(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති.
‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’ තිබේදැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් උපදෙස් දුන් බව ද රෝගීහූ වැඩි දුරටත් සඳහන් කළහ.
ජීවිත ආරක්ෂක ඖෂධ 13 න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල නොමැති බවත් අත්‍යවශ්‍ය ඖෂධ 460 න් 183 ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති මෙන්ම රෝහල්ව 49ක් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව රජයේ රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 න් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇති බව කී කමුදේශ් මහතා බෙහෙත් හිඟයට පිළියම් නොයොදා සිටීමෙන් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව යොදාරැනිමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගෙන්වීම සඳහා ඉඩලැබෙන බව ද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
Akila Wednesday, 16 April 2025 06:32 PM
දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් නැහැ කියන්නේ ඒ ගොල්ලන්ගේ ජීවිත දැඩි අවදානමක තියෙන්නේ, සුව ඇමැති නිදිද?
ShyamWednesday, 16 April 2025 09:02 PM
රවී කුමුදේශ්නේ කියන්නේ. ඒ මනුස්සයා බෙහෙත් ගැන දන්නේ මොනවද?
ගුණරත්න Wednesday, 16 April 2025 08:55 PM
මේවට කියන්නේ පුනරුදේ කියලා. ආණ්ඩුවේ සුව ඇමැති කිව්වා සුඛෝපභෝගී රෝහල් සේවයක් දෙනවා කියලා. ඒත් අත්‍යාවශ්‍ය මූලික බෙහෙත් නැහැ! මේක ඉතින් අරුම පුදුම පුනරුදයක්...!
pj Thursday, 17 April 2025 03:30 AM
ප්‍රාදේශිය සභා, නගර සභා ටිකත් මේ අයටම දෙන්න.
නාමල් Thursday, 17 April 2025 06:11 AM
රවී කුමුදේෂ් කියන්නේ සජියගේ ගොට්ටෙක් බෙහෙත් තියෙනවාද කියලා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අහන්න...
සෙනෙවිරත්න Thursday, 17 April 2025 06:39 AM
මේ ප්‍රකාශය කරලා තියෙන කෙනා ගැනත් ටිකක් හිතන්න. පහුගිය මාසේ වැටුප් සම්බන්ධයෙන් වර්ජනය කරලා, දැන් වැඩි වැටුප් ලබනකොට සද්ද නැතිව ඉන්න, වෙනත් පක්ෂයකින් ඡන්දේ ඉල්ලපු කෙනෙක්, මේක ස්වාධීන අයෙක් කීවා නම් අපි පිළිගන්නවා...
රටවැසියා Thursday, 17 April 2025 06:40 AM
කෙහෙලියලා බාල බෙහෙත් බෙදනකොට මෙයාලා නොදන්නා ගානට හිටියා, ඒක හොයාගත්තේ වෙන කෙනෙක්...
nipuna Thursday, 17 April 2025 09:14 AM
මට මතකයි මේ රටේ ජනාධිපතිවරණයට ලස්සන දැන්වීමක් ගියා. බෙහෙත් ගැන. දැන් ඒක ගැනවත් හිතලා මේ ගැටලු ගැන අවධානය යොමු කරන්න...
Anura Thursday, 17 April 2025 10:20 AM
ඒකට කමක් නෑ. අනුරලා අවුරුදු කන හැටි පෙන්නුවේ නෑනේ...