IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රටබීම අලෙවිසල් හෙට සිටි විවෘතයි

(සුජිත් හේවාජුලිගේ )

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන් , සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇති සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු වෙළඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

දැනට වසා මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද එම නිවේදනයේ සඳහන් වේ .

සෙසු බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ .

කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීමත් සමග සියලු මත්පැන් අලෙවිසල්ද සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව සුරාබදු ප්‍රධානීන් විසින් වසා දමනු ලැබීය .

ආරක්ෂක පියවරක් ලෙස සියලුම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තැබීමට ද පසුව පියවර ගන්නා ලදී.

මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .

 



අදහස් (15)

රටබීම අලෙවිසල් හෙට සිටි විවෘතයි

Nihal Sunday, 20 June 2021 04:30 PM

දන්කොටුවේ වොඩ්කා අයත් පාරට බසීවිද? එහෙම වෙන එකක් නෑ. පසුගිය කාලේ හොඳට හම්බ කර ගත්තා.

:       0       42

pradeepa Sunday, 20 June 2021 04:57 PM

මාර උනන්දුවක් නේ තියෙන්නේ... මේ බාර් ටික විවෘත කරන්න. ඕකෙන් ජනතාව තව ලෙඩ වෙනවා, නැතිවෙනවා, ගෙවල්වල කරදර, මරාගන්නවා.., ඕකනේ වෙන්නේ...

:       104       44

රංග තේනුවර Sunday, 20 June 2021 05:21 PM

මේ සිංහල බෞද්ධ රටේ අරක්කු බීම සුදුසු නැහැ. මේවා තහනම් කරමු.

:       119       50

samanSunday, 20 June 2021 05:44 PM

බොන නොබොන එක මිනිස්සුන්ගේ අයිතියක්... ඔයා බොන්නේ නැතිනම් නොබී ඉන්න... ඒක ඔයාගේ වැඩක්. බෞද්ධ රටේ බොන එකට වඩා කොච්චර අබෞද්ධ දේවල් වෙනවද? තව ටික දවසකින් බෞද්ධ රටේ මස්, මාළු කන්න හොඳ නෑ කිව්වොත් ඒකත් නොකා ඉඳියිද? තමන්ගේ පුද්ගලික කැමැති, අකැමැතිකම් රටකට පොදු කරන්න යන්න එපා. ඒක තමන් කරගන්න.

:       39       193

අමද්‍යප ලොක්කා Sunday, 20 June 2021 10:01 PM

එහෙම කියන්න එපා. මේක බුදුන් වැඩිය දේශය. අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා. මේ රටේ කිසිකෙනෙක් පන්සිල් පද 05 කඩන්නේ නැහැ. අපි හොඳ බෞද්ධයින්. හැබැයි මේවා ඔක්කොම පොතේ පමණයි. සාමාන්‍ය ජීවිතයේදී පන්සිල් පද 5 නොකඩා බැහැනේ මල්ලියේ.

:       3       3

RohanaSunday, 20 June 2021 10:46 PM

සමහරු බීල පාඩුවේ ඉන්නෙ නෑනේ... ගෙවල් දොරවල් වල යාළු මිත්‍රාදීන් සමග ආරවුල් ගහගන්නට යනවා ගෙදර ඇවිත් විකාර කියවනවා රැයක් දවාලක් දන්නේ නෑ. නොබොන අය අසරණ වෙනවා. සමාජය එහෙමයි. ගෙදර අඹු දරුවන්ට රැකවරණයක් නෑ. හම්බකරන සේසතම වියදම් කරන්නේ බීමට. අන්තිමට ලෙඩක් වෙලා මරණය පෙනි පෙනී ජීවත්වෙලා බීම නිසාම මියැදෙනවා. බීම කෙනෙකුගේ අයිතියක් වුණත් එම අයිතිය නරකට හිටින වාර බහුලයි.

:       0       0

chamaraMonday, 21 June 2021 11:37 AM

රංගගේ අදහසට ගරු කරන අතර ඊට විරුද්ධව ඇත්තේ බොන අයගේ විරෝධයයි. බුදු දහමේ, මස් මාළු ආහාරයට ගැනීමෙන් වලකිමි ලෙස සිල් පදයක් නොමැති නමුත් මත්ද්‍රව්‍ය මත්වෙන වෙනත් දේවල් ගැනීමෙන් වෙන් වෙමි ලෙස සිල් පදයක් තිබේ (පන්සිල් වල).

:       0       0

විජිත් Sunday, 20 June 2021 05:57 PM

සූකිරි බටිල්ලන්ගේ අලුත්ම ගීතය .."සුමිහිරි පානේ - පදමට ගහලා..., කොරෝනා හැදිලා හෙට මැරුණත්, ඉමු ජොලි කරලා..."

:       9       20

Palitha Sunday, 20 June 2021 06:06 PM

කාලෙකට පස්සේ... දෙවියන් අපගේ මුහුණ බැලුවා...!!!

:       31       127

kapila Sunday, 20 June 2021 06:39 PM

හෙට සිට රජයට කොටි 33.33ක් දිනකට එනවා. ඒ කියන්නේ මත්පැන් බොන අය රජයට දෙන දායකත්වය... මෙහෙම වෙන කවුරුත් ආණ්ඩුවට බදු ගෙවනවද?. ඒ නිසා බොන අයට "බොන විරුවා" කියමු.

:       4       104

bandara Sunday, 20 June 2021 06:44 PM

උදයේ යමු බාර් අරින්න... මීටරේ පෝලිමක් හැදෙන්න.... වේලි වේලි ඉන්න අපට ලිකර් ලබා දෙන්න ... මහතුනේ.... අප රැකගන්න ...!!!

:       0       94

fairoos Sunday, 20 June 2021 07:35 PM

හමුදාපති මොනවා කියයිද මන්දා?

:       0       20

parakkramaSunday, 20 June 2021 10:56 PM

හෙට අපේ කඩේ ඇරලා පළමුවැනි බෝතලය විකුණා ගන්නකම් මෙයාලත් එක්ක වැඩේ විශ්වාස නැහැ.

:       0       0

Rohana Sunday, 20 June 2021 10:32 PM

මොනවා ඇරියෙ නැතත් තැබෑරුම් අරින්න ලොකු උනන්දුවක් තියෙනවා. තැබෑරුම් ඇරීම මගින් රෝග ව්‍යාප්තියට උදව්වීමක්.

:       0       0

Demuni Uduwara Monday, 21 June 2021 02:55 AM

බළලා මල්ලෙන් එළියට පැන්නා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 87 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 13 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 66 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 120 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 51 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 298 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1315 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site