IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රණවිරුවන්ට ‘විරුසර‘ වරප්‍රසාද කාඩ්පතක්

(ගයාන් සූරියආරච්චි)

රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදීම සදහා ‘විරුසර‘ නමින් වරප්‍රසාද කාඩ්පතක් හදුන්වා දී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ සාකච්ඡාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සේවාව සදහා අනුමැතිය ලබා ඇත.

ඒ අනුව සෞඛ්‍ය සේවා ලබාදීමේදී විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රමුඛතාව මත එම සේවා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද, රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් ට ප්‍රමුඛත්ව හිමිවනු ඇති බව අමාත්‍යවරයා කීය.

මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා කීය.

 



අදහස් (7)

රණවිරුවන්ට ‘විරුසර‘ වරප්‍රසාද කාඩ්පතක්

Deepal Nirosh Wednesday, 10 July 2024 08:23 PM

අද රටේ ජනතාව මේ තරම් හෝ නිදහසක් භුක්ති විඳින්නේ වර්ජන තර්ජන කරන්නේ රණ විරුවන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය පරාජය කර රට සාමකාමී කළ නිසයි. එය අගය කිරීමේ ගැටළුවක් නැහැ. රටේ පොඩ්ඩක් හරි ඇති හැකි ජනතාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික සායනවලට යනවා. රජයේ සායනවලට යන්නේ එසේ පෞද්ගලික සායනවලට යාමට ආදායමක් නැති බැරි ජනතාවයි. ඉදින් රණ විරුවන්ට හා පවුල්වල අයට පමණක් එවැනි තැනක ප්‍රමුඛතාව දීම මානුෂිකව සාධනීයද? අඩු ගානේ මේ යුද්ධය කාලේ සේවය කළ රණ විරුවන්ට පමණක් හෝ මේ වරප්‍රසාදය සීමා කිරීමට ජනතාවගේ පැත්තෙන් සිතා බැලිය යුතුයි.

:       0       0

ගමේ එකාලා Wednesday, 10 July 2024 08:53 PM

කවදාවත් නැති විදියට පුදුම කරුණාවක් පහළවෙලා තියෙනවා ? මොකද හොරේ ?

:       0       4

Warnasinghe Thursday, 11 July 2024 04:13 AM

මෙම කාඩ්පත ලබා ගෙන අවුරුදු 12කි. ඔය කියන කිසිවකු ගේ ඊට සැලකීමක් නැහැ. පසුම්බිය ට කාඩ් පතක බරක් එකතු උනා විතරයි.

:       0       4

Lalla Thursday, 11 July 2024 07:34 AM

නිවැරදිව කියනවනම් ඔය විශේෂ සැලකිල්ල දිය යුතු රටේ ජීවනාලිය වන පෞද්ගලික අංශයට. ආරක්ෂක අංශවලට වෙනම රෝහල් තියෙනව නේද?ඒව රටේ සාමාන්‍ය ජනතාවට විවෘත නෑ.පෞද්ගලික අංශය උපයනවිට රාජ්‍ය සේවය එයින් වැඩිම කොටස බිල්ලට ගන්නව.

:       2       5

Sathya Thursday, 11 July 2024 09:29 AM

යකුනේ.. දැනටත් නම්බර් තිබුනත්, අර දොස්තරගේ, මේ නර්ස්ගේ, අහවල් ලිපිකරුගෙ, මේ ඇටෙන්ඩන්ගෙ, ගේට්ටුවෙ සිකුරුටිගෙ ප්‍රමුඛතාව තියෙන අය මුලින් යවල තමයි සාමාන්‍ය මහජනය ගන්නෙ. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න යන්නෙ අමාරු නිසා. ඒකටත් ප්‍රමුඛතාවක් ගාවන්න එපා (රනවිරුවට විතරක් නෙවෙයි, පවුල්වල අයටත් එක්ක). ලෙඩේ තියෙන බලපෑම, දරාගන්න බැරි කෙනෙක්ද(කුඩා දරුවො, වයසක අය), ආබාධිත අයෙක්ද වගේ ප්‍රමුඛතා බැලුවනම් ඇති.

:       1       6

Gayantha wickramasinghe Thursday, 11 July 2024 10:50 AM

ඕවා දුන්නාට වැඩක් නෑ. රෝහලට ගිහින් ඕක පෙන්නුවොත් ගුටිත් කාලා තමයි එන්න වෙන්නේ. අපේ රටේ රණවිරුවන්ට අද වෙලා තියෙන ඉරණම හෑම කෙනාටම හොඳට පේනවා. සෙකියුරිටියි, පාතාලය නැතිනම් ඔය තුනෙන් එකක්. ඉහළ නිලධාරීන් නම් බඩියෝ දාලා ගෙවල්, දොරවල් හදාගෙන තීරු බදු රහිතව වාහන අරන් සැපසේ ජීවත් වෙනවා. විශ්‍රම ගියාම අඩුම ගානේ ළමයෙක් පාසලකට දාගන්න විදිහක් නෑ. සියලුම වරප්‍රසාද සේවයේ ඉද්දී විතරයි. සොච්චම් විශ්‍රාම වැටුපෙන් දරුවන්ගේ පාසල් වියදම් පියවන්නවත් මදි. ඡන්දේ ළං වෙනකොට එක එක හීන ලොකේ මවා දෙනවා. ඕවා රැවටිලි විතරයි...

:       0       0

Gayantha wickramasinghe Thursday, 11 July 2024 10:58 AM

ඕවා දුන්නට වෑඩක් නෑ .රෝහලට ගිහින් ඕක පෙන්නුවොත් ගුටිත් කාල තමයි එන්න වෙන්නෙ. අපෙ රටේ රණවිරුවන්ට අද වෙලා තියෙන ඉරනම හෑම කෙනාටම හොදට පෙනවා. Ukraine Russia, or security jobs, පාතාලය නැති නම් ඔය තුනෙන් එකක්. ඉහල නිලධාරින් නම් බඩියො දාලා ගෙවල් දොරවල් හදාගෙන තිරු බදු රහිතව වාහන අරන් සෑප සේ ජීවත් වෙනවා. විශ්‍රම ගියාම අඩුම ගානෙ ලමයෙක් පාසලකට දාගන්න විදිහක් නෑ. සියලුම වරප්‍රසාධ සෙවයේ ඉද්දි විතරයි. සොච්චම් විශ්‍රාම වැටුපෙන් දරුවන්ගෙ පාසල් වියදම් පියවනවත් මදි. චන්දෙ ලන් වෙනකොට එක එක හීන ලොකෙ මවා දෙනවා. ඔව රෑවටිලි විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 124 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 360 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 757 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 848 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13573 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36698 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24269 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site