IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රටම සතුටු කළ මාතර දෙව්මි රටම හඬවා අවසන් ගමන් යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

උපතින් දෑත් හා දෙපා ඇතුළුව ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසු වෙද්දී ඉකුත් වසරේ අ පො.ස.සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 9 ක් ගෙන විභාගය ඉහලින් සමත් වු දික්වැල්ල බඹරැන්ද සද්ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දෙව්මි රන්සරා රාජපක්ෂ (17) දිරිය දියණිය  මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියාය.

අ.පො.ස.උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරමින් සිටි ඇය වරින් වර ඇති වන සෙම් රෝගී තත්වය උත්සන්න වී රෝහල් ගත කර සිටියාය.

නිව්මෝනියාව වැලදී ඇය මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වසර 100 කට වඩා ඉතිහාසයක් ඇති සද්ධර්මරාජ විද්‍යාලයේ එදා මෙදා තුර සාමාන්‍ය පෙළ විශිෂ්ඨතම ප්‍රතිඵලය වාර්තා කර ඇත්තේ එම දැරිය වන අතර ඇය වාණිජ විෂය ධාරාව හැදෑරීමට තීරණය කිරීම නිසාම එම පාසලේ වාණිජ විෂය ධාරාව ඇරඹීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කලේය.

කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ප්‍රකාශ කළේ තම ජීවිතය පිළිබඳව ලොකු බලාපොරොත්තු නොමැති නිසා උසස් පෙළ ඉහලින් සමත් වීමට අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව ඊ ලග බලාපොරොත්තුව පිළිබඳව සිතන බවත්ය.

ශරීරයේ ඉගටියෙන් පහල කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික දෑත් ද ආබාධිත තත්වයේ පසුවන එම දියණියට යන්තමින් පෑන හසුරුවාලීමේ හැකියාව පැවතුණි.ඇය පාසල් රැගෙන ඒම හා යාම මාපියන් සිදු කලේ වඩා ගෙනය.

මියගිය දැරියගේ අවසන් කටයුතු දික්වැල්ල රත්මලේ පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (6)

රටම සතුටු කළ මාතර දෙව්මි රටම හඬවා අවසන් ගමන් යයි

මැක්ස් Wednesday, 12 October 2022 06:24 PM

දිරිය දියණියට නිවන් සුව පතමු..!

:       0       47

sena Wednesday, 12 October 2022 06:40 PM

ඔබට නිවන් සුව...! උපදින කිසිම ආත්මයක මෙවන් දුකක් නොවේවා..!

:       0       33

SUNIL MILANO Wednesday, 12 October 2022 08:10 PM

දුවේ නුඹ ඉපදෙන මතු භවයක අංග සම්පූර්ණ මිනිස් ආත්මයක් ලැබීමට හේතු වාසනා වේවා... උපදින කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් නොමවේවා..! අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා ඉතසිතින් පතමි.

:       0       34

Viraj Perera Thursday, 13 October 2022 08:09 AM

දුවේ ඔබට නිවන්සුව ලැබේවා.! උපදින හැම භවයකදීම නිදුක් නිරෝගීමත් බුද්ධිමත් මිනිස් ආත්මයක් ලැබේවා.!

:       0       2

මහජනයා Thursday, 13 October 2022 09:33 AM

මේ දෙමව්පියන් කර ඇත්තේ අසීමිත කැපකිරීමක්. ඒ නිසා මෙම දරුවා මෙලොවදී ලැබිය හැකි උපරිම සතුට ප්‍රශංසාව ලැබීමට වාසනාවන්ත උනා.

:       0       5

jayasekara Thursday, 13 October 2022 09:49 AM

දුවේ උපදින හැම භවයක උතුම් අජරාමර නිවනින් සැනසේවා.!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 202 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2073 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2703 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6139 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 942 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24452 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18845 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site