( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාශයට උපදෙස් දී ඇත.
ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ඊට අමතරව කසකස්තානය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයයේ බලධාරීන්ට උපදෙස් දී ඇත.
සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
පසුගිය ජනවාරී මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයන් 54,768 පැමිණි බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 13547ක් මෙරටට පැමිණ ඇති අතර ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයන් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.ඉන්දියාව, එක්සත් රාජධානීය,පාකිස්ථානය,රුසියානු සමූහාණ්ඩුව, ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනිසියාව යන රටවල් 10යෙන් මෙම පිරිස පැමිණ තිබේ.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එම රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් , සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ශ්‍රී ලංකාවට බටහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ හතළිහක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යායාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (16) අත
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටවල් 5කින් සංචාරකයින් ගෙන්වන්න වැඩපිළිවෙළක්
දියුණු මනස Wednesday, 27 October 2021 08:14 AM
රටට ඩොලර් ගෙනෙන එක හොද නම් තමයි. හැබැයි අපේ රටේ පැහැදිලි නීති නිර්නායක සහ වගවීම අඩු බව හැම තැනකම ප්‍රසිද්ධ වෙලා. කාර්යක්ෂම භාවය වෙනුවට සම්බන්ධීකරණය අඩුයි. එක නිලධාරියෙක් එක නීතියක් කියන කොට තව නිලධාරියෙක් වෙනස් දෙයක් කියනවා. ගුවන්තොටුපලට ඇතුළු වුනු තැන ඉදන් අපැහැදිලි මාර්ගෝපදේශ සහ ඉන් පසු ගසා කෑමට බලා ඉන්න උදවිය. මෙහෙ අයට මේවා පුරුදු වුනත් විදේශ රටවල අය මේවා කීයටවත් ඉවසන්න පුරුදු නෑ. මොකද කිව්වොත් ඒ රටවල නීතිය කාටත් එකයි.