(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර නියොජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ල නගරයට ගෙන යෑමට විරෝධය පළකරමින් කම්කරු ජනතාව, පළාත් පාලන නියෝජිතවරු ඇතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිටදි අද (15) උද්ඝෝෂණයක නිරතවුහ.
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර බණඩාරනායක පාරේදී හරස් කරමින් විරෝධතා පළකළ එම පිරිස පසුව නියොජ්‍ය කම්කරු කාර්‍යාලය තුළට ගොස් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා හමුවුහ. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එම කාර්යාලය තුළදී රත්නපුර මහා නගර සභාවේ සහ රත්නපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් විරෝධතාව පළකළහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු ජනතාව වෙනුවෙන් පිහිටි මෙම කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට ගෙන තිබෙන තීරණය ඉවත් කරගන්නා ලෙස විරෝතාවයට එක්වු කම්කරු වෘත්තීය සමිති නියෝජිතවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතවරු මෙහිදී ඉල්ලා සිටියහ.
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් එස්.ඒ.වසන්ත අල්ගම මහතා මෙහිදී පැවසුවේ මෙය රජය ගත් තීරණයක් බවයි. නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා සමග සාකච්ඡාවෙන් ප්‍රයෝජනයක් නැතැයි පවසමින් විරෝධතාකරුවෝ නැවත ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් පමණක් අවහිර කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ යෙදුණහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ දුප්පතුන් අහිංසක වතුකම්කරුවන් ඇතුළු කම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇති මෙම කම්කරු කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙන යෑමෙන් කිලෝමීටර සිය ගණන් දුරක ගොස් සේවා ලබාගැනීමට සිදුවීම අසාධාරණ බවත්, මේ ගැන රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේද අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු කීහ.
කම්කරු කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට පසුගිය රජය සමයේදී රත්නපුර නගරයේ මුල්ගලක් ද තබා තිබියදී එය නගරයෙන් පිටතට ගෙන යෑම වහාම නතර කරන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
රත්නපුර මහ නගර සභාව, රත්නපුර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්ද විරෝධතාවට සහභාගී වූහ.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාමට විරෝධය