IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රටෙන් භාගයක්ම ඉගෙනුමට:බෙහෙතට පස්ස ගහලා

(සුජිත් හේවාජුලිගේ )

මෙරට ජනගහනයෙන් සියයට  හතළිහකට වැඩි පිරිසක් ආහාර සඳහා යන අධික වියදම හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින්  අඩු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාව පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන  අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙය සමාජ ආර්ථික වශයෙන් ඉතා නරක ප්‍රතිඵල අත්විය හැකි කාරණයක් බවද  ඔහු පෙන්වා දෙයි.

මේ අතර මෙරට වයස පහට අඩු දරුවන්ගෙන් සියයට හතළිස් තුනකට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම  අම්පාර අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල ඒ තත්වය  ඉතාම උග්‍ර බව එහි සඳහන් වන්නේ යැයිද ප්‍රකාශ කළේය.

අම්පාර ප්‍රදේශයේ එම අගය සියයට 59ක් බවද ඔහු කීවේය.

මේ අතර ජනගහනයෙන් සියයට 68ක් ආහාර අනාරක්ෂිත තත්වයට( ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරිම, ගන්නා ආහාර වේල් ගණන අඩු කිරිම, අඩු රුචිකත්වය සහිත ආහාර ගැනීමට පෙළඹීම,සහ  විකල්ප ආහාර ලබා ගැනීම) සඳහා පෙළඹී සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ යැයි  වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේය.

තවද වයස පහට පහළ  අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15.3 ක් දක්වාද  වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය  සියයට 9.2 ක් දක්වාද  ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා  කීවේය.

එසේම උසට සරිලන බර නොමැති දරුවන් ප්‍රතිශතය සියයට 10.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා එය 2021 වර්ෂ පැවැතියේ සියයට 8.2 ක් හැටියට බවද  සඳහන් කළේය.

භාණ්ඩ මිල ඉහළ යෑම, බලශක්ති අර්බුදය,ආහාර ද්‍රව්‍යවලට ඇතිවූ තරඟය, ජීවනෝපාය අහිමිවීම සහ වැයකළ  හැකි ආදායම සංකෝචනයවීම යනාදී කරුණු හේතුවෙන් මෙම ගැටළු මතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ යැයිද  හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (6)

රටෙන් භාගයක්ම ඉගෙනුමට:බෙහෙතට පස්ස ගහලා

City Saturday, 06 May 2023 12:33 PM

Knowing these factors, your colleague's are demanding for tax relief.

:       5       4

සි. කුලරත්න Saturday, 06 May 2023 12:40 PM

මෙයාගේ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාස කරන්න බැහැ. මාසෙකට විතර කලින් සංඛ්‍යා ලේඛනයක් ගෙනාවා ආරක්ෂක හමුදාවන්ට රාජ්‍ය සේවක වැටුපෙන් 49%ක් වැයවෙනවා කියලා, හැබැයි ඒක හදලා තියෙන්නේ පලාත් රාජ්‍ය සේවය අමතක කරලා, ඒකත් එක්ක ඔය අගය 33%කට අඩුයි. දේශපාලන ගැතිකම නිසා උගත්කම පාවා දෙන්නෙක්

:       10       6

නිහාල් Saturday, 06 May 2023 02:02 PM

යුද්ධයක් නැති කාලෙක 33% ත් ලොකු අගයක්.

:       1       9

Pradeep Kumara Saturday, 06 May 2023 12:54 PM

එහෙව් රටේ අපි වෙසක් දිනය නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ත්‍රී වීල් වල ස්ටිකර් අලවමු.

:       4       12

කිරිපුතා Saturday, 06 May 2023 03:33 PM

මේ කියන ප්‍රදේශවල ජනතාව වැඩි හරියක් ගොවිතැනින් යැපෙන අය. ඔවුන් බඩගින්නේ ඉන්නවා නම් එක්කෝ ලෙඩින්, නැත්නම් අතට පයට කම්මැලිකමට. කිසිම උගතෙක් විශ්වාස කරන්න බෑ. මොවුන් මෙවැනි සංඛ්‍යා ලේඛන හදන්නේ සත්‍ය ලෙසද නැත්නම් කිසිවෙකුගේ වුවමනාවකට දැයි කියන්න බෑ...

:       1       0

Lalla Saturday, 06 May 2023 09:49 PM

ඔය විශ්ව විද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රටේ මේ තත්ත්වයට සෑහෙන දුරට වගකියන්න ඕනෑ කියලා මහාචාර්ය කට්ටිය දන්නවා නේද? උපාධිධාරීන් එළියට ආපු ගමන්ම ආණ්ඩුවේ රස්සාවලට දඟලන එක නවතා ව්‍යවසාය සංවර්ධන කටයුතුවලට යොමු නොකිරීම උගන්වන අයගේ වරදක් නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 197 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 51 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 536 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 281 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1318 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 1126 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site