
2024 ඔක්තෝබර් මස 12 0 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6418 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4929 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 915 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1314 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3172 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40180 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26008 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 273 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site